උතුරු – නැගෙනහිර: බරපතළ කනස්සල්ලට හේතුවන කාරණා සමූහයක්
උතුරු-නැගෙනහිර ජනතාවත් ඔවුන් ගේ ආත්ම ගරුත්වය හා නිදහස් පැවැත්ම ගැනත් දකුණේ සිංහල සමාජය කතා කරන්නේ, ඒ සියල්ල දැන් මේ ආණ්ඩුව විසින් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදය පරාජය කිරීමෙන් නිවැරදි කර ඇත යන, සිංහලවාදී අභිමානයෙනි. ආණ්ඩුව කියන ආකාරයට දැන් එහි ගොඩ නැගෙන්නේ සුර පුරයකි. ‘‘නැගෙනහිර උදානය’’ හා ‘‘උතුරු වසන්තය’’ සමගින් ඒ පළාත් වල සංවර්ධනය දැන් දෝරේ ගලන්නේ ය. දකුණ පිළිගන්නට වඩා කැමති, එවැනි කතා ය. එහෙත් සැබෑව එය නොවේ යැයි කියන්නට එහි යන එන කොළඹ ඉහළ සමාජයේ ඉන්නා රාජ්‍ය නොවන විශේෂඥයෝ ද, ස්වාධීන යැයි කියා ගන්නා රාජ්‍ය නොවන මාධ්‍ය ලොක්කෝ ද ඉදිරිපත් නොවෙති. එබැවින් සිංහල සමාජයේ යටත් වැසියන් පමණක් නොව, පුරවැසියන් ද උතුරේ සහ නැගෙනහිර පවත්නා යථා තත්ත්වය පිළිබඳව සැබෑ තොරතුරු නොදන්නෝ ය.
දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම්. ඒ. සුමන්තිරන් මහතා ‘‘ශී‍්‍ර ලංකාවේ උතුරු-නැනෙහිර තත්ත්වය – බරපතල කණස්සල්ලට හේතුවන කාරණා සමූහයක්’’ යන මැයෙන් දෙවන වරටත් ඉකුත් ඔක්තෝම්බර 21 වන දින උතුරු-නැනෙහිර පවත්නා තත්ත්වය පිලිබඳව විස්තරාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ, ඒ පසුබිමෙහි ය. එම වාර්තාවට හෝ එහි ඇතුළත් කරුනු කාරණා පිළිබඳව, සිංහල හෝ ඉංගී‍්‍රසි ප‍්‍රධාන ධාරාවේ කිසිදු මාධ්‍යයක් විසින් වැදගත් ආවරණයක් ලබා දී නැත.
එනිසා සිංහලෙන් මෙහි පළ කෙරෙන්නේ සංස්කරණය නොකළ එහි පළමු කොටස ය.
01. හඳුන්වාදීම
පසු ගිය ජූලි 07 වන දින උතුරු-නැගෙනහිර පැවති බැරෑරුම් හදිසි තත්ත්වය සම්බන්ධව මම පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කළෙමි. මෙය එහි ඊළ`ග එකතුව ය. මෙයින් සාකච්ඡුා කෙරෙන්නේ ඒ ප‍්‍රදේශයන්හි ඉන් පසු ඇති වූ හෝ එතැන් සිට තවමත් අවසන් නොවුනු කාරණා සම්බන්ධයෙනි.
