ප්‍රකාශන

ප්‍රකාශන 

    සුන්දර දෙයෙහි අදාළත්වය: කලාව කෙළිය, සංකේතය සහ මේලාව ලෙසට.

Art as Play, Symbol and Festival
ජර්මානු දාර්ශනික හාන්ස් ජෝර්ජ් ගැඩමර් ගේ සුප්‍රකට The Relevance of the Beautiful: Art as Play, Symbol and Festival නමැති රචනාවේ සම්පූර්ණ සිංහල පරිවර්තනය. ගැඩමර්ගේ දාර්ශනික අර්ථවිවරණවේදය පිළිබද දීර්ඝ හැඳින්වීමක්ද සහිතයි.

පරිවර්තනය – දිමුතු සමන් වෙත්තසිංහ

විසිවන සියවසේ දර්ශනවාදයේ ප්‍රමුඛතම පුද්ගලයෙක් මෙන්ම මහජන දාර්ශනිකයා (Public Philosopher) වශයෙන් හදුන්වනු ලැබූ හාන්ස් ජෝර්ජ් ගැඩමර් ගේ The Relevance of the Beautiful: art as Play, Symbol and Festival යන කලාව පිළිබඳ වූ විශිෂ්ඨ දාර්ශනික කෘතිය “සුන්දර දෙයෙහි අදාළත්වය” වශයෙන් කතිකා අධ්‍යයන කවය විසින් සිංහල භාෂාවට පරිවර්තනය කර ප්‍රකාශයට පත් කර ඇත.

විසිවන සියවසේ දෙවන භාගයේ දාර්ශනික විවාදයන් හි ප්‍රධාන තැනට පත්ව ඇති සහ “භාෂාමය නැම්ම” යනුවෙන් හදුන්වන තැනට පත්ව ඇති බුද්ධමය ධාරාවන් වන යුගර්න් හබර්මාස් ගේ විවේචක න්‍යාය (critical thoery) ෂාක් ඩෙරීඩාගේ විසංයෝජනය (deconstruction) සහ හාන්ස් ජෝර්ජ් ගැඩමර්ගේ අර්ථකථනවේදය (hermeneutics) අතරින් ගැඩමර්ගේ දාර්ශනික අර්ථකථනවේදය හා ඩෙරීඩාගේ විසංයෝජනය මත විවාදයට පාත්‍ර වූ ජර්මන් දාර්ශනික හෛඩැගර්ගේ බලපෑම ප්‍රකටය. හෛඩැගර්ගේ ශිෂ්‍යයෙකුද වන ගැඩමර් 1960 දී පළකළ “සත්‍ය සහ ක්‍රමය” (Truth and Method) කෘතියෙන් නූතනත්වය යටතේ සමාජ සංස්කෘතික තලයන් තුළ අධිපතිභාවයට පත් වෙමින් තිබෙන අදහසක් වන සත්‍යය ස්ථාපිත කිරීමේ එකම මාර්ගය විද්‍යාත්මක ක්‍රම යොදා ගැනිමය යන අදහසට අභියෝග කළේය. ඔහු විෂය මූලිකත්වය පිළිබඳ විද්‍යාත්මක පරමාදර්ශය ප්‍රශ්න කළේ සංස්කෘතික සම්ප්‍රදාය සහ පූර්ව වැටහීම් කවර හෝ යථාර්ථ සංජානනයක් පිළිබඳව අපක්ෂපාතී අර්ථකථනයක් කිරීම අසමත් කරන බව දක්වමිනි. එසේ වුවත් සිදුවෙමින් පවතින දේ අප හදුනාගන්නා තාක්කල් භාෂාව අපට පිරිනමන අර්ථකථනීය සංවාදයේ යෙදීම අපට පටන් ගතහැකි අතර අපගේම ආරම්භක ස්ථාවරයේ සීමා එමගින් අතික්‍රමණය කර අපම ගැන සහ අනෙක් අය ගැන සාරවත් වැටහමක් කරා ගමන් කළහැකිය. පඨිතයන්ගේ අර්ථයත් ඒවා වටහා ගැනීමත් පිළිබඳව අධ්‍යයනයේ දී ඔහුගේ කෘතිය මහත් බලපෑමක් කර ඇත.

කලාව පිළිබඳ ගැඩමර්ගේ මෙම කෘතිය ඔහුගේ ප්‍රධාන කෘතියෙහි සාකච්ඡා කරන කලාව පිළිබඳ සංකල්පය තවදුරටත් වැඩි දියුණු කිරීමකි. කලාව පිළිබඳ අත්දැකීම දර්ශනය සමග සම්බන්ධ කිරීම සමකාලීන චින්තනයේ ඉතා වැදගත් කටයුත්තක් ලෙස ඔහු සැලකීය. ගැඩමර් කීමට කැමති පරිදි කලාව අප මත අයිතිවාසිකම් කියාපෑමක් කරයි. කලා කෘති අත්දැකීමේ ක්‍රියාවලියේ දී විපර්යාසයට ලක්වීමෙන් තොරව අපට සටිය නොහැකි බව ඔහු පවසයි. කලාව වටහාගැනීම තමන් කවුදැයි හොදින් වටහාගන්නට සහ පිළිගන්නට මානවයන්ට පිහිට වෙයි. කර්තෘ ඔහුගේ අරමුණු වස්තුවට එරෙහි ඉහළින් පිහිටුවන ද්විධාකරණ සිතීම ජයගන්නට එවිට දර්ශනවාදයට හැකි වන බව ගැඩමර් දක්වයි. මෙම සිංහල පරිවර්තනයට ගැඩමර්ගේ අර්ථකථනවේදය පිළිබද සංස්කාරකවරුන් ඉදිරිපත් කරන දීර්ඝ හැදින්වීමක් ද ඇතුලත්ය.

පිටපත් ලබාගැනීමට රු. 150 ක මුදල් ඇණවුමක් ජේ.එම්.සී.ඩී. කුමාර නමට බොරැල්ල තැපැල් හලින් මාරු කර ගත හැකි වන පරිදි පහත ලිපිනයට එවන්න. තැපැල් ගාස්තුව නොමිලේ.

කතිකා අධ්‍යයන කවය,
171/30, සරණපාල හිමි මාවත,
කොළඹ 08.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>