සංවාද

කතිකා අධ්‍යයන කවය

අප මෙම ලිපිය ලියන අවස්ථාව වනවිට යුද්ධය අවසන් වී නොතිබුණි. යුද්ධයෙන් පසු තත්ත්වය සැලකිල්ලට ගන්නේ නම්, මෙහි එන ඇතැම් අදහස් වෙනස් අයුරකින් ලියැවෙන්නට ඉඩ තිබුණි.

2005 ජනාධිපතිවරණය ආසන්නයේ “කතිකා” අධ්‍යයන කවය නිකුත් කළ ප්‍රකාශයක එම මැතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තනය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අපි, මෙම සටන හුදු කතිකාවන් දෙකක් අතර පමණක් නොව, ජීවන ආකාරයන් දෙකක් අතරද, ඒනිසා එම කතිකාවන් මත පදනම් වූ විශ්වාස පද්ධතීන් දෙකක් අතර ද සටනක් වන්නේ යැයි කියා සිටියෙමු.

Continue reading

Posted in සංවාද | Tagged , , , , , , , , | Leave a comment

අවලෝකන

මාර්ටින් ‍හෛඩැගර්: දර්ශන‍යේ අවසානය – දිමුතු සමන් වෙත්තසිංහ

1

අප ගත කරන නූතන ජීවිතය මුහුණ පා සිටින ව්‍යාධීන් හමු‍‍‍වේ සම්පාදනය කෙරෙන සංකල්ප ගත කිරීම්, වි‍‍‍‍‍වේචන පිළිබඳ ‍කෙරෙන ප්‍රත්‍යාව‍‍ලෝකනයක් හු‍දෙක් ශාස්ත්‍රාලීය ශික්ෂණ මාර්ගයකට අනුබද්ධ වියුක්ත ව්‍යායාමයක්, එනම් ඊනියා සමාජීය විද්‍යාවන්ගේ සහ එහි වි‍‍‍ශේෂඥයන්ගේ කටයුත්තක් ‍නැතහොත් දෘෂ්ටිවාදීමය අරුතකින් දාර්ශනික ප්‍රවේශයක් වශ‍‍‍යෙන් නොසළකනතාක් දුරට ප්‍රායෝගික සහ දේශපාලන අරුතක් මතුකර ගතහැකි වැඩබිමක් බවට පත්කර ගත හැකි බව විශ්වාස කරමින් මෙම ලිපි පෙළ ඇරඹීමට කැමැත්තෙමි. Continue reading

Posted in අවලෝකන | Tagged , | Leave a comment

අනන්‍යතාව

නූතනත්වය සහ සංස්කෘතික අනන්‍යතාව:”සාප්පු සංකීර්ණයන්ගේ ලිහිල් සන්ධානය” ට විකල්පයක් තිබේ ද ? – රෝයි ටර්නර්

පරිවර්තනය: දිමුතු සමන් වෙත්තසිංහ

යුද්ධය අවසන් ය. නමුත් අනන්‍යතාව පිළිබඳ කතාබහ නූතනත්වය තුළ දිගටම පවතිනු ඇත.
කැනඩාව ප්‍රංශ සහ ඉංග්‍රීසි කතා කරන වශයෙන් වෙන්ව හඳුනා ගැනෙන ප්‍රධාන ජනකොටස් දෙකකින් සැදුණු ලෙස සළකමින් මෙම ජන දෙකොටස අතර සබඳතා ත්, කැනඩාවට හැම අතින්ම ඉමහත් බලපෑම් කරන බලවත් ඇමෙරිකාව කැනඩාවේ අසල්වැසියා වීමත් මතුකරන දේශපාලන ගැටළු හමුවේ කැනේඩියානු අනන්‍යතාව රැකගැනීම පිළිබඳ නිමානොවන විවාදයක් කැනේඩියානු සම‍ාජයේ පැවත විත් ඇත.