02. හමුදාකරණය
2.1 සංඛ්‍යා ලේඛන හා හමුදාව සිටීමේ බලපෑම – වර්ග කිලෝ මීටර 65,619 ක් වන භුමි ප‍්‍රමාණයෙන් උතුරු-නැගෙනහිර ලෙස දෙමළ වාසය ඇත්තේ වර්ග කිලෝ මීටර 18,880 කය. එනමුත් 2009 මැයි මාසයෙන් පසු, දෙමළ ජනතාව සතු වූ ඉඩම් වලින් වර්ග කිලෝ මීටර 7,000 ක් හමුදාව අත් කර ගෙන ඇත. යාපනය අර්ධද්වීපයේ දළ වශයෙන් සෑම දෙමළ වැසියන් දස දෙනෙකුටම, එක සොල්දාදුවෙකු ඇත. විශාල හමුදාවක් උතුරු-නැනෙහිර නවතා සිටීම, ඉතාම බරපතල කාරණාවකි. යුද්ධය අවසන් වී වසර දෙකක් ඉක්ම ගියද, මේ ප‍්‍රදේශ වල පැවති ගැටුම්කාරී තත්ත්වයෙන් ඒවා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට, තවම ආණ්ඩුවට නොහැකි වී ඇත. මෙම වාර්තාවෙහි අනෙක් කොටස් වලින් පැහැදිලිව පෙන්වා දෙන අයුරු, සමාජ පැවැත්ම බිඳ වැටීම, ලිංගික හිංසනයන් ඇතුලූ රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වය, ඉඩම් කොල්ලය හා පදිංචි කිරීම්, ප‍්‍රදේශයේ ජනතාවගේ ජීවනෝපායන් පිළිබඳ ගැටළු වැනි බොහෝමයක් ප‍්‍රශ්න වලට සහ ප‍්‍රදේශයේ පරිපාලනය ඇතුලූ ආණ්ඩු පාලනයටත් සමථ කි‍්‍රයාකාරිත්වයටත් නොනිල වශයෙන් මැදිහත්වීම, උතුරු-නැගෙනහිර ඇති විශාල හමුදා රැඳවීම් හා සෘජු සම්බන්ධයක් ඇත.
2.2 රාජ්‍ය අපරාධ නොතැකීම – රාජ්‍ය අපරාධ නොතැකීමේ හැදියාව, දිගු කාලයක සිට පැවත එන බරපතල කාරණයකි. මෙහි පසුව සවිස්තරව ඉදිරිපත් කෙරෙන ආකාරයට, ලිංගික හිංසන ඇතුලූ රාජ්‍ය ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් මෙය වඩාත් අදාල ය. කිසියම් සිදුවීමක් සම්බන්ධව රාජ්‍ය හමුදාවන්ට, රාජ්‍ය නිලධාරියෙකුට හෝ සෘජු හෝ වක‍්‍ර ආකාරයෙන් රජයේ නිලධරයෙකු ගේ අභිමතය මත කි‍්‍රයා කළ පුදග්ලයෙකුට විරුද්ධව හෝ පැමිණිලි කළ ද, කිසිදු පරීක්ෂණයක් ඒ වෙනුවෙන් සාමාන්‍යයෙන් නොකෙරෙන්නේ ය. නිදසුනක් වශයෙන් පළමු වාර්තාවෙහි සඳහන් කෙරුනු අලවෙට්ටිහි පහරදීම් ගැන පරීක්ෂණ කෙරෙන්නේ නැත. එවගේම, උදයන් පවුත් පතේ කර්තෘට පහර දීම සම්බන්ධයෙන් වන පරීක්ෂණ ද තවමත් එතැනම ය. උතුරු-නැනෙහිර ‘‘ගී‍්‍රස් යකා’’ පහර දීම් පිළිබඳ පරීක්ෂණ ද එවැනිම ය. එවගේම, වසරකට පමණ පෙර සන්නද්ධ කාණ්ඩයක් විසින් නිවාස වලට අලාභ හානී කර වැසියන්ට පහර දීම පිලිබඳව කෙරුනු පරීක්ෂණ ද තවමත් එතැනම ය.
2.3 සමථ කාර්යයන් – උතුරු නැගෙනහිර පළාත් හි ඉඩම් පිළිබඳ ආරවුල් සමථයකට පත් කිරීමේ කාර්යන්හි දී හමුදාව මැදිහත් වන්නේ ය. උතුරු නැගෙනහිර රාජ්‍ය ඉඩම් පිළිබඳ ආරවුල් සමථයකට පත් කිරීම සම්බන්ධයෙන් පසු ගිය ජූලි 22 වන දිනැති ඉඩම් චක‍්‍ර ලේඛ අංක 2011/04 මගින් පරීක්ෂණ කමිටු පිහිටුවන ලදී. එම කමිටු සාමාජිකයින් වශයෙන් ප‍්‍රදේශයේ සිවිල් කටයුතු සම්බන්ධිකරණ නිලධාරී සහ අදාල ආරක්ෂක අණ දෙන නිලධාරියාගේ නියෝජිතයෙකු පත් වන්නේ ය. පරීක්ෂණ කමිටුවේ සහායට යැයි පත් කෙරෙන නිරීක්ෂණ කමිටුවෙහි ද හමුදා නිලධාරීන් ඇත.
