From 2009

“තිස්සනායගම්ට දේශපාලන සිරකරුවෙක් ලෙස ආරක්ෂාව සළකන්න”

“තිස්සනායගම්ට දේශපාලන සිරකරුවෙක් ලෙස ආරක්ෂාව සළකන්න” වාසුදේව නානායක්කාර බන්ධනාගාර කොමසාරිස්වරයාට කියයි “අපගේ පෙර සගයෙකු වූ ජේ.එස්. තිස්සනායගම් ඔහු ලියූ දේවල් නිසා සිර ද‍ඬුවමකට යටත් කළ බව මා දැනගත්තේ කණගාටුවෙනි. ඔහු මේවා ලියා ඇත්තේ 1980 අග සහ 1990 මුල් භාගයන්හිදී අතුරුදහන්වීම් වාර්තා ගත කරන්නට අපට උදවු කළ එකම ලාලසාවෙන් බව මගේ වැටහීම” යැයි සඳහන් කරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙහි නායක වාසුදේව නානායක්කාර, බන්ධනාගාර කොමසාරිස්වරයාට ලියුමක් යවමින්, ඔහුගේ අභියාචනය අසන තෙක්, ඔහු සාපර‍ධී වැරදි වලට දඬුවම් ලබන්නන් අතර නොතබා, ඔහුට දේශපාලන සිරකරුවෙක් ලෙස සළකමින්, සිපිරිගෙය තූළ ඔහුගේ ආරක්ෂාව සළසා දීම වැදගත් වන බව දන්වා සිටියි.

” මෙම තත්ත්වය තමුන්නාන්සේගේ ජාතික රෝහලේ ද රටේ සෞඛ්‍ය සේවයේද උදාවී ඇති කාලකන්ණි තත්ත්වය මැනවින් පැහැදිළි කරයි”

” මෙම තත්ත්වය තමුන්නාන්සේගේ ජාතික රෝහලේ ද රටේ සෞඛ්‍ය සේවයේද උදාවී ඇති කාලකන්ණි තත්ත්වය මැනවින් පැහැදිළි කරයි” ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වාසුදේව නානායක්කාර සෞඛ්‍ය හා පෝෂණ කටයුතු ඇමතිට කියයි පහත පළවන්නේ ‍වාසුදේව නානායක්කාර සෞඛ්‍ය හා පෝෂණ කටයුතු ඇමති‍ට යැවූ ලිපි‍‍‍‍යෙන් උද්ධෘතයකි. ” 2009.09.08 රාති 10 ට පමණ හදිසි අමාරුවක් වැළඳී හදිසි අනතුරු වාට්ටුවට ගිය ඉතා දුප්පත් රෝගියෙකුට ප‍්‍රතිකාර සඳහා බැන්‍‍‍‍ඩේජයක් සහ තවත් බෙහෙත් වර්ග පිටතින් මිලදී රැගෙන එන ලෙස වෛද්‍යවරු නියම කර ඇත. ඒ නිසා එම රෝගියා කිසිවක් කර කියා ගත නොහැකි ඉතාම අසීරු තත්ත්වයකට පත්වී මට ටැලිෆෝන් කලේය. පසුව මගේ මැදිහත් වීමෙන් එම අවශ්‍යතා සපයා දීමට සිදුවිය. මෙම තත්ත්වය තමුන්නාන්සේගේ…

“ අපිට අවශ්‍ය මේ කඳවුරුවල තත්ත්වය දියුණු කිරීම නෙවෙයි. ඒක මහ පව්කාර අදහසක්.”

“ අපිට අවශ්‍ය මේ කඳවුරුවල තත්ත්වය දියුණු කිරීම නෙවෙයි. ඒක මහ පව්කාර අදහසක්.” රාවය පුවත් පතේ අගෝස්තු 02 වැනිදා කලාපය පළ කළ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වාසුදේව නානායක්කාර සමග විමලනාත් වීරරත්න කළ සම්මුඛ සාකඡචාවෙන් උපුටා ගන්නා ලදී. “ ඔබ මීට පෙර අවස්ථා කීපයකදීම උතුරේ අවතැන් කඳවුරුවල තත්ත්වය විවේචනය කළා. දැන් තත්ත්වය යහපත් වී තිබෙනවාද? ජලය පිළිබඳ දියුණුවක් තිබෙනවා. එතකොට වැසිකිළි පහසුකම් පිළිබඳවත් යම් දියුණුවක් තිබෙනවා. නමුත් කඳවුරුවල තිබෙන ජනාකීර්ණභාවය, අවහිරතා, බැහැර යෑමට ඒමට නිදහසක් නැති සිරකඳවුරක තත්ත්වය, දිගටම අවම ආහාර මට්ටමකින් ජීවත් වන්නට සිදුවීමේ ඉරණම, අධ්‍යාපනය ලබන දරුවන්ට එම නරක වටාපිටාව තුළ ඉඳගෙන ඉගෙන ගන්නට සිදුවීමේ ඇති දුෂ්කර අත්දැකීම තවම අවසන්…

