From April, 2009

විලාසිතා

“කාන්තාවෙනි, මේ රැල්ලට ඔබත් හසුවුණාද? හසුවෙනවද?” අපි කලකට පෙර කාන්තා විලාසිතා පිළිබඳ කැළණිය විශ්ව විද්‍යාල භූමියේ ප්‍රදර්ශණය කෙරුණු “ගොන් පාට් දැන් ඇති” යන මැයෙන් යුතූ පෝස්ටරයක් පිළිබඳ විග්‍රහයක් “විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය” යන මාතෘකාව යටතේ පළ කළෙමු. පහත පළවන්නේ මෑත කාලයේදී කොළඹ විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍ර පීඨ භූමියේ ප්‍රදර්ශණය කෙරුණු පෝස්ටරයකි. අපි මෙය ඔබගේ අවධානය සඳහා සහ වාර්තා කොට තැබීම සඳහා අපගේ අදහස් දැක්වීමකින් තොරව ඉදිරිපත් කරමු. මේ පිළිබඳ ඔබගේ අදහස් සඳහා ‘කතිකා’ අවකාශය විවෘතව පවතී. මෙම චිත්‍ර සටහනට ඔබේ මූසිකය දෙවරක් ටික් ගෑමෙන් ඔබට මෙම චිත්‍ර සටහන විශාල කොට බැලීමට හැකිවනු ඇත.