2.4 ආර්ථික කටයුතු වලට අනවසරෙන් මැදිහත් වීම – උතුරු නැගෙනහිර ආර්ථික ජීවිතයට හමුදාව වැඩි වැඩියෙන් මැදිහත් වන්නේ ය. ඔවුන් ගේ ආරක්ෂක මාර්ග බාධක ජාලය හරහා ඔවුන් උතුරේ මාළු ප‍්‍රවාහනය ඔහුන් ගේ හිතවතුන් අත රඳවා තබා ගැනීමට සමත්ව ඇත. නැගෙනහිර වෙරළ බඩ ඉඩම් විශාල වශයෙන් හමුදා නිලධාරීන්ට සම්බන්ධ සමාගම් වෙත පවරා ඇත. යාපනය ප‍්‍රධාන මහ මාර්ගයේ හමුදාව විසින් හෝටල් ගණනාවක් ආරම්භ කර ඇත. හමුදා සංචාරක ව්‍යාපාරය, දකුණෙන් පැමිණෙන සියල්ලන්ට සත්කාර කරන්නේ ය. දකුණේ සංචාරක ව්‍යාපාරය සඳහා පාරු සේවා නාවික හමුදාව විසින් ලබා දෙන්නේ රාජ්‍ය සමිපත් යොදා ගැනීමෙනි. හමුදා නිලධාරීන් විසින් කඩ සාප්පු, වැනි විවිධ අතුරු වානිජ ව්‍යාපාර පවත්වා ගෙන යන්නේ ය. එය ප‍්‍රදේශයේ ආර්ථිකයට ඉතා අවාසිදායක ලෙස බලපාන අතර, මේවා පැහැදිලි අනිසි කාර්යන් ය. ප‍්‍රදේශයේ අසීරුවෙන් ජීවත් වන ප‍්‍රජාවට කිසියම් ආදායමක් ලබා ගැනීමට හැකි සීමිත ආර්ථික අවස්ථා පවා මේ ආකාරයෙන් හමුදාව විසින් ඩැහැ ගැනීමෙන්, දිළිඳුබව දිගටම පවත්වා ගැනීම හමුදාව විසින් තහවුරු කරන්නේ ය.
දකුණේ විශාල සමාගම් මගින් ලබා ගන්නා ප‍්‍රචාරණය හා සහාය සමගින් රාජ්‍ය සම්පත් යොදා ගැනීමේ සහනදායි වාසිය ඇතිව හමුදාව විසින් උතුරේ ආර්ථිකය යළි ගොඩ නැගීම, විශාල විකෘතියකට යටත් කරන්නේ ය. ඊට අමතරව, කිලිනොච්චි, මුලතීවු සහ වවුනියා ප‍්‍රදේශයන් හි විශාල ඉඩම් ප‍්‍රමාණයක් ද හමුදාව විසින් වගා කිරීමට යැයි අනිසි ලෙස අත් කර ලෙන ඇත.
දැනටත් දිළිඳු බවට පත්ව ඉන්නා සිවිල් ජනතාවට ජීවනෝපායන් සකසා ගැනීමට ඇති ඉඩ කඩ අහුරා දැමීමෙන් හමුදාව නිශේධාත්මක බලපෑමක් ඇති කර තිබේ. උතුරු නැගෙනහිර ප‍්‍රදේශයේ සේවයේ ඉන්නා හමුදාවන්ට ස්ථිර නිවාස පවා ඒ ප‍්‍රදේශ වලින් ලබා දීමෙන් උතුරු නැගෙනහිර නිත්‍ය හමුදා පැවැත්මක් සඳහා පියවර ගන්නේ යැයි හමුදාපති ලූතිනන් ජනරාල් ජගත් ජයසූරිය පවසා ඇතැයි වාර්තා විය. ‘‘එම ප‍්‍රදේශ සඳහා සේවයට පැමිණෙන හමුදා පිරිස් සඳහා ස්ථිර නිවාස ලබා දෙන අතර, ඔවුන් කැමති නම් වගා කිරීමට ද අවසර ඇත.’’ යනුවෙන් ඔහු පැවසූවේ යැයි වාර්තා විය.
