“වතු කම්කරු වැටුප් අඩකින් වැඩි කරන්න”

එක්සත් ලංකා වතු කම්කරු සමිතිය

දැනට දිනකට රු 290/- ලබන එම කම්කරුවන්ට ඊට වඩා වැඩි මුදලක් එකතු වන්නේ නොයෙක් කොන්දේසි මතය. එයින් නිශ්චිත වන්නේ තේ හෝ රබර් මිල අනුව ගෙවන දීමනාවය. පසුගිය 6 මසක පමණ කාලය තුළ තේ මිල අඩුවිම නිසා එම ලැබීමද ඇන හිටියේය. රබර් මිල තවමත් පහල මට්ටමක පවතී.

අඩු මිලට සහල් සලාකයක් බොහෝ වතු කම්කරුවන්ට නොලැබේ. ඔවුන් ජීවත්වන නිවාස වැඩි හරියක් පැරණි දිරාපත් ඒවාය. එම නිවාස අළුත්වැඩියා කිරීමක් ක‍්‍රමානුකූලව සිදු නොකරයි. වතුකම්කරු නිවාස භුමි හෝ පරිශ‍්‍ර නඩත්තුවක්ද නැත. තම අවම ආදායම තරමකින් හෝ වැඩිකර ගැන්ම සඳහා සතුන් හැදීමට දරන උත්සාහයටද වතු පාලකයෝ එරෙහි වෙති. දරට වත්තේ අතු කැබැල්ලක් අහුලා ගැනීමට ද අවසරයක් නැත. මොවුන්ට තම අර්ථ සාධකය උකසට තබා ණය මුදලක් ගෙන නිවසක් හදා ගැනීමට ඉඩම් කැබැල්ලක් ලබා දෙන වැඩසටහනද අතර මග ඇනහිටිමින් සිදුවේ.

දැනට පවතින අත්‍යවශ්‍ය ආහාර හා භාණ්ඩවල මිල ගනන් අනුව වතු කම්කරු වැටුප් 50% වැඩි විය යුතුය. නැතහොත් සලාකයක් පෙරමෙන් අඩු මිලකට සැපයිය යුතුය. වතු කම්කරු දරුවන්ට රැකියා සඳහා පුහුණුවක් නොලැබෙන අතර උගත් අයට පවා අවස්ථාවක් නොලැබේ. තවද මොවුන් අතර බහුතරයක් වන දෙමල කම්කරුවන්ට තම බසින් රාජකාරී කටයුතු සඳහා අයිතිවාසිකමක් නැත. ඔවුන්ගේ පාසැල් සියල්ලම රජයේ අඩු සැලකීම් ලැබෙන දුර්වල පාසැල්ය. එබැවින් වතු කම්කරු වැටුප් 50% වැඩි කරන ලෙසද තම අර්ථ සාධකයෙන් ලබා ගන්නා ණය මුදලින් නිවාස හදා ගැනීමට ඉඩම් ලබා දෙන ලෙසද ඔවුන් බලවත්සේ ඉල්ලා සිටී.

එක්සත් ලංකා වතු කම්කරු සමිතියේ සභාපති වාසුදේව නානායක්කාර ගේ අත්සනින් නිකුත් කොට ඇති පුවත්පත් නිවේදනයකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s