විලාසිතා

“කාන්තාවෙනි, මේ රැල්ලට ඔබත් හසුවුණාද? හසුවෙනවද?”

අපි කලකට පෙර කාන්තා විලාසිතා පිළිබඳ කැළණිය විශ්ව විද්‍යාල භූමියේ ප්‍රදර්ශණය කෙරුණු “ගොන් පාට් දැන් ඇති” යන මැයෙන් යුතූ පෝස්ටරයක් පිළිබඳ විග්‍රහයක් “විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය” යන මාතෘකාව යටතේ පළ කළෙමු.

පහත පළවන්නේ මෑත කාලයේදී කොළඹ විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍ර පීඨ භූමියේ ප්‍රදර්ශණය කෙරුණු පෝස්ටරයකි. අපි මෙය ඔබගේ අවධානය සඳහා සහ වාර්තා කොට තැබීම සඳහා අපගේ අදහස් දැක්වීමකින් තොරව ඉදිරිපත් කරමු.

මේ පිළිබඳ ඔබගේ අදහස් සඳහා ‘කතිකා’ අවකාශය විවෘතව පවතී.

මෙම චිත්‍ර සටහනට ඔබේ මූසිකය දෙවරක් ටික් ගෑමෙන් ඔබට මෙම චිත්‍ර සටහන විශාල කොට බැලීමට හැකිවනු ඇත.

vilasitha2

Comments

  1. මේ මේ රට මෙහෙයවන චින්තනයයි. මෙතෙක් කල් පැත්තකට කොට සිටි මෙම මූලධර්මවාදීන් දැන් එළිපිටටම ඇවිත තිබේ. කාන්තාව මූලික කරගත් සදාචාරය හදුන්වා දී කාන්තාව scape goat කිරීමට මොවුන් උත්සාහ දරති. මේ මූලධර්මවාදී සමාජයක මුල් පියවරයි. තව ටික දවසකින් රෙද්ද බැනියම අදින්නට හා අමුඩය ඇදීමට බල කරනු නියතයි. හැබැයි ලංකාවේ මේ මූලධර්මවාදයේ මහමොළකාරයාගේ ළමයි ටික ‍නම් ජාතික චින්තනය හරහා මේ වෙද්දිත් රට පටවලා ඉවරයි.

  2. මෙ‍ාකක් මේ යක්කු කියවන්නේ? බුදුන් කවදාද යන්ත්‍ර මන්තු කතාවක් කිව්වේ? මොන සුත්‍රයේද? මේ ජාතකයන්ට ජාති ජාති කර්ම පල දෙච්චාවේ. ඇෆ්ගනිස්තානය මීට වඩා හොදා එහේ කාන්තාවෝත් තව තව නිදහස් වෙද්දී.

    කතාවේ ඇත්තක් තිබ්බට ඔය තරං මානසික ආනතියක් තියෙනවාද මන්දා! ඇදුමට වඩා කරන්න දේවල් මේ අයට කල්පනා වෙන්නේ නැතිවද? ලෝක ශුර විද්‍යාඥකම ලැබිලා තියෙන්නේ මේකටද? අපේ පිරිමිගේ දුර්වලකම් දඩයම්මා කරගෙන, ගෑණුන්ගේ යටත් පහත් බව කරලා ගෙන කරන වැඩ!

    විලි ලැජ්ජාවක් නැති මේ අය ගැන ලැජ්ජයි!

  3. සමහරක් ඇත්ත සමහරක් නම් ඉතින් ගැල පෙන්නෙ නැති තර්ක වගේ හැබැයි කියන්න හදන දේ ඇත්තක් තියෙනව, මේ පෝස්ටරය ගැහුවා කියන්නේ එහෙම හිතන්න පුළුවන් අය ඉන්නවා වැරදියට හරි හරි දෙයක් ගැන හිතන්න පුළුවන් නම් ඒක වැදගත්,

  4. මේ පෝස්ටරයෙන් ස්ත්‍රීන් ව යටත් කරන සෙයක් හැඟේ.

    පිරිමින්ගේ සිත් සාදනු වෙනුවට ගැහැණුන්ගේ ඇඳුම් සාදන්නට යන්නේ ඇයි?

    පිරිමින්ගේ ඇඳුම්වල වෙනස පෙනුණේ නැද්ද?

    තමන් කැමති ඇඳුමක් තමන්ට අඳින්න බැරි ද?

    අතීතයේ ඇඳුම් පැළඳුම් ද, බොහෝ සෙයින් සිරුර පෙනෙන අයුරින් සැකසුණු ඒවා නොවන්නේ ද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s