සාමකාමී මහජන ප්‍රජාතන්ත්‍රවාදී ඊජිප්තු විප්ලවය දිනේවා!

ඊජිප්තු විප්ලවය අපේ යුගයේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නව මහජන විප්ලවවාදී දේශපාලනයක ආරම්භය සටහන් කරයි.
එය අවිහිංසාවාදී ය, න්‍යායික මතවාදී ආධිපත්‍යයකින් මෙහෙයවූවක් නොවීය, මහජනයාගේ ස්වයංසිද්ධ, ස්වේච්ඡා සහභාගීත්වයෙන් පැන නැඟී පවත්නා ගෙන යන ලද්දකි.
ඊජිප්තු ජනතාවට තම විප්ලවය සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් කරා වර්ධනය කර ගැනීමට වාසනාව ලැබේවායි ශුභාශිංසන පිරිනමමු.
තම දූ පුතුන් ගේ විප්ලවවාදී ජීවගුණයේ කැඳවුමට නිසි අවස්ථාවේ ප්‍රතිචාර දක්වමින් සැබෑ පුරවැසියන් ලෙස ක්‍රියා කිරීමට යොමු වූ ඊජිප්තු ජනතාවට අපගේ ගෞරවපූර්ව උපහාරය පිරිනමමු.
විමුක්තියේ චතුරශ්‍රයෙන් ඇරඹි විප්ලවය සැබෑ මහජන පරිමණ්ඩලයක් වර්ධනය කරගැනීම දක්වාම ඉදිරියට යනු ඇතැයි අපි ඉත සිතින් පතමු.
සමාජ පර්යාය, ආර්ථික වර්ධනය සහ “සංවර්ධනය“ නාමයෙන් මහ ජනතාවගේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වළලා දැමීමට කටයුතු කරන ලොව පුරා සියලු පාලකයෝ බියෙන් වෙව්ලත්වා!
‘කතිකා‘
ඊජිප්තු විප්ලවයේ ඉහත ඡායාරූප විවිධ වෙබ් අඩවි වලිනි.
viva