2.5 පෞද්ගලික ජීවිත වලට මැදිහත්වීම – වඩාත් කණස්සල්ලට හේතු වන්නේ උතුරු නැගෙනහිර වෙසෙන ප‍්‍රජාවගේ පෞද්ගලික ජීවිතය මත හමුදාව තබා ගෙන ඇති අධිකාරයයි. තම නිවෙස් වෙත එන අමුත්තන් හා ඇති ඥාති සම්බන්ධයත් ඔවුන් පැමිණෙන හේතුව හා නතර වන කාල සීමාවත් හමුදාවට දැන්විය යුතු ය. දරුවෙකුට නම් තැබීම, කොටහළු හෝ මගුල් උත්සව සහ අවමංගල්‍ය කටයුතු වලට වැනි පවුලේ එකතුවීම් සඳහා පවා ආසන්න පොලිස් මුර පළට කල් තබා දැන්විය යුතු ය. සෑම ගමකම ‘‘සිවිල් කටයුතු කවුඵවක්’’ හමුදාව විසින් පිහිටුවා ඇත. ගමට එන සියල්ලන්ම එහි ලියා පදිංචි විය යුතු ය. කී‍්‍රඩා තරග වැනි ප‍්‍රජා කටයුතු පවා හමුදාවට දැනුම් දිය යුතු ය. ඉතා මෑතක දී පා පන්දු කී‍්‍රඩාවේ යෙදුනු චාවකච්චේරියේ තරුණ පිරිසකට හමුදාව විසින් බරපල ලෙස පහර දෙනු ලැබිණ. කී‍්‍රඩා පිටිය යොදා ගැනීමට ඔවුන් පූර්ව හමුදා අනුමැතියක් ලබා නොතිබීම හේතුව විය. ඊට අමතරව හමුදාව දැන් යාපනයේ ප‍්‍රාථමික අධ්‍යාපනයට ද මැදිහත් වන්නේ ය. පස් වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩි ලකුණු ගත් ළමුන් සඳහා හමුදාව ත්‍යාග ප‍්‍රදානෝත්සවයක්ද පැවැත් වීය. උතුරේ සිවිල් ජීවිතයට හමුදාව කි‍්‍රයාකාරීව මැදිහත් වන විස්තරය, යාපනයේ සිවිල් හමුදා සම්බන්ධීකරණය විසින් ඔවුන් ගේ වෙබ් අඩවියේ විස්තර කර ඇත.
2.6 සමාජ ජීවිතයට මැදිහත් වීම – කෝවිල් හා පල්ලි වල වතාවත් වැනි ගම්වල සිවිල් කටයුතු වල දී පවා හමුදාව සිටීම සාමාන්‍ය දර්ශනයකි. සිය අනුගාමිකයින් සමගින් පැවැත් වෙන රැුස්වීම් පවා පල්ලි විසින් හමුදාවට දැනුම් දිය යුතු ය. එවැනි සියලූ රැස්වීම් වල දී හමුදා නියෝජිතයෙකු නිරීක්ෂකයෙකු ලෙස ඒවාට සහභාගි වේ. සහනාධාර ලැයිස්තු සැකසීම පවා හමුදා මැදිහත්වීමන් කෙරෙන්නකි. ප‍්‍රාදේශීය ප‍්‍රජා රැුස්වීම් වලට ද හමුදාව පැමිණෙන්නේ ය.
