අධ්‍යාපනයේ අරමුණ විය යුත්තේ පරිපූර්ණ පුද්ගලයකු බිහි කිරීමයි
දරුවකු පරිපූර්ණ මිනිසකු ලෙස සමාජයට එකතු වන්නට නම් එම දරුවාගේ බුද්ධි වර්ධනය, ශාරීරික වර්ධනය, කලා කටයුතු වර්ධනය, පුද්ගල අන්තර් ක්‍රියා වර්ධනය, ආවේග පාලනයේ වර්ධනය සහ ආධ්‍යාත්මික වර්ධනය ….වර්ධනය විය යුතුයි. නමුත් මේ අධ්‍යාපන ක්‍රමය තුළින් පුද්ගලික තලයෙන් එහාට දරුවකුගේ ඉහත කොටස්‌වල වර්ධනයක් දකින්නට ලැබෙන්නේ නැහැ.
අපේ රටේ අධ්‍යාපනය අද විශාල ප්‍රවාහයකට හසුවෙලා තිබෙනවා. එම ප්‍රවාහයෙන් අප වේගයෙන් ගසාගෙන යන බව මුලින්ම අවබෝධ කරගන්නට ඕන. වර්තමාන අධ්‍යාපනයේ සියලුම ශක්‌තීන් යොදවා තිබෙන්නේ දරුවකු තුළ පුද්ගලික තලයේ බුද්ධි වර්ධනයට පමණයි. මේ නිසා මේ අධ්‍යාපනයෙන් සමාජයට බිහිවන්නේ අනෙක් සියලු හැකියාවන් අහිමිකරගත් පිරිසක්. අද අධ්‍යාපනයය හමාර කරන ශිෂ්‍ය යෙකු තුළ නිසි පරිදි බුද්ධි වර්ධනය, ශාරීරික වර්ධනය, කලා කටයුතු වර්ධනය, පුද්ගල අන්තර් ක්‍රියා වර්ධනය, ආවේග පාලන වර්ධනය සහ ආධ්‍යාත්මික වර්ධනය සිදු වී නැහැ. එම නිසා මේ අධ්‍යාපනයෙන් ශිෂ්‍යයාට වැඩක් නැහැ. ඉහත වර්ධනයන් ඔහු තුළ යම් පමණකට හෝ සිදුවී තිබෙන්නේ පුද්ගලික තලයේ පමණයි. අනෙක් කිසිදු තලයක එම කොටස්‌වල වර්ධනයක් සිදු නොවන නිසා ඔහුගෙන් රටට වැඩක් නැහැ. එම නිසා මේ අධ්‍යාපනය ක්‍රමය වහාම වෙනස් විය යුතුයි.
පළමුවෙන්ම පරිපූර්ණ පුද්ගලයා යනු කවරෙක්‌ද යන්න තේරුම් ගන්නට අවශ්‍යයි. අධ්‍යාපනයය තුළින් එබඳු පුද්ගලයකු බිහිකරගන්නට නම් ලබාදිය යුත්තේ කෙබඳු අධ්‍යාපනයක්‌ද යන්න අධ්‍යාපනය බලධාරීන් තීරණය කළ යුතුයි.
ස්‌නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරේරා සමග කළ සාකච්ඡාවකින් “ අධ්‍යාපනයේ පරිහානියට ජාතික අධ්‍යාපන ආයතනය වගකිව යුතුයි“ යන මැයෙන් පාලිත සේනානායක 2010 දෙසැම්බර් 05 වැනි ඉරිදා දිවයිනට සකස් කළ ලිපියෙන් කෘතඥ පූර්වකව උපුටා ගන්නා ලදී.
මුල් ලිපිය සඳහා ඉරිදා දිවයින, මෙහි බලන්න