පහත පරිවර්තනයෙන් පළවන ලිපිය ලියන රෝයි ‍ටර්නර් ගේ මතය සංස්කෘතික අනන්‍යතාව පිළිබඳ කරුණ වටහා ගන්න‍ට නම් අප නූතනත්වය තේරුම් ගත යුතු බවයි. Continue reading

Posted in අනන්‍යතාව | Tagged , , | Leave a comment

සමාජ විචාර

ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවයෙන් සිංහල සංගීතය පිළිබඳ මතුවූ කතාබහ

ප්‍රේමසිරි කේමදාසයන්ගේ අභාවය සිංහල කියවන සමාජයේ අදහස් මහා ඕඝයක් මුදා හැරියේය. හැම කෙනෙකුටම පාහේ කියන්නට යමක් තිබුණා මෙනි. දැන් ඒ අදහස් පිළිබඳ විග්‍රහයක් කරන්නට සුදුසු කාලයයි. මෙම ලිපිය කේමදාසයන්ගේ සංගීතය පිළිබඳ ශාස්ත්‍රීය විග්‍රහයක් නොවේ. එය සංගීතඥවරියක් හෝ ගාන්ධර්වවේදි‍‍යකු විසින් තවමත් කළ යුතුව තිබෙන්නකි. අපගේ මෙම උත්සාහය කේමදාසයන්ගේ අභාවයත් සමග සිංහල සමාජයේ පළවුණු අදහස් සමුදායේ හරය වටහා ගන්නට සහ ඒ පිළිබඳ සමාජ විචාරයක් සම්පාදනය කරන්නටය.

ඡායාරූපය ‘රාවය‘ පුවත් පතිනි.
Continue reading

Posted in සමාජ විචාර | Tagged , , | 2 Comments

සිනමා

සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක්

සමකාලීන සිංහල සිනමාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපට (මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස) තුනක් නිර්මාණය කළ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන අධ්‍යක්ෂවරුන් තිදෙනාම එම චිත්‍රපට වලට පසුබිම කර ගත්තේ සිංහල ගමයි. එහෙයින් මෙම චිත්‍රපට සිංහල ගම පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති කළේය.

මෙම කතාබහට මුල් වූ අදහසක් වූයේ, ඇතමුන් කියන පරිදි යහපත් ගති පැවතුම් ඇති හැදියාවක් ඇති මිනිසුන් ගැහැණුන් වසනා සිංහල ගමක් ලංකාවේ නැති බව මේ චිත්‍රපට වලින් පෙන්වා දෙන බවයි. සිංහල ගම පිළිබඳ පවතින සම්ප්‍රදායික චිත්‍රය මිථ්‍යාවක් බවයි. මේ අදහස පිළිබඳ දීර්ඝ විග්‍රහයක් අපි මීට පෙර මේ මගේ සඳයි මුල් කරගෙන ඉරිපත් කර ඇත්තෙමු.

මෙම ලිපියේ අරමුණ මෙම නව පරපුරේ අධ්‍යක්ෂවරුන් තම මුල් චිත්‍රපටි සඳහා සිංහල ගම මුල් කරගන්නේ මන්ද යන්න පිළිබඳ කියැවීමක් ඉදිරිපත් කිරීමයි. Continue reading

Posted in සිනමාව | Tagged , , | 1 Comment

කාලීන

‘අප භාෂාවට ප්‍රබල සාහිත්‍යයක් ද නොමැතියි. අප රටට ප්‍රබල සංස්කෘතියක්ද නොමැතියි.’

මහාචාර්ය ආරිය රාජකරුණා ගේ පැමිණිල්ල

සිංහල භාෂාවේ අනාගතය අවිනිශ්චිතයි යන මැයෙන් මහාචාර්ය ආරිය රාජකරුණා ලියූ ලිපියක් 2009 ජූනි 07 වැනිදා රාවය පුවත් පතේ පළවී තිබුණි.