03. රාජ්‍ය මෘගත්වය
3.1 ‘‘ගී‍්‍රස් යකා’’ කි‍්‍රයාකාරිත්වය – උතුරු නැගෙනහිර සහ ශී‍්‍ර ලංකාවේ වෙනත් ප‍්‍රදේශ වලත් නොහඳුනන පුද්ගලයින් විසින් සාමාන්‍ය ජනතාවට පහර දීම් ඝාතනය කිරීම් සහ ඔවුන් ගේ ආරක්ෂාවට තර්ජනය කිරීම් පිළිබඳ සිදුවීම් වාර්තා විය. මෙය පොදුවේ ‘‘ගී‍්‍රස් යකා’’ යැයි හඳුන් වනු ලැබේ. මෙම ප‍්‍රහාර මගින් යාපනය, පුත්තලම, මන්නාරම, ති‍්‍රකුණාමලය, මඩකළපුව සහ අම්පාර ඇතුලූ උතුරු නැගෙනහිර පළාත් හි සමාජ භිතියක් සහ විරෝධයක් තහවුරු කළේ ය. මෙම ‘‘ගී‍්‍රස් යක්කු’’ ප‍්‍රහාරයන්ට පොලීසිය හා හමුදාව කිසියම් සම්බන්ධයක් ඇතැයි වූ පොදු පිළිගැනුම හේතුවෙන් ජනතා විරෝධයන් මතු විය. මුත්තූර් හිදී 2011 අගෝස්තු 13 වන දින, කාන්තාවක් ඇගේ කුස්සියේ දී පහර දීමට ලක් විය. ප‍්‍රහාරකයා බේරී පලා ගියද, ගම් වැසියන් ඔහු පසු පස හඹා ගොස් ඇත. ඔහු නාවික කඳවුරට රිංගා ගත්තේ යැයි කියති. මඩකළපුවේ තරුණියක ගේ ඇගිල්ලක් 2011 අගෝස්තු 17 වන දින නාඳුනන පුද්ගලයෙකු විසින් කපා ඇතැයි වාර්තා විය. 2011 අගෝස්තු මාසයේ දී පොතුවිල් හි කාන්තාවන් කිහිප දෙනෙකු ද එවැනි ප‍්‍රහාර වලට ලක් වූයේ යැයි වාර්තා ඇත. මුත්තුර් සහ කින්නියා හිද එවැනි ප‍්‍රහාර පිළිබඳව පැමිණිළි ඇත. සැකකරුවන් අල්ලා ගැනීමට පොලීසිය හා අනෙක් බලධාරීන් උනන්දු නොවීම ගැන විරෝධයන් මතු විය. පොලීසිය හා බලධාරීන් විසින් විරෝධයන්ට බරපතල ලෙස පහර දුන් අතර, හමුදාව සහ පොලීසිය විසින් මේ පිරිස් අත් අඩංගුවට ගනු ලැබිණ. ඊට අමතරව, මේ මිනිසුන්ට එරෙහිව පොලීසිය හා හමුදාව විසින් ඉතා නින්දිත, අපහාසාත්මක කි‍්‍රයා දියක් කෙරිණ. එම කි‍්‍රයාවන් හි දරුණු කම හේතුවෙන් ඇතැමුන්ට තුවාල සිදුවූ අතර මිය ගිය අය ද ඇත. බොහෝ විට අත්අඩංගුවට ගෙන පහර දෙනු ලැබූයේ ඒ කිසිවකට සම්බන්ධයක් නොවුනු පුද්ගලයින්ට ය. එවැනි පහර දීම් සම්බන්ධ ඉතාම විවෘත සිදුවීම නවාන්කුරෙයි පහර දීම ය. දෙමළ තරුණන් එකසිය පණහකට වැඩි පිරිසක් රාතී‍්‍ර හමුදා මෙහෙයුමක දී වට කර පහර දී අත් අඩංගුවට ගනු ලැබිණ. මෙම පහර දීම් හේතුවෙන් විස්සකට බරපතල තුවාල සිදු විය. නවාන්තුරෙයි සිදු වූ පහර දීමට අදාලව නඩු පණහකට වැඩි සංඛ්‍යාවක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පවරා ඇත.
