ආදරණීය කෙලී සහ අනෙකුත් සහෝදරවරුනි, “වියවුල” හැම විටම ප්‍රගතිශීලී ප්‍රථිඵල ගෙන නොදෙනු ඇති බව අමතක නොකරන්න

ආදරණීය කෙලී සහ අනෙකුත් සහෝදරවරුනි, “වියවුල” හැම විටම ප්‍රගතිශීලී ප්‍රථිඵල ගෙන නොදෙනු ඇති බව අමතක නොකරන්න
නිර්මාල් රංජිත් දේවසිරි විසිනි

අතිශයින් භයානක නැඹුරුව වන්නේ සරත් ෆොන්සේකා ගේ ජයග්‍රහණය සඳහා වන මහජන ඉල්ලුම එන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී විපර්යාසයක් සඳහා අතිශයින් අනතුරුදායක වන, “දූෂණයෙන් තොර විනයගත සමාජයක්” සඳහා වන අවශ්‍යතාව දෙසිනි යන කරුණයි. දූෂණ-විරෝධී සටන් පාඨය නිවැරදි ය. නමුත් ජනතාවාදී දූෂණ-විරෝධී ආකල්පය ප්‍රබල ප්‍රජාතන්ත්‍ර- විරෝධී සහ ඒකාධිපතිවාදී මනෝභාවයක් ද කැටුව එයි.

“ සරත් ෆොන්සේකා ජයග‍්‍රහණය කරනවා වෙනුවට අපි කියන සටන් පාඨය මහින්ද රාජපක්‍ෂ පරාජය කරනවා කියන එක” යන මැයෙන් ‍‍කෙලී සේනානායක සමග ජනලංකා පුවත්පත විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක් W3 ලංකා වෙබ් අඩවිය පළ කළේය. ඒ පිළිබඳ නිර්මාල් රංජිත් දේවසිරි W3 ලංකා වෙත ඉංග්‍රීසියෙන් දැක්වූ ප්‍රතිචාරය අපටද එවා තිබුණි. අප පහත පළකරන්නේ එම සටහනේ අප කළ සිංහල පරිවර්තනය යි.

ආදරණීය කෙලී සහ අනෙකුත් සහෝදරවරුනි,

සරත් ෆොන්සේකා දිනන තත්ත්වයක දී විය හැකි දේශපාලන සිද්ධි සමුදාය පිළිබඳ පුළුල් තක්සේරුවක් ඔබට ඇත්දැයි මම කුහුලින් පසුවෙමි. “මහින්ද රාජපක්ෂ පරාජය කරන්න” යන්න මා ද එකඟ වන හොඳ සටන් පාඨයකි. නමුත් ගැටලුව වන්නේ ප්‍රායෝගික අතින් ගත් කළ මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සරත් ෆොන්සේකා දිනවීම ද වන හෙයිනි. මෙය මග හැරිය නොහැකිය. ගැටලුව වන්නේ ඉන් පසුව කුමක් වනු ඇතිද යන්නයි. ජනතා සන්ධානයට පක්ෂපාතී ප්‍රමුඛ කොටස් ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී ලෙස වර්ග කල හැකිව තිබුණු 1994 ට වෙනස්ව, වත්මන් තත්ත්වය තුළ සරත් ෆොන්සේකාට පක්ෂපාතී ප්‍රධාන ධාරාවේ කොටස් ප්‍රජාතන්ත්‍රවාදයට පක්ෂපාතී අය නොවේ. අතිශයින් භයානක නැඹුරුව වන්නේ සරත් ෆොන්සේකා ගේ ජයග්‍රහණය සඳහා වන මහජන ඉල්ලුම එන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී විපර්යාසයක් සඳහා අතිශයින් අනතුරුදායක වන, “දූෂණයෙන් තොර විනයගත සමාජයක්” සඳහා වන අවශ්‍යතාව දෙසිනි යන කරුණයි. දූෂණ-විරෝධී සටන් පාඨය නිවැරදි ය. නමුත් ජනතාවාදී දූෂණ-විරෝධී ආකල්පය ප්‍රබල ප්‍රජාතන්ත්‍ර- විරෝධී සහ ඒකාධිපතිවාදී මනෝභාවයක් ද කැටුව එයි. ඔබ මේ පිළිබඳව දැනුවත්ද යන්න පිළිබඳ සහ මෙම වාද විෂයයන් සප්‍රමාණවත් ලෙස ආමන්ත්‍රණය කරන්නේද යන්න පිළිබඳ මම කුහුලින් පසුවෙමි. මහින්ද රාජපක්ෂ පරාජය කිරීම පිළිබඳ මම අකැමැති නොවෙමි. නමුත් එයින් පසු සිදුවිය හැක්කේ කුමක් ද යන්න සැළකිල්ලට ගන්නෙමි. මාඕ ගේ ස‍ටන් පාඨය (“අහස් කුස යට සියල්ල වියවුල්ය. තත්ත්වය කදිමය”) ඉතා ප්‍රිය මනාප සහ ආකර්ෂණීය ය. නමුත් “වියවුල” හැම විටම ප්‍රගතිශීලී ප්‍රතිඵල ගෙන නොදෙනු ඇති බව අමතක නොකරන්න. අනාවැකි කීම හැම විටම නිවැරදි නොවිය හැකිය. මා දේශපාලනය පිළිබඳ මේ දක්වා එක් රැස් කොට ගත් ස්වල්ප දැනුමට අනුව, සරත් ෆොන්සේකා ලබන ජයග්‍රහණයකට පසු ප්‍රජාතන්ත්‍රවාදී විපර්යාසයක් සඳහා ඇති ශක්‍යතාවන් බෙහෙවින් අල්ප ය. ප්‍රජාතන්ත්‍රවාදී හඬවල් 1994 දී අසාර්ථක වී නම් 2010 දී ඊට වැඩි බලාපොරෙ‍ාත්තු තැබිය නොහේ. “ප්‍රජාතන්ත්‍රවාදය පුළුල් කිරීම සඳහා මහින්ද රාජපක්ෂ පරාජය කරන්න” යන ඔබේ සටන් පාඨය වෙනුවෙන් පෙනී සිටීමට ඔබට අවශ්‍ය නම් 1994 දී ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථකවූයේ මන්දැයි ඔබ ඇසිය යුතුව තිබේ.

Comments

  1. Saturday, January 2, 2010
    සෝමරත්නගේ ලෝකය හා Democracy
    මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ ඊළඟ ධූර කාලයේදී අසික්කිත පෞද්ගලික මාධ්‍ය අනිවාර්යයෙන්ම මෙල්ල කරන බව ජනාධිපතිතුමාට සහය ලබාදෙන සෝමරත්න දිසානායක මහතා සිරසේ සටන විවාදයේදී කී අතර “විශේෂයෙන්ම විද්‍යුත් මාධ්‍ය” යනුවෙන්ද ඔහු සඳහන් කලේය. ඉන් ඔහු අදහස් කලේ රජයේ මාධ්‍ය අසික්කිත නොවන බවය. ඒ පිළිබඳව බුද්ධිමත් අය සිතත්වා. ඒ කියන්නේ හඩ්සන් ගේ බණ සෝමරත්න මහතාට හොඳයි කියා මට සිතුණි.

    දෙවැන්න මාධ්‍ය මෙල්ල කිරීමේ චේතනාවය. අනිවාරයෙන්ම මීට blogspot, facebook, wordpress ඇතුලත් වනු ඇත, මිලිටරි පාලනයක සුවඳ මට රූපවාහිනියෙන් දැනිනි. ඒ අතර පත්තරකාරයෝ කලාශිල්පීන් (ජයසිරිගේ අළුත්ම යෙදුම). මිනිසුන් මෙල්ල කිරීම වූයේවැඩවසම් හා ගෝත්‍රික යුග වලය. අප වසන්නේ නවීන සමාජයකය. සමාජය යන්නේ ආපස්සටද ?

    මාධ්‍ය නිදහස ඇතිවිටෙක නිදහස්ව ලියමි.
    අන්න පොලිසියෙන් ඇවිත්!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s