මහාචාර්ය රාජකරුණා දකින පරිදි, අධ්‍යාපනය ප්‍රයෝජ්‍යතාවාදී අරමුණුවලට යටවීමේ හේතුවෙන් ඉංග්‍රීසි බසට මුල් තැන ලැබී, ස්වභාෂා මාධ්‍යයෙන් ලබන අධ්‍යාපනය සමාජයේ ඉතා නොවැදගත් තත්ත්වයකට පත්ව තිබේ. විශ්ව විද්‍යාලවල සිංහල අංශ එහි අධ්‍යයන කටයුතු වලට පරිභාහිර විෂයයන් බද්ධ කිරීමෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය අධ්‍යයනයට තිබූ මුල් තැන ඊට අහිමි වී ඇත. විශ්ව විද්‍යාල තුළ සිංහල බස නැසීමේ මෙම ක්‍රියාවලිය ඇරඹුණේ සිංහල අධ්‍යයන අංශයට ජන සන්නිවේදනය ඈඳීමෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙනි. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ ප්‍රමුඛතා ද ප්‍රයෝජ්‍යතාවාදී අරමුණුවලට යටවීමේ හේතුවෙන් ඔවුන් පර්යේෂණ කරන්නේද සිංහල භාෂාව සහ සාහිත්‍යය‍ට පරිභාහිර විෂයයන් ගැනය. එනිසා සිංහල භාෂාව සහ සාහිත්‍යය‍ පිළ‍ිබඳ පර්යේෂණ අතිශයින් සීමාසහිත වෙයි. විශ්ව විද්‍යාලවල ශාස්ත්‍ර පීඨ සඳහා පශ්චාත් උපාධි ආයතන ද පිහිටුවා ද නැත. පැරණි සිංහල සාහිත්‍යය‍ මතු නොව නූතන සිංහල සාහිත්‍යය‍ කියවන පාඨක පිරිසක් ද තව දුර‍ටත් මෙරට නැත. මෙයට හේතුව අධ්‍යාපනයේ ඇතිවූ වෙනස්කම් ය. අද සරසවි සිසුහු පශ්චාත් උපාධි මට්ටමේදී පවා පොත් පත් නොකියවති. සමාජය, ප්‍රයෝජ්‍යතාවාදී නැඹුරුව හේතුවෙන්, පොත් පත් කියවීම අගය නොකිරීම එයට හේතුවයි.

Continue reading

Posted in කාලීන | Tagged , , , | Leave a comment

පොත-පත

විශ්ව විද්‍යාලයට ශිෂ්‍ය ප්‍රති ප්‍රහාරයක්! – ආචාර්යවරයෙකු විසිනි

Counter Punch Editor: Haresh Samarasinghe

June 2008 – පළමු සැසිවාරය

නොබැඳි ශිෂ්‍ය සංවිධානයේ ප්‍රකාශනයකි

කොළඔ විශ්ව විද්‍යාලය

පිටු 25

දෙවැනි සැසිවාරය - 2009 ජනවාරි – පෙබරවාරි

විකල්ප ශිෂ්‍ය සංවිධානයේ ප්‍රකාශනයකි පිටු 50

_____________________________________________________________

සියල්ලන්ටම ප්‍රාදුර්භූත වන්නේ කුමක්ද, අපි එයට ත්තාව යැයි කියමු.

- ඇරිස්ටෝටල්, නිකෝමකියානු ආචාර ධර්මය, 1172 b36ff

1

ඉංග්‍රීසියෙන් සිරස්තලය සහ සංස්කාරක නාමය යොදා තිබුණද, ලිපි සියල්ල සිංහලෙන් ලියැවුනු සඟරාවකි.

