අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය – ආනන්ද කේ. කුමාරස්‌වාමි

අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය
– ආනන්ද කේ. කුමාරස්‌වාමි

ආචාර්ය ආනන්ද කේ. කුමාරස්‌වාමි 1911 වසරේ දෙසැම්බර් මස එංගලන්තයේ පවත්වන ලද වාර්ෂික ලංකා රාත්‍රි භෝජන සංග්රනහයේදී “ලංකාවේ අධ්‍යාපනය” යනුවෙන් කළ දේශනයේ මෙසේ සඳහන් කළේය.

“මගේ අදහසේ හැටියට, නූගත් ජනයා ඇතැම් අයුරින් අපට වඩා වාසනාවන්තය. මන්ද ඔවුන්ට සිදුවී ඇත්තේ නූගත් දෙය ඉගෙනීම පමණය. එනමුත් අප බොහෝ දෙනකුට සිදුවී ඇත්තේ උගත් බොහෝ දේ අත්හරින්නටය.”

“අන් බාහිර කිසිවක්‌ කෙරෙහි නොසැලී තමන් උගන්වන දෑ ගැනම පමණක්‌ සැලකිලිමත් වන ගුරවරුන්ගෙන්ද දැනීම සඳහා ඇති ආසාව නිසාම ඉගෙන ගන්නවුන්ගෙන් ද යුත් පෙර අපර දෙදිගම විද්‍යාර්ථීන් මහත් උද්යෝගයෙන් එක්‌රැස්‌ වන ස්‌ථානයක සංකේතයක්‌ සේ ලංකා විශ්වවිද්‍යාලය සංවිධානය විය යුතු යෑයි මම යෝජනා කරමි.”

(1965 ඔක්‌තෝබර් – දෙසැම්බර් “සංස්‌කෘතික” සඟරාවේ පළවුණු පරිවර්තනයකින් උපුටා ගන්නා ලදී.)

අධ්‍යාපනයත් රටත් බේරාගනිමු යන මැයෙන් එච්. ඒ. සෙනෙවිරත්න 2010 නොවැම්බර් 17 දින දිවයින පුවත් පතට ලියූ ලිපියෙන් උපුටා ගන්නා ලදී.

Comments

  1. සම්පූර්ණ ලිපිය කියවීමේ අවස්ථාව ලැබේනම් වාසනාවකි. සංස්කෘතික සඟරාව වැනි දෑ පළවන්නේ හෝ පළ කරන්නට නොහැකිවී ඇත්තේ නූතන තරුණයන්ගේ අවාසනාවක් නිසාදැයි සිතේ. අපි නූතන අධ්‍යාපනය තුළ අතරමංව ඇත්තෙමු ද ? මේ ස්වල්ප හෝ සාරසංග්‍රහය වෙනුවෙන් ස්තුතියි

  2. ඔබේ අදහස් දැක්වීමට බෙහෙවින් ස්තූතියි! සංස්කෘති දැන් පළකෙරෙයි. මෙන්න ලිපිනය 120, පිරිවෙන පාර, බොරලැස්ගමුව. දුරකථනය: 0112 519201, 0112589591 – ‘කතිකා‘

  3. ලංකාවේ සංස්කෘතිය ගැන කතාබහ කරන විට ඇතිව ඇති එක් ව්‍යාධියක් නම් එය හැමවිටම ආගම සහ ජාතිය ඔප්නංවන ආයුධයක් ලෙස භාවිතා කිරීමයි. ආනන්ද කුමාරස්වාමි වැනි වියතකෙු විසින් කරන ලද මහා බුද්ධිමය කලාපයෙන් අපිට අදාල දේ පමණක් ලබාගෙන ඉතිරිය අහකට විසික් කිරීම දැන් ලංකාවේ සම්ප්‍රදායක් වන මට්ටමට වැටී තිබෙයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s