From පෙබරවාරි, 2011

දුරකථන සම්ප්‍රේෂණ කුලුනු

දුරකථන සම්ප්‍රේෂණ කුලුනකට විරෝධය පළවේ පෝද්දල අදුරන්විල ගම්මානයේ ඉදිකිරීමට සූදානම් වන දුරකථන සම්ප්‍රේෂණ කුලුනකට එරෙහිව ප්‍රදේශයේ මහා සංඝරත්නය හා ගම්වාසීන් එක්‌ව සංවිධානය කළ විරෝධතාවයක්‌ පෙරේදා (26) අදුරන්විල ගම්මානයේදී පැවැත්විණි. කීඹිඇල ශ්‍රී විජයවර්ධනාරාමාධිපති හොරංගල්ලේ හේමසාර, දකුණු පළාත් සභා මන්ත්‍රී බද්දේගම සමිත යන නාහිමිවරුන් පෙරටුකරගත් මහා සංඝරත්නය හා අදුරන්විල ගම්වාසී ජනතාව ඇදුරන්විල සිට දුරකථන කුලුන ඉදිකරන ස්‌ථානයට පා ගමනින් ගොස්‌ සාමකාමීව සිය විරෝධය ප්‍රකාශ කළහ. ලලිත් චාමින්ද සහ එස්‌. කේ. කළුආරච්චි – ගාල්ල දිවයින

ඊජිප්තු විප්ලවය

“ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක්‌ යවා ගන්න“ “රූපවාහිනි තිරයේ දිස්‌ වූයේ බැරක්‌ ඔබාමාගේ දසුනකි. බලන්නකො ඊජිප්තුවෙ වෙලා තියෙන ලෙඩේ. දැන් ඔබාමටත් ඕනෑවෙලා තියෙන්නෙ මුබාරක්‌ යවා ගන්න. ජනාධිපතිවරයා ජාත්‍යන්තර දේශපාලනයේ විවාදාත්මක මාතෘකාවක්‌ මා දෙසට යොමු කළේය. හැබැයි ඇමෙරිකාවයි බටහිරයි තමයි අද තුන්වැනි ලෝකයටම ලෙඩ දාන්නෙ. අපිටත් මොනවද නොකළේ. යට වෙන්න හොඳ නෑ.“ ගාමිණි සුමනසේකර, “ඔය ඇවිල්ල තියෙන්නෙ මගෙ සැප සනීප බලාගෙන යන්න! ක්‍රීඩාගාරයක දේශපාලන සංවාදයක්‌“ යන මැයෙන් 2011 පෙබරවාරි 13 දිවයින ඉරිදා සංග්‍රහය ට සැපයූ ලිපියෙන් උපුටා ගන්නා ලදී.

සාමකාමී මහජන ප්‍රජාතන්ත්‍රවාදී ඊජිප්තු විප්ලවය දිනේවා!

අසිරිමත් විප්ලවය! ඊජිප්තු විප්ලවය අපේ යුගයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නව මහජන විප්ලවවාදී දේශපාලනයක ආරම්භය සටහන් කරයි. එය අවිහිංසාවාදී ය, න්‍යායික මතවාදී ආධිපත්‍යයකින් මෙහෙයවූවක් නොවීය, මහජනයාගේ ස්වයංසිද්ධ, ස්වේච්ඡා සහභාගීත්වයෙන් පැන නැඟී පවත්නා ගෙන යන ලද්දකි. ඊජිප්තු ජනතාවට තම විප්ලවය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් කරා වර්ධනය කර ගැනීමට වාසනාව ලැබේවායි ශුභාශිංසන පිරිනමමු. තම දූ පුතුන් ගේ විප්ලවවාදී ජීවගුණයේ කැඳවුමට නිසි අවස්ථාවේ ප්‍රතිචාර දක්වමින් සැබෑ පුරවැසියන් ලෙස ක්‍රියා කිරීමට යොමු වූ ඊජිප්තු ජනතාවට අපගේ ගෞරවපූර්ව උපහාරය පිරිනමමු. විමුක්තියේ චතුරශ්‍රයෙන් ඇරඹි විප්ලවය සැබෑ මහජන පරිමණ්ඩලයක් වර්ධනය කරගැනීම දක්වාම ඉදිරියට යනු ඇතැයි අපි ඉත සිතින් පතමු. සමාජ පර්යාය, ආර්ථික වර්ධනය සහ “සංවර්ධනය“ නාමයෙන් මහ ජනතාවගේ…

අපි කන වස – දෙවැනි කොටස ආරිය සුබසිංහ

අපි කන වස – දෙවැනි කොටස ආරිය සුබසිංහ පසු අස්වනු කාලය ‘පසු අස්වනු කාලය’ යැයි වස විස සඳහා නීතියෙන් නියම කරන ලද කාල සීමාවක් තිබේ. එනම්, අවසාන වතාවට වස විස ගැසීමත් අස්වනු නෙළීමත් අතර කාලයයි. එය අඩුම තරමින් සති දෙකක් විය යුතුය. අවසාන වතාවට වස විස ගසා සති දෙකක් වත් යන තෙක් ඔබ එකී ද්‍රව්‍ය ආහාරයට නොගත යුතු බව එහි අදහසයි. ඒ සති දෙකේ කාලය තුළදී එකී වස විස වියෝජනය වී යන්නට යම් ඉඩක් තිබෙන බව වස විස නිෂ්පාදකයෝ කියති. එය සත්යල වුවත් නැතත් ගොවියාට වෙනසක් නැත. ඔහු පසු අස්වනු කාලය සතේකට මායිම් නොකරයි. එය අප කළ සමීක්ෂණවලදී පැහැදිලිවම පෙනී…