Counter Punch යන්න සිංහලෙන් ප්‍රති මුෂ්ටි ප්‍රහාරය යැයි කිවහැකිය. මෙම සඟරා කලාප දෙකෙහි අත් මිටි පහර විශ්ව විද්‍යාලයටය, වැඩිමනත්ම විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරයටය, ඊට අමතරව විශ්ව විද්‍යාල අධ්‍යාපනයට, ගුරුන්ට සහ සිසුන්ටය.

Continue reading

Posted in පොත පත | Tagged , , , , , , | Leave a comment

අර්ථ විවරණ

ඡායාරූපය මුකේෂ් පර්පියානි

අනුවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ

ගාන්ධි වූ කලී යටත් විජිත සමයේ ආසියාවෙන් බ‍ටහිර නූතනත්වයට එල්ල වූ බරපතලම අභියෝගය යැයි කිවහැකිය. එහෙයින් ගාන්ධි ගේ ප්‍රතිරූපය ලොව දේශපාලන ප්‍රචණ්ඩත්වය පවත්නා සියළු තන්හි ජනයාගේ පරිකල්පනය තුළ නැවත නැවතත් ජීවමාන වනු දැකිය හැකිය. ලංකාවේ ද ගාන්ධි පිළිබඳ උනන්දුවක් විශේෂයෙන්ම පසුගිය යුද සමයේ අවදි වනු දක්නට ලැබුණි. ඉන්දියාවේ නම් ගාන්ධි හැමදාමත් ජීවමානය. ඒ ගාන්ධි ප්‍රභූ පවුලේ අතින් නොගිලිහෙන ජාතික දේශපාලන නායකත්වය නිසා ම නොවේ. ගාන්ධි ගේ ප්‍රතිරූපය කොතරම් සරු අරුත් දනවන්නේදැයි කියතහොත් ගාන්ධි ඉන්දියාවේ නම් විවිධ දේශපාලන අපේක්ෂා තුළ විවිධ වෙසින් ජීවමාන වන බව අෂීස් නන්දි ගේ අර්ථ විවරණයයි. ඔහු එබඳු ගාන්ධිවරු හතර දෙනෙක් ජීවමාන බවට පත් කරන දේශපාලන අපේක්ෂාවන් ගැන අර්ථ විවරණයක් ඉදිරිපත් කරයි. අෂීස් නන්දි ගේ ගාන්ධි ලා හතර දෙනා අතර ඔබ ප්‍රිය කරන ගාන්ධි සිටීදැයි බලන්න.

මෙම ලිපිය මුල් වරට පළවූයේ ඉන්දියාවේ දිල්ලි නුවරින් ඉංග්‍රීසි බසින් පළ කෙ‍ෙරන The Little Magazine සඟරාවේ 2000 මැයි මස පළ කළ මුල්ම කලාපයේ ය.

පහත පළවන්නේ අෂීස් නන්දි ගේ මුල් ලිපියේ ඇතැම් තැනක සංක්ෂිප්ත කළ අනුවර්තනයකි.

Continue reading

Posted in අර්ථ විවරණ | Tagged , , | Leave a comment

ශාස්ත්‍රාලීය

භාෂාමය සංඥාවේ ස්වභාවය – ෆර්ඩිනැන්ඩ් ඩි සොසුයියෝ

මෙම විශේෂාංගය කැපවන්නේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විෂයයන් හදාරන විද්‍යර්ථීන්හට ප්‍රයොජනවත් විය හැකි මූලික ලිපි ලේඛන සමහරක් සිංහලෙන් ඉදිරිපත් කිරීමටය. අප මෙහි පළමු ලිපිය වශයෙන් ෆර්ඩ්නැන්ඩ් ඩි සොසුයියෝ ගේ ව්‍යුහවාදය පිළිබඳ මූලික අදහස් කැටිකොට ගත් භාෂාමය සංඥාවේ ස්වභාවය නම් ලිපියේ, සංක්ෂිප්ත කළ, අනුවාදයක් ඉදිරිපත් කරන්නේ කිසියම් සුවිශේෂ හේතුවක් නිසා නොවේ. අපි ව්‍යුහවාදීන් ද නොවෙමු. ශාස්ත්‍රාලීය අධ්‍යයන ක‍ටයුතු සඳහා යොදාගැනීමේ හේතුවෙන් මෙම පිටපත දැනටමත් අප අත තිබුණි. රෝලන්ඩ් බාත, ලෙවි සට්‍රාවුස්, ලකාන් යනාදී ශාස්ත්‍රඥයන් ව්‍යුහවාදයට පිවිසෙන්නේ සොසුයියෝ ගේ ව්‍යුහවාදී වාග්විද්‍යාව තුළිනි. Continue reading

