ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50

යුලිසීස් මයිකල් ග්‍රෝඩෙන්

Globe and Mail
පෙබරවාරි 23, 2008

යුලිසීස් එහි චරිත පිළිබඳ දිශානතිමය පසුබිම් තොරතුරු අත්හරියි, එනමුත් ඔවුන්ගේ පුද්ගලික සිතුවිලි, පෙනෙන ලෙසට නම්, සංස්කරණය නොකොට අනාවෘත කරයි. එහි කොටස් කවර හෝ හුරු අයුරකින් එකිනෙකට සම්බන්ධ නොවේ, තවද ජොයිස්ගේ ශිල්ප ක්‍රම පුන පුනා වෙනස් වෙයි. පෙරාතුව නැඟූ විවාදපන්න මාතෘකා, අවසානයේදී නොවිසඳී පවතී. වීරචාරිකාව (The Odyssey), හැම්ලට්, Don Giovanni, ප්ලේටෝ, ඇරිස්ටෝටල් සහ කතෝලික දේවධර්මය පිළිබඳ කෙරෙන සවිස්තර සමුද්දේශ; ලතින්, ඉතාලි සහ හීබ්‍රෑ අපර්වර්තිත පාඨ; පුවත් පත් කාර්යාලයක සකස් කෙරුණු කොටසක් තනන තද කළු, ලොකු අකුරින් වූ සිරස්තල පුවත්පතකට සමාන ය; පෙනෙන පරිදි කෙළවරක් නැති උපහාසය දනවන ලැයිස්තු (“පැට්රික් ඩබ්ලිවු. ෂේක්ස්පියර්” සහ “බ්‍රයන් කොන්ෆියුෂියස්” සහ “පුරාතනයේ අයර්ලන්ත ජාතික වීරයන් සහ වීරවරියන්”) සහ කාව්‍යමය ලේඛනය සහ කර්කශ නව යොවුන් හාස්‍යය, පඩ විහිළු පවා අතර දඩබ්බර පැද්දීම් යුලිසීස්හි අඩංගු වෙයි. ප්‍රකීර්ණ සමුච්චයක් තමන් මෙම දුෂ්කරතා ජයගන්නා පාඨකයන් වෙනුවෙන් අපරිමිත තිලිණ සූදානම් ව සිටියි. පුදුමයට පත්කරන තරම් සරල කතන්දරය, 1904 ජූනි 16 වැනි දින, ඩබ්ලින් වැසියන් තිදෙනෙකු – 38 – හැවිරිදි වෙළෙඳ ප්‍රචාරක කටයුතු කරන්නා ලියෝපෝල්ඩ් බ්ලූම්, ඔහුගේ 33 – වියැති ගායිකා – බිරිඳ මොලී, සහ 22 – හැවිරිදි විය-හැකි කවියා, ස්ටීවන් ඩේඩාලස්, සම්බන්ධ කර ගනියි. මොලී ඇගේ ප්‍රසංග කළමනාකරු බ්ලේසස් බෝයිලාන් සමග පෙම් කෙළියෙහි යෙදෙනු ඇතැයි බ්ලූම් දැඩිව සැකකරනු, සහ තම බිළිඳු පුත් අවුරුදු 10 කට පෙර මිය ගිය බ්ලූම්, සිය මත්ලෝලී පියාගන් විසම්බන්ධ වූ ස්ටීවන් පසුපස ගොස් ඔහු බේරාගනු හැරුනු විට එය “විය හැකි දෛනිකම දිනය” යි (ආර්නල්ඩ් බෙනට් ගේ යෙදුම). තුනී ආඛ්‍යානය නූතන ජීවිතය පිළිබඳ අසාමාන්‍ය චිත්‍රයක් තහවුරු කරයි. එය භාෂාවේ ප්‍රකාශක භව්‍යතා බොහෝ ඵල දරන ලෙසින් උපයෝජනය කරන එකකි. ස්ටීවන් බාගවිට තරුණ ජොයිස් කෙනෙකි, නැතහොත් බාගවිට අසාර්ථක වීමට නියම වූ පූර්ව-ප්‍රවීඥයෙකි. ඔහුගේ හිස දැනුමෙන් පිරී, ඔහු පොතෙහි බුද්ධිමය බියවැද්දීමෙන් බොහෝ ප්‍රමාණයක් සපයයි. ආරම්භයට ආසන්නයේ දී සැකෙවින් සහ ඉන් අනතුරුව ඇගේ නිමා කෙරෙන විරාම ලකුණු රහිත ඒකපාත්‍ර භාෂණයේදී සම්පූර්ණයෙන්ම පෙනී සිටින මොලී, ඇගේ කාම තෘෂ්ණාවන්හි සහ ලාලසාවන්හි නිමග්නව ජීවත්වන්නීය. ඇය, වරදකාරීත්වය පිළිබඳ හැඟීමෙන් තොර පරදාර සේවනීය ලිංගික ක්‍රියාවෙහි යෙදෙන සවස්භාගයක ආස්වාදය විඳින්නීය, තවද ඒ පිළිබඳ කියන්නටද ඉන් රැකෙයි. ආදරණීය කිළුටු ඩබ්ලිනය අවුල් වූ නිවහනක් සහිත පවුල්කාරයෙකු සහ අතිබහුතරයක් කතෝලික වන ඩබ්ලින් හි යුදෙව්වෙකු වන ලියෝපෝල්ඩ් බ්ලූම්, තම ජන්ම පුරවරයේ පංගුවක් සහ එයින් දුරස්ථ වූවෙක් ද, සමත් සහ විචක්ෂණ පිටස්තරයෙක්, ද යන දෙකම වන්නේය. ඔහු තාක්ෂණික සහ වාණිජමය ඩබ්ලින් හි ට්‍රෑම් රථ, දුරකථන, යතුරු ලියන, තරක්කුරු පුවත්පත්, පෝස්ටර් සහ වෙළෙඳ දැන්වීම් මැදින් දක්ෂ ලෙස සරයි. ඔහු සාහිත්‍යය සහ නිසරු නවකථා සහ සඟරාත්, ගීත නාටකය සහ ජනප්‍රිය ගීතත්, ඉහළ පෙළේ වෙළෙඳ සැල්, බාල වෙළෙඳ දැන්වීම් යන දෙකම ආස්වාදය කරයි. තම පුරවැසි සගයන් මෙන් නොව, ඔහු භාවාතිශය දේශප්‍රේමය සහ අනෙකුත් භයානක ප්‍රලෝහනයන්ට විශේෂයෙන්ම මත්පැනට, ප්‍රතිරෝධය දක්වයි. බ්ලූම් බොහෝ දේ අපර්පූර්ණ ලෙස දකියි. මිනිසුන් කෙළින් අතට වළදැමීමෙන් නගරය ඉඩකඩ ඉතුරු කර නොගන්නේ මන්දැයි කල්පනා කරයි, මොලී ගේ දෙපා ළඟ තම හිස නමාගෙන නිදයි, සුළු කලකිරීම් සහ දඬුවම සඳහා ආශාවක් රස විඳියි. ඔහු කතා කරන විට විසන්ධාන සහ රසසුන් වන ඔහු තමා අවට සංවේදනයන්ට අසාමාන්‍ය ලෙස අනුකූලතාව දක්වන, විපුල සහ උද්දීප්ත ඇතුළාන්ත ජීවිතයක් ගෙවයි. සහානුභූති සහ අනුවේදනීය වන ඔහු තම බළලාට සහ තම යුදෙවුවිරෝධී එදිරිවාදීන්ට පවා ලෝකය පෙනෙන්නේ කෙසේදැයි, පරිකල්පනය කරයි. බ්ලුම් නම් වූ ඓශ්චර්යය බ්ලුම් ඇදහිය නොහැකි ලෙස නම්‍යශීලීය. ඔහු දවසේ ඇනුම්පද, අවඥා වලින් තැළුමට ලක් වුව පවා, ඒවායින් පොළා පනියි, තවද මොලීගේ මිථ්‍යාචාරයෙන් නොබිඳී සිටියි. අන්තිමේදී ඇ‍‍ඳේ ඇය පසෙකින් ගෙදර සිටියදී ඔහු “ඇගේ තට්ටමේ තර ඉදුනු කහපැහැති දුඟදැති කොමඩු” සිප ගනිත්ම ඔහු ඇගේ අතපතා එන්නවුන් මනෝමයව වනසා දමයි. ඇය ටිකින් ටික බෝයිලාන් අමතක කරත්ම සහ ඇය අවුරුදු 16 කට පෙර බ්ලුම්ගෙන් උපායෙන් පොළඹවාගත් විවාහ යෝජනාව – “ඔහුගේ හදවත වියරුවෙන් මෙන් ගැහෙමින් තිබුණා, ඉතින් මම කියුවා ඔව්, මම කරන්නම් ඔවු” – සිහිපත් කරත්ම ඔහු මොලීගේ සිතැතුළ ඇති ඇගේ අතපතා එන්නවුන් ද වනසා දමයි. මෙම “ඔවු” යන්න අතීතයේ අගුල්දමා තිබේද, නැතහොත් වර්තමානය සහ අනාගතය පිළිබඳ ප්‍රතිඥාවක් ද? අපට නිසැක විය නොහැකිය: ඉන් පසුව කියැවෙන වචනයක් නැත. ලියොපෝල්ඩ් පවා අවිනිශ්චිතතාව තුළ දිවි ගෙවයි, නමුත් අතීතය සහ අනාගතය, තමා අසළ වැතිරී සිටින ගැහැණිය සහ තමාවමත් අන්තිමේදී අවිඥෙයය යන්නෙන් සිත කරදරයට පත්නොවී. යුලිසීස්හි විජෘම්භනය කෙරෙන සියළු වියත්කම සහ ඩබ්ලින් හි රහස්, සහ එහි ආඛ්‍යාතමය ප්‍රයෝග සහ දිශානතිහරණයන්, තම දවසේ දීර්ඝ වීර චාරිකාවට පසු ගිමන් හරින, මෙම සාමාන්‍ය අසාමාන්‍ය චරිතය සමීපයෙහි නිෂ්ප්‍රභවෙයි. මයිකල් ග්‍රෝඩෙන් වෙස්ටර්න් ඕන්ටේරියෝ විශ්ව විද්‍යාලයයේ ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශිෂ්ට විශ්ව විද්‍යාල මහාචාර්යවරයා ය, “Ulysses in Progress” හි කතුවරයා සහ ජේම්ස් ජොයිස් ලේඛනාගාරයේ ප්‍රධාන සංස්කාරකවරයා ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s