3.2 උසාවි භූමියේ පහර දීම් – පොලීසියේ අදහා ගත නොහැකි අපරාධකාරී හැසිරීම පෙන්නුම් කරන්නේ, මෑතකි දී යාපනය උසාවි භූමියෙහි දී පුද්ගලයෙකුට නොසෑහෙන අයුරු පහර දීමෙනි. ඒ සම්බන්ධයෙන් යාපනය නීතිඥ සංගමය විරෝධය දැක් වීය. මෙම පුද්ගලයාව පොලීසිය විසින් අඩ නිරුවත් කර, උසාවි භූමියෙන් එළියට ඇද ගෙන ගොස් ජනතාව හා නීතිඥයින් බලා සිටිය දී සහ මහේස්ත‍්‍රාත්වරුන් නඩු අසද් දී, මෘග ලෙස පහර දෙනු ලැබී ය.
3.3 විරෝධතා ප‍්‍රචණ්ඩ ලෙස යටපත් කිරීම – අපරාධ නොතකා හැරීමේ රාජ්‍ය හැදියාව සමග උතුරේ වෙනත් නොහඳුනන කණ්ඩායම් විසින් දියත් කෙරෙන ප‍්‍රචණ්ඩ පහර දීම් ද, බරපතල කාරණාවකි. ඉතාම මෑතක එවැනි සිදුවීම් වන්නේ, යාපනය විශ්ව විiාලයෙහි ශිෂ්‍ය නායක තවපාලන්ට පහර දීමත් ‘‘උදයන්’’ පුවත් පතෙහි කර්තෘ කුහදාසන්ට පහර දීමත් ය. යාපනයේ ‘‘ගී‍්‍රස් යකුන්ට’’ එරෙහිව, ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධයන් සඳහා ශිෂ්‍යයින් සංවිධානය කරනු ලැබුවේ තවපාලන් විසිනි. උදයන් පුවත් පත ආණ්ඩු විරෝධි පුවත් පතක් යැයි පොදු පිළිගැනුමක් ඇත. ඊට ඉහතින් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් ගේ පෞද්ගලික ලේකම්ට ද එළෙසින්ම පහර දෙනු ලැබිණ. මෙම ප‍්‍රහාර උතුරු-නැගෙනහිර නිදහස් අදහස් ප‍්‍රකාශ කිරීම හා විරෝධතා යටපත් කිරීමේ ප‍්‍රචණ්ඩ උත්සාහයන් ලෙස සැළකේ.
3.4 ලිංගික ප‍්‍රචණ්ඩත්වය – යාපනය, මුලතීවු සහ කිලිනොච්චි දිස්ති‍්‍රක්කයන් හි වැඩියෙන්ම රාජ්‍ය නිලධාරීන් සහ හමුදාව විසින් කාන්තාවන්ට සහ දැරියන්ට එරෙහිව සිදුකෙරෙන ලිංගික ප‍්‍රචණ්ඩත්වය ඉහළ යෑම, ඉතාම බරපතල, කණස්සල්ලට හේතුවන කාරණාවකි. මෙම ලිංගික ප‍්‍රචණ්ඩත්වයෙහි මෘගත්වය විශේෂයෙන් ම බිහිසුණු ය. උතුරෙහි ආරම්භ කර ඇති ව්‍යාපෘති සඳහා දකුණෙන් ගෙන එන සිංහල ශ‍්‍රමිකයින් ගෙන් ද, කාන්තාවන්ට හා දැරිවියන්ට බරපතල තර්ජනයක් ඇත. සොල්දාදුවන් විසින් කාන්තාවන් දූෂණය කිරීම් ගැන වාර්තා වූවත් දූෂණයට ලක් කෙරුනු කාන්තාව හා ඇයගේ පවුලේ උදවිය, ලජ්ජාව නිසා හෝ බිය නිසා, පැමිණිලි කිරීමට හෝ නීතිමය පියවර ගැනීමට ඉදිරිපත් නොවෙති. පැමිණිලිකරුවන් විසින් සැකකාර පුද්ගලයින් හඳුනා ගත් අවස්ථාවන් හි පවා, බොහෝ විට ඔවුන් හමුදාවට සම්බන්ධ අය වන්නේ නම්, ‘‘සැකකරුවන් නොදන්නේ යැයි’’ සටහන් කිරීමට හමුදාව විසින් වෛද්‍යවරුන්ට බල කරන්නේ ය.
3.5 ප‍්‍රජා කණ්ඩායම් වලට හිරිහැර කිරීම – එල්.ටී.ටී.ඊයට සහාය දුන් පුද්ගලයින් හඳුනා දෙන්නට යැයි හමුදාව විසින් පැරණි එල්.ටී.ටී.ඊ සාමාජිකයින්ට බල කරන්නේ ය. එවැනි හමුදා බලපෑම් හා තර්ජන වලින් බේරීම සඳහා ඇතැමුන් කවරෙකු හෝ නම් කරති. බොහෝ විට එමගින් අහිංසක පවුල් හමුදාවේ හිරිහැර කිරීම් නිසා අසීරුවට පත් වන්නේ ය. ඒ හේතුවෙන් කිසිවකුට හමුදාවේ හෝ පොලීසියේ ඔත්තුකරුවෙකු කවුදැයි කියා සිතා ගැනීමට නොහැකි තත්ත්වයක් හමුවේ, සැකය, අවිශ්වාසය මත මේ ප‍්‍රජාවන් අතර තිබූ සමීප අන්‍යෝන්‍ය සම්බන්ධතාවන් බිඳ වැටී ඇත.
3.6 මැතිවරණ සම්බන්ධ ප‍්‍රචණ්ඩත්වයන් හා හිරිහැර කිරීම් – ඉකුත් පළාත් පාලන ආයතන සඳහා වූ මැතිවරණ කාලයේ යාපනයේ දියත් කෙරුනු මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා හේතුවෙන්, ජනතාව අතර භීතියක් පැළපදියම්ව ඇත. මැතිවරණ කටයුතු කිරීමට තමන්ට අවස්ථාවක් නොදෙන්නේ යැයි දෙමළ ජාතික සන්ධානය සහ ජ.වි.පෙ පැමිණිළි කළහ. මෙම ප‍්‍රචණ්ඩත්වය වෙනුවෙන් චෝදනා ඉදිරිපත් වූයේ ආණ්ඩුවට සහ සිවිල් ආරක්ෂක සේවාවට ය. වැඩිම හිංසනකාරි සහ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා එල්ල කෙරුනේ දෙමළ ජාතික සන්ධානයට ය. ඉකුත් ජූලි මා ඉදිරිපත් කළ වාර්තාවෙහි, දෙමළ ජාතික සන්ධානයේ මන්තී‍්‍රවරුන් 05කු සිටිය දී අලවෙට්ටි ප‍්‍රදේශයේ දී හමුදා කණ්ඩායමක් මගින් දියත් කෙරුනු ප‍්‍රහාරය පිළිබඳ සවිස්තර සටහන් තිබිණ. එම ප‍්‍රහාාරයට සම්බන්ධ පුද්ගලයින් හඳුනා ගැනීමට හැකි යැයි එහි සිටි මන්තී‍්‍රවරුන් විසින් දිගින් දිගටම ප‍්‍රසිද්ධියේ හා බලධාරීන්ට ප‍්‍රකාශ කළ ද, මෙතෙක් ඒ සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණ වල කිසිදු ප‍්‍රගතියක් නැත. දෙමළ ජාතික සන්ධානයේ අපේක්ෂකයෙකු ගේ නිවසෙහි ගේට්ටුව මත බල්ලෙකු ගේ හිසක් සවි කර මළ සිරුර නිවස අභියස දමා තිබීම, තවත් ඉතාම අප‍්‍රසන්න සිදුවීමකි. ඊටත් අමතරව, දෙමළ ජාතික සන්ධානයේ සංවිධායෙකු ගේ නිවසෙහි ඉදිරිපස මිදුලට, අසූචි තොග දමා තිබිණ.
‘රාවය‘ 2011 ඔක්තෝබර් 30
(මෙහි ඊළග කොටස, ලබන රාවය කලාපයෙනි)
‘රාවය‘ ට අපගේ කෘතඥතාව.