Posted in Uncategorized | Tagged , , , | Leave a comment

මූලකෘති

ආචාර ධර්මය – ඇරිස්ටෝ‍ටල්

- දෙවැනි පොත

ඇරිස්ටෝ‍ටල් ගේ ආචාර ධර්මය කෘතිය ලි‍යැවී ඇත්තේ චරිතයේ සද්ගුණය පිළිබඳ ය. බුද්ධිමය සද්ගුණය මෙන් නොව සදාචාරාත්මක සද්ගුණය සැකසෙනුයේ පුරුද්ද මගිනි. අපේ යහ ගුණයන් අපට ලැබෙන්නේ ඒවා නිරතුරුව ප්‍රගුණ කිරීමෙනි. මේ හා සමානවම නරක ගතිගුණ අපට ලැබෙන්නේ නරක ගතිගුණ නිතර ප්‍රගුණ කිරීමෙනි. යහපත් පුරුදු අපතුළ යහගුණ වගා කරන අතර යහගුණ වගා කර ගත් විට යහපත් පුරුදු වල නිරත වීම පහසු වෙයි. මිනිසකුගේ සදාචාරාත්මක සද්ගුණය හෝ විශිෂ්ටත්වය ඔහු හොඳ මිනිසකු බවට පත් කරන්නේය, ඔහුගේ ම කාර්යය හොඳින් කිරීමට ඔහුට හේතුකාරක වන චරිතාංගලක්ෂණයක් වන්නේය. සදාචාරාත්මක ගුණයන් අඩුපාඩු අතින් හෝ බාහුල්‍යය අතින් හෝ අන්තයට ගිය විට ඒවා වැනසෙයි. අධිකත්වය සහ හිඟය සාර්ථකත්වය වනසන අතර මධ්‍යස්ථය එය ආරක්ෂා කරයි. සදාචාරාත්මක සද්ගුණයේ ඉලක්කය වන්නේ මධ්‍යස්ථය යි. සදාචාරාත්මක සද්ගුණය හෝ විශිෂ්ටත්වය, තේරීම හා සම්බන්ධ අංගලක්ෂණයකි. එය සමන්විත වන්නේ, ප්‍රායෝගික ප්‍රඥාවෙන් යුත්තෙකු එය තීරණය කිරීමට භාවිතා කරනු ඇති, අපට සාපේක්ෂ, මධ්‍යයනය පිළිපැදීමෙහි ය. එය මධ්‍යයනයක් වනුයේ අසද්ගුණ දෙකක අනුසාරයෙනි: එකක්, අධිකත්වයේ හා අනෙක හිඟ බවේත් ය. සද්ගුණය මධ්‍යයනය සොයා එය ම තෝරා ගන්නේ ය. නමුත්, යහපත් බව හා විශිෂ්ටත්වය සම්බන්ධයෙන් එය සීමාන්තයකි.

අප පහත පරිවර්තනයෙන් ඉදිරිපත් කරන්නේ ආචාර ධර්මය කෘතියේ දෙවැනි පොතෙන් උපුටා ගත් කොටස් කිහිපයකි.

Continue reading

Posted in මූලකෘති | Tagged , | Leave a comment