“ඉතින් අපේ සාහිත්‍යයට කපුටො කොටයි”
“බස මරන, සම්භාව්‍ය සිංහල නීතිය කෙලෙසන, හැඟීම් මොට කරන, මස්තිෂ්ක ඛාදනය කරන, බඩ දඟලවන පොත් කබල් වලට සම්මාන දුන් විට අනෙක් ආධුනිකයන් මෙන්ම ප්‍රවීණයෝ ද සම්මාන අපේක්ෂාවෙන් මෙවැනි කබල් පොත්ම හඩු බසින් ලියන්ට පටන් ගනිති. එවිට අපේ සාහිත්‍යය හා භාෂාව බල්ලන්ට ම යයි. රඹුක්වැල්ලේ ශ්‍රී සිද්ධාරථ හිමියන් අපවත් වූ විට යූ.ඒ.ඇස්. පෙරේරා කියූ පරිදි:
ඉතින් අපේ සාහිත්‍යයට කපුටො කොටයි
එහෙයින් මේ සම්මාන දීම වර්තමාන සිංහල සාහිත්‍යයේ අනාගතයට බල පාන්නා වූ ඉතා බරපතළ අපරාධයකි. “
“මහා ප්‍රාඥ විල්හෙල්ම් හේගල්තුමා වරක් මෙසේ කීය: “ යම් රටකට ලැබෙන්නේ එයට සුදුසු ආණ්ඩුව යි.”
“යම් පොතක සාහිත්‍යමය අගය තීන්දු කිරීමට දැන උගත්කමක්, විචක්ෂණයක්, විවේක බුද්ධියක්” තිබිය යුතුය.
“පුරාණයේ දී ම මේ තතු කියන ලදී.
නීචා මහත්වං ගතඃ
(නීචයෝ ද නීච දේද ශ්‍රේෂ්ඨත්වයට නැංවෙති.) “
උපුටා ගැනීම, ඉරුදින, 2009 දෙසැම්බර් 27 කලාපයේ රසාංජලී හි, “සාහිත්‍ය සම්මාන මගෝඩිය” යන මැයෙන් සුචරිත ගම්ලත් ලියූ සතිසංචින්තා තීරු ලිපියෙනි.