“තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය“ ඒකාධිපතිත්වයක් ම වන්නේය

“තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය“ ඒකාධිපතිත්වයක් ම වන්නේය

ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා කොළඹ නගර සභා ඡන්දයේ ප්‍රථිඵල නිකුත් වූ පසු රූපවාහිනියෙන් කළ කථාව අන් අයෙකු කළේ නම් ජාතිවාදය අවුස්සන අරමුණින් කළ එකක් යැයි විශ්වාස කරන්නට ඉඩ තිබුණි. සන්ධානයට කොළඹ ඡන්දය දිනාගැනීමට නොහැකිවීමට හේතු වශයෙන් කොළඹ ජනගහයෙන් 40% ක් මුස්ලිම් ජනයා බවත් මෙවර මුස්ලිම් නගරාධිපතිවරයෙකු පත් කර ගත යුතු යැයි එක්සත් ජාතික පක්ෂය මුස්ලිම් ජනයා අතර ප්‍රචාරයක් ගෙන ