From August, 2009

ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50

යුලිසීස් මයිකල් ග්‍රෝඩෙන් Globe and Mail පෙබරවාරි 23, 2008 යුලිසීස් එහි චරිත පිළිබඳ දිශානතිමය පසුබිම් තොරතුරු අත්හරියි, එනමුත් ඔවුන්ගේ පුද්ගලික සිතුවිලි, පෙනෙන ලෙසට නම්, සංස්කරණය නොකොට අනාවෘත කරයි. එහි කොටස් කවර හෝ හුරු අයුරකින් එකිනෙකට සම්බන්ධ නොවේ, තවද ජොයිස්ගේ ශිල්ප ක්‍රම පුන පුනා වෙනස් වෙයි. පෙරාතුව නැඟූ විවාදපන්න මාතෘකා, අවසානයේදී නොවිසඳී පවතී. වීරචාරිකාව (The Odyssey), හැම්ලට්, Don Giovanni, ප්ලේටෝ, ඇරිස්ටෝටල් සහ කතෝලික දේවධර්මය පිළිබඳ කෙරෙන සවිස්තර සමුද්දේශ; ලතින්, ඉතාලි සහ හීබ්‍රෑ අපර්වර්තිත පාඨ; පුවත් පත් කාර්යාලයක සකස් කෙරුණු කොටසක් තනන තද කළු, ලොකු අකුරින් වූ සිරස්තල පුවත්පතකට සමාන ය; පෙනෙන පරිදි කෙළවරක් නැති උපහාසය දනවන ලැයිස්තු (“පැට්රික් ඩබ්ලිවු. ෂේක්ස්පියර්” සහ…

මූලකෘති – ඇරිස්ටෝ‍ටල් ගේ ආචාර ධර්මය

ආචාර ධර්මය – ඇරිස්ටෝ‍ටල් – දෙවැනි පොත ඇරිස්ටෝ‍ටල් ගේ ආචාර ධර්මය කෘතිය ලි‍යැවී ඇත්තේ චරිතයේ සද්ගුණය පිළිබඳ ය. බුද්ධිමය සද්ගුණය මෙන් නොව සදාචාරාත්මක සද්ගුණය සැකසෙනුයේ පුරුද්ද මගිනි. අපේ යහ ගුණයන් අපට ලැබෙන්නේ ඒවා නිරතුරුව ප්‍රගුණ කිරීමෙනි. මේ හා සමානවම නරක ගතිගුණ අපට ලැබෙන්නේ නරක ගතිගුණ නිතර ප්‍රගුණ කිරීමෙනි. යහපත් පුරුදු අපතුළ යහගුණ වගා කරන අතර යහගුණ වගා කර ගත් විට යහපත් පුරුදු වල නිරත වීම පහසු වෙයි. මිනිසකුගේ සදාචාරාත්මක සද්ගුණය හෝ විශිෂ්ටත්වය ඔහු හොඳ මිනිසකු බවට පත් කරන්නේය, ඔහුගේ ම කාර්යය හොඳින් කිරීමට ඔහුට හේතුකාරක වන චරිතාංගලක්ෂණයක් වන්නේය. සදාචාරාත්මක ගුණයන් අඩුපාඩු අතින් හෝ බාහුල්‍යය අතින් හෝ අන්තයට ගිය විට ඒවා…

භාෂාමය සංඥාවේ ස්වභාවය – ෆර්ඩිනැන්ඩ් ඩි සොසුයියෝ

භාෂාමය සංඥාවේ ස්වභාවය – ෆර්ඩිනැන්ඩ් ඩි සොසුයියෝ මෙම විශේෂාංගය කැපවන්නේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා විෂයයන් හදාරන විද්‍යර්ථීන්හට ප්‍රයොජනවත් විය හැකි මූලික ලිපි ලේඛන සමහරක් සිංහලෙන් ඉදිරිපත් කිරීමටය. අප මෙහි පළමු ලිපිය වශයෙන් ෆර්ඩ්නැන්ඩ් ඩි සොසුයියෝ ගේ ව්‍යුහවාදය පිළිබඳ මූලික අදහස් කැටිකොට ගත් “භාෂාමය සංඥාවේ ස්වභාවය” නම් ලිපියේ, සංක්ෂිප්ත කළ, අනුවාදයක් ඉදිරිපත් කරන්නේ කිසියම් සුවිශේෂ හේතුවක් නිසා නොවේ. අපි ව්‍යුහවාදීන් ද නොවෙමු. ශාස්ත්‍රාලීය අධ්‍යයන ක‍ටයුතු සඳහා යොදාගැනීමේ හේතුවෙන් මෙම පිටපත දැනටමත් අප අත තිබුණි. රෝලන්ඩ් බාත, ලෙවි සට්‍රාවුස්, ලකාන් යනාදී ශාස්ත්‍රඥයන් ව්‍යුහවාදයට පිවිසෙන්නේ සොසුයියෝ ගේ ව්‍යුහවාදී වාග්විද්‍යාව තුළිනි. 1916 ෆර්ඩිනැන්ඩ් ඩි සොසුයියෝ සංක්ෂිප්ත සිංහල අනුවර්තනය: ‘කතිකා’ අධ්‍යයන කවය 1. භාෂාව,…

