” ඔබ ඔවුන් ඔබ ට කරනු ඇතැයි අපේක්ෂා කරන පරිද්දෙන්ම, අන් අයට ද කරන්න ” ” මා සිතන්නේ, මෙබඳු කටයුතු වලදී අනුගමනය කළ හැකි, පුරුද්දෙන් ඇතිකර ගත්, ප්‍රත්‍යක්ෂ ක්‍රමයක් නම් “ ඔබ ඔවුන් ඔබ ට කරනු ඇතැයි අපේක්ෂා කරන පරිද්දෙන්ම, අන් අයට ද කරන්න” සහ ඔවුන් ඔබ ට කරනු ඇතැයි ඔබ අපේක්ෂා නොකරනු ඇති යමක් අන් අයට නොකරන්න. බාගවිට, මෙබඳු විවාදාපන්න මාතෘකා පිළිබඳ ලියන කුමන හෝ ලේඛකයෙකු “ මගේ අත්තම්මා ඒ ඇතුළේ සිටියා නම් මොකද වෙන්නේ? එය මගේ පර්යාලෝකය වෙනස් කරනු ඇත්ද?” යන ප්‍රශ්නය ඇසිය යුතුය. ” දයාන් ජයතිලක මෙසේ මතක් කළේ කුමන කරුණක් අරභයා ද? මෙහි බලන්න
'kathika' social, cultural and political review
From 2009
විලාසිතා
“කාන්තාවෙනි, මේ රැල්ලට ඔබත් හසුවුණාද? හසුවෙනවද?” අපි කලකට පෙර කාන්තා විලාසිතා පිළිබඳ කැළණිය විශ්ව විද්‍යාල භූමියේ ප්‍රදර්ශණය කෙරුණු “ගොන් පාට් දැන් ඇති” යන මැයෙන් යුතූ පෝස්ටරයක් පිළිබඳ විග්‍රහයක් “විමංසක පර්ෂදය, විලාසිතාව, ඖචිත්‍යය සහ සංවරය” යන මාතෘකාව යටතේ පළ කළෙමු. පහත පළවන්නේ මෑත කාලයේදී කොළඹ විශ්ව විද්‍යාලයයේ ශාස්ත්‍ර පීඨ භූමියේ ප්‍රදර්ශණය කෙරුණු පෝස්ටරයකි. අපි මෙය ඔබගේ අවධානය සඳහා සහ වාර්තා කොට තැබීම සඳහා අපගේ අදහස් දැක්වීමකින් තොරව ඉදිරිපත් කරමු. මේ පිළිබඳ ඔබගේ අදහස් සඳහා ‘කතිකා’ අවකාශය විවෘතව පවතී. මෙම චිත්‍ර සටහනට ඔබේ මූසිකය දෙවරක් ටික් ගෑමෙන් ඔබට මෙම චිත්‍ර සටහන විශාල කොට බැලීමට හැකිවනු ඇත.
‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – හත්වැනි ලිපිය : විශේෂයාගේ සම්භවය පිළිබඳ
Globe and Mail, January 26, 2008 විශේෂයාගේ සම්භවය පිළිබඳ On the Origin of Species PDF මාදිලියෙන් කියවන්න downloadpdf මයිකල් රූස් පරිවර්තනය: අමිල සූරිආරච්චි 1850 දී පළවූ සිය විශේෂයාගේ සම්භවය අවසානයට පැමිණීමේදී ඉංග්‍රීසි ජාතික ස්වභාවික විද්‍යාඥ චාල්ස් ඩාවින් [තම]පොත හැඳින්වූයේ “තනි දීර්ඝ තර්කයක්” ලෙසිනි. යුග අරුත් ගන්වන මෙම කෘතිය කියවිය යුත්තේ ඒ ආකාරයටම ය. අප ද…
“ලේ හෙළනු ඇති”
“ලේ හෙළනු ඇති” PDF මාදිලියෙන් කියවන්න Download pdf “ලේ හෙළනු ඇති, මේ පරිමාණයේ අර්බුදයක් දේශපාලනික මෙන්ම ආර්ථික ගැටුම් උත්සුක කිරීම අනිවාර්ය ය යන අර්ථයෙන්. එය සමහර රටවල් අස්ථායී කිරීම සිදුවීම නියතයි. යටපත්වී තිබුණ සිවිල් යුද්ධ ඇතිවීමට මෙය හේතු වනු ඇත. එය මධ්‍යස්ථ ආණ්ඩු පෙරළා දමා, අන්තවාදී ආණ්ඩු බලයට පත් කරනු ඇත. මේ දේවල් පහසුවෙන් කල් තබා කිව හැකිය.”
‘ලොව ශ්‍රේෂ්ඨතම පොත් 50’ – හයවැනි ලිපිය :කුමාරයා
Globe and Mail, 2008 March 14 PDF මාදිලියෙන් කියවන්න downloadpdf මිනිසුන් අතර කුමාරයා නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා මයිකල් ඉග්නටියෙෆ් පරිවර්තනය: විදුර ප්‍රභාත් මුණසිංහ 1532 දී ප්‍රථම වරට ප්‍රකාශයට පත් කෙරුණු නිකලෝ මැකියවෙල්ලිගේ කුමාරයා නිසැක වශයෙන්ම දේශපාලන නායකත්වය පිළිබඳ කවරදාක හෝ ලියැවුණු දරුණුතම කෘතිය විය. කල්පනාකාරී කිසිදු වර්තමාන දේශපාලනඥයෙක් මැකියවෙල්ලි ඉතා සැහැල්ලුවෙන් අනුමත කරන නපුරු කලාවන් පිළිබඳ…
කාලීන
හැරල්ඩ් පින්ටර් ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ PDF මාදිලියෙන් කියවන්න Get PDF file here නෝබෙල් සම්මාන ලාභී බ්‍රිතාන්‍ය නාට්‍ය රචක සහ නිෂ්පාදක හැරල්ඩ් පින්ටර් පසුගියදා අභාවප්‍රාප්ත විය. පහත පළවන්නේ පින්ටර් ගේ One for the road නාට්‍යය එනමින්ම සිංහලෙන් නිෂ්පාදනය කළ මාලක දේවප්‍රිය ‘වන් ෆෝ ද රෝඩ්’ ගැන ලියූ කෙටි සටහනකි. මාලක දේවප්‍රිය “අපි කෙළින්ම කථාව ආරම්භ කරමු. වහෙන් ඔරෝ ඕන නෑ.” හැරල්ඩ් පින්ටර්ගේ ‘වන් ෆෝ ද රෝඩ්’ නාට්‍යයේ නිකලස් සංවාදය ආරම්භ කරන්නේ එහෙමයි. මම කැමතියි මේ රචනයත් ඒ විදියට පටන් ගන්න. හැරල්ඩ් පින්ටර් හා ඔහුගේ දිවිය සම්බන්ධව කිවයුතු සෑම දෙයක්ම මැනවින් පළවී අහවරයි කියලා මම විශ්වාස කරනවා. තවත් අයෙකුට කියන්න…