පරමාදර්ශී නගරය: සංචාරකයන්ට සහ පොහොසතුන්ට පමණක් ද? – පුරවැසියා විසිනි
පෞද්ගලික දේපළ අයිතිය: මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නිවාස සහ වෙළෙඳ ව්‍යාපාර වල ඉරණම
තිසරණී ගුණසේකර, 2011 / 10/ 02 සන්ඩේ ලීඩර් පුවත් පතට ලියූ The Octopus And Its Tentacles නමැති ලිපියෙන් උපුටා ගැණුනි.
“ “ තමන්ගේ ගොඩනැගිලි සහ ව්‍යුහයන් සඳහා නීත්‍යානුකූල ලිපිලේඛන තමන් සතුව ඇති කිසිදු ගෘහයකට හෝ වෙළඳ ව්‍යාපාරයකට හානියක් නොවනු ඇත.“ – රාජ්‍ය ආරක්ෂක ලේකමි(ඩේලි නිව්ස් – 27.9.2011). පහත වීඩියෝ පටය අනාවරණය කරන පරිදි 2010 මැයි මස තම නිවාස වලින් ඉවත් කරන ලැබූ (කොළඹ, කොම්පඤ්ඤවීදියේ) මිව්ස් වීදියේ වැසියනට නීතිමය අයිතිය තිබුණූ නමුත් ඔවුන්ගේ නිවාස/ කුඩා වෙළෙඳ ව්‍යාපාර උතුරේ සහ නැගෙනහිර සිවිල් දෙමළ වැසියන් නුපුරුදු යැයි දකිනු ඇතිව නොතිබුණු ක්‍රෑර බවකින් යුතුව කඩා බිඳ දමන ලදී’ “
http://www.thesundayleader.lk/2011/10/02/the-octopus-and-its-tentacles/
http://www.youtube.com/user/yatvwebcast?blend=2&ob=5#p/u/0/86eyCKs8Xms
මෙම වීඩියෝ පටයේ දැකිවෙන පරිදි මෙලෙස තම නිවෙස අහිමි වූ එක් 64 හැවිරිදි කාන්තාවක් තම මුලු ජීවිතයම ගෙවා ඇත්තේ දැන් මෙලෙස ඇයට අහිමි කරන ලද නිවෙසේ ය.
රාජ්‍ය ආරක්ෂක ලේකමි තුමනි, මිව්ස් වීදියේ වැසියනට මෙම අයුක්තිය කළ අයට නිසි දඬුවම් දෙන්න! එම වැසියනට යුක්තිය සහ සාධාරණය ඉටු කරන්න !!