ගාන්ධි පසුපස ගාන්ධි

ඡායාරූපය මුකේෂ් පර්පියානි අනුවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ ගාන්ධි වූ කලී යටත් විජිත සමයේ ආසියාවෙන් බ‍ටහිර නූතනත්වයට එල්ල වූ බරපතලම අභියෝගය යැයි කිවහැකිය. එහෙයින් ගාන්ධි ගේ ප්‍රතිරූපය ලොව දේශපාලන ප්‍රචණ්ඩත්වය පවත්නා සියළු තන්හි ජනයාගේ පරිකල්පනය තුළ නැවත නැවතත් ජීවමාන වනු දැකිය හැකිය. ලංකාවේ ද ගාන්ධි පිළිබඳ උනන්දුවක් විශේෂයෙන්ම පසුගිය යුද සමයේ අවදි වනු දක්නට ලැබුණි. ඉන්දියාවේ නම් ගාන්ධි හැමදාමත් ජීවමානය. ඒ ගාන්ධි ප්‍රභූ පවුලේ අතින් නොගිලිහෙන ජාතික දේශපාලන නායකත්වය නිසා ම නොවේ. ගාන්ධි ගේ ප්‍රතිරූපය කොතරම් සරු අරුත් දනවන්නේදැයි කියතහොත් ගාන්ධි ඉන්දියාවේ නම් විවිධ දේශපාලන අපේක්ෂා තුළ විවිධ වෙසින් ජීවමාන වන බව අෂීස් නන්දි ගේ අර්ථ විවරණයයි. ඔහු එබඳු ගාන්ධිවරු හතර…

අප භාෂාවට ප්‍රබල සාහිත්‍යයක් ද නොමැතියි. අප රටට ප්‍රබල සංස්කෘතියක්ද නොමැතියි

‘අප භාෂාවට ප්‍රබල සාහිත්‍යයක් ද නොමැතියි. අප රටට ප්‍රබල සංස්කෘතියක්ද නොමැතියි.’ මහාචාර්ය ආරිය රාජකරුණා ගේ පැමිණිල්ල “සිංහල භාෂාවේ අනාගතය අවිනිශ්චිතයි” යන මැයෙන් මහාචාර්ය ආරිය රාජකරුණා ලියූ ලිපියක් 2009 ජූනි 07 වැනිදා රාවය පුවත් පතේ පළවී තිබුණි. මහාචාර්ය රාජකරුණා දකින පරිදි, අධ්‍යාපනය ප්‍රයෝජ්‍යතාවාදී අරමුණුවලට යටවීමේ හේතුවෙන් ඉංග්‍රීසි බසට මුල් තැන ලැබී, ස්වභාෂා මාධ්‍යයෙන් ලබන අධ්‍යාපනය සමාජයේ ඉතා නොවැදගත් තත්ත්වයකට පත්ව තිබේ. විශ්ව විද්‍යාලවල සිංහල අංශ එහි අධ්‍යයන කටයුතු වලට පරිභාහිර විෂයයන් බද්ධ කිරීමෙන් සිංහල භාෂාව සහ සාහිත්‍යය අධ්‍යයනයට තිබූ මුල් තැන ඊට අහිමි වී ඇත. විශ්ව විද්‍යාල තුළ සිංහල බස නැසීමේ මෙම ක්‍රියාවලිය ඇරඹුණේ සිංහල අධ්‍යයන අංශයට ජන සන්නිවේදනය ඈඳීමෙන් ජයවර්ධනපුර…

(පශ්චාත්) නූතන’ දෘෂ්ටියෙන් ‘සම්ප්‍රදායික සිංහල ගම’ බැලීම – සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක්

කතිකා.ලංකා වෙබ් අඩවියේ පළ වූවකි. සමකාලීන සිංහල සිනමාව පිළිබඳ කියැවීමක් සමකාලීන සිංහල සිනමාවේ ආන්දෝලනයට තුඩුදුන් චිත්‍රපට (මේ මගේ සඳයි, පුරහඳ කළුවර, සුළඟ එනු පිණිස) තුනක් නිර්මාණය කළ අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ සහ විමුක්ති ජයසුන්දර යන අධ්‍යක්ෂවරුන් තිදෙනාම එම චිත්‍රපට වලට පසුබිම කර ගත්තේ ‘සිංහල ගම’යි. එහෙයින් මෙම චිත්‍රපට සිංහල ගම පිළිබඳ කතාබහක් සමාජය තුළ ඇති කළේය. මෙම කතාබහට මුල් වූ අදහසක් වූයේ, ඇතමුන් කියන පරිදි යහපත් ගති පැවතුම් ඇති හැදියාවක් ඇති මිනිසුන් ගැහැණුන් වසනා සිංහල ගමක් ලංකාවේ නැති බව මේ චිත්‍රපට වලින් පෙන්වා දෙන බවයි. සිංහල ගම පිළිබඳ පවතින සම්ප්‍රදායික චිත්‍රය මිථ්‍යාවක් බවයි. මේ අදහස පිළිබඳ දීර්ඝ විග්‍රහයක් අපි මීට…