“තිස්සනායගම්ට දේශපාලන සිරකරුවෙක් ලෙස ආරක්ෂාව සළකන්න”
“තිස්සනායගම්ට දේශපාලන සිරකරුවෙක් ලෙස ආරක්ෂාව සළකන්න”
වාසුදේව නානායක්කාර බන්ධනාගාර කොමසාරිස්වරයාට කියයි
“අපගේ පෙර සගයෙකු වූ ජේ.එස්. තිස්සනායගම් ඔහු ලියූ දේවල් නිසා සිර දඬුවමකට යටත් කළ බව මා දැනගත්තේ කණගාටුවෙනි. ඔහු මේවා ලියා ඇත්තේ 1980 අග සහ 1990 මුල් භාගයන්හිදී අතුරුදහන්වීම් වාර්තා ගත කරන්නට අපට උදවු කළ එකම ලාලසාවෙන් බව මගේ වැටහීම” යැයි සඳහන් කරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙහි නායක වාසුදේව නානායක්කාර, බන්ධනාගාර කොමසාරිස්වරයාට ලියුමක් යවමින්, ඔහුගේ අභියාචනය අසන තෙක්, ඔහු සාපරධී වැරදි වලට දඬුවම් ලබන්නන් අතර නොතබා, ඔහුට දේශපාලන සිරකරුවෙක් ලෙස සළකමින්, සිපිරිගෙය තූළ ඔහුගේ ආරක්ෂාව සළසා දීම වැදගත් වන බව දන්වා සිටියි.