ජනවාර්ගික සබඳතා

“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?” වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පළකරන ‘ශක්තිය’ පුවත් පතේ 2009 ජූලි කලාපයේ කතුවැකියෙන් උපුටා ගැණුනි. “ඉතිහාසයේ කරුණු කාරණා පෙළ ගැසුණු ආකාරය අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජය කරන තුරු යුද්ධයක් කරගෙන යාමට රජයට සිදුවීම නොවැලැක්විය හැකි සිද්ධි දාමයක් විය. එය දෙමළ ජනතාවට එරෙහිවූ යුද්ධයක් නොවන බවට රජය සපථ කලේය. එහෙත් යුද්ධය පැවති කාලය මුළුල්ලේම හානියට, විපතට හා ව්‍යසනයට පත්වූ විශාල වැඩි පිරිස සටන්කරුවන් නොවූ සාමාන්‍ය දෙමළ වැසියන්ම විය. අවසානයේ පරාජයට හා විනාශයට පත් කලේ බෙදුම්වාදී හා ත්‍රස්තවාදී නායකත්වය ඇතුළු එල්.ටී.ටී.ඊ. යේ සටන් බල ඇනි වුවද, නොවැලැක්විය හැකි ලෙස ඒ අතරතුර මහල්ලන්,…

“සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා”

“සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා” රත්න ශ්‍රී විඡේසිංහ බෝගහගොඩ ඒ. ඩබ්ලිව්. ඒ. නිමල් දිවයිනේ දැනට ක්‍රියාත්මක වන සමහර සන්නිවේදන මාධ්‍යවලින් සිංහල භාෂාව අමු අමුවේ කනවා. සමහර රූපවාහිනි නාලිකා කේෂ නාලිකා වාගෙයි. සමහර ගුවන් විදුලි නාලිකාවන්ද සිංහල මර මරා කනවා. සමහර සන්නිවේදකයෝ ගිරා පෝතකයන් වගේ. මේ අය කිසිදු චකිතයක්‌ හිරිකිතයක්‌ නොමැතිව මෙම අපේ උතුම් සිංහල කම සිංහල භාෂාව කනවා. මෙම ව්‍යසනය වහාම නතර නොකළහොත් අනාගතයේ දී සිංහල නම් වූ මනෝරම්‍ය භාෂාව විනාශ වෙනවා යෑයි, ප්‍රවීණ කලාකරුවකු වන රත්න ශ්‍රී විඡේසිංහ මහතා පැවසීය. ඒ මහතා එසේ පැවසුවේ දකුණු පළාත් සාහිත්‍ය කලා මහෝත්සවයේ ප්‍රධාන ආරාධිත දේශනය පවත්වමිනි. වැඩිදුරටත් අදහස්‌ ප්‍රකාශ…

“ මනුෂ්‍යත්වය, මානුෂික හැඟීම් හා මතවාදය රැක ගනිමුද? විසිකරමුද?”

මඩෙහි එරී, කවදා වෙනතෙක්ද? ඊයේ ගත් මෙම ඡායාරූපය මැණික් ෆාම් කඳවුර වැසි ජලය‍ට ය‍ටවී එහි කූඩාරම් බොහෝ දුරට වාසයට නුසුදුසු බවට පත්කොට ඇති අයුරු පෙන්නුම් කරයි. අභ්‍යන්තරව අවතැන් වූවන් 1000 ක් පමණ “විකල්ප වාසස්ථාන” කරා ගෙන ගිය නමුදු සෙසු ජනයාට වගුරු බිමෙහි මඩ ගොහොරුවෙහි තව දුරටත්රැඳී සිටින්නට සිදුවීය. 2009 අ‌ගෝස්තු මස 16 වැනිදා Lakbima News පුවත් පතේ මුල් පිටුවෙනි. වැඩි විස්තර සඳහා මෙහි බලන්න. තවත් ඡායාරූප transcurrents වෙබ් අඩවියෙන්