ඇදහිලි කල්ලි

final23

අපගේ එදිනෙදා ජීවිතය පිටුපස සැඟවුණු අනතුර
අප අතර සැරි සරන ඇදහිලි කල්ලි

මාග්‍රට් තේලර් සිංගර් – යන්යා ලාලිච්
පෙරවදන රොබට් ජේ ලිෆ්ටන්
පරිවර්තනය ප්‍රභා මනුරත්න, කසුන් සේනානායක, නිශාන්ත කුලරත්න, බුද්ධික බණ්ඩාර
සේතුක ප්‍රකාශකයෝ
2/5 ඒ,
ඩී.‍ජේ. විජේසිරිවර්ධන මාවත, ගල්කිස්ස
sethukapublishers@gmail.com
2009
මිල රුපියල් 795/=
ISBN 978 955 1895 03 7
” මනෝ චිකිත්සක කව, ධනාත්මක චින්තන සමාජ, භාවනා පංති, සටන් කලා පුහුණු කේන්ද්‍ර, විශ්ව විද්‍යාල ක්‍රියාකාරකම් සහ දේශපාලන සංවිධාන ලෙස වෙස් වලාගත්, බැලූ බැල්මට නීත්‍යානුකූල ව්‍යාපාරයන් ලෙස පෙනෙන ඇදහිලි කල්ලි කොපමණ ඇද්දැයි ඔබ දන්නවාද?”
“පිදුම – උත්තරීතර සමාජයක් පිළිබඳ පාර්ථනා හදවතේ පොදි කරගෙන කණ්ඩායම්ගත දේශපාලනයන්ට පිවිස, එහිම අතාර්කික අන්තයන් තුළ ගිලී නොපෙනී ගිය උතුරේද දකුණේද එදා මෙදා තුර සුවහසක් සොයුරු සොයුරි කැල වෙත”
“බොහෝ ඇදහිලි කල්ලි නායකයින් විසින් අත්පත් කර ගන්නා දේ සමාන වන්නේ ක්‍රීඩාවේ යෙදෙන දරුවෙකු සෙල්ලම් බඩු යොදාගෙන පරිකල්පනීය ලෝකයක් නිමවා ගැනීමටය. එම සෙල්ලම් ලෝකය තුළ දරුවා සුළු මෙහොතකට තමන්ගේම වූ රාජධානියක් ගොඩනඟා ගනිමින් සර්වබලධාරීත්වය පිලිබඳ හැඟීමක් ඇති කර ගනියි. ඔහු ‍බෝනික්කන් එහෙ මෙහෙ කරයි. ඔවුහු ඔහුගේ අණ පිළිපදිති. ඔවුහු ඔහුගේම වචන ආපසු ඔහුටම කියති. දරුවා විසින් ක්‍රීඩා භාණ්ඩ එහා මෙහා කරන්නාක් මෙන් ඇදහිලි කල්ලි නායකයා ද තම අණට අකීකරු වන අයව එහා මෙහා කරමින් මෙහෙයවමින්, බනිමින් හෝ ඇතැම් විටක මරා දමමින් සිටියි.”

උපුටා ගැනීම් ඉහත කෘතියෙනි.

Comments

  1. ගන්න ඕන හැකි ඉක්මනින් . . . නමුත් ඊලඟ නිවාඩුව වෙනකම් ඉන්න වෙනවනේ . . කමක් නෑ මේ වගේ පොත් ඉක්මනට ඉවර නොවන නිසා හිත හදාගෙන ඉන්න පුලුවන් . . . !

    ප්‍රකාශකයෝ කවුරුද කියලත් කිව්වනම් හොදයි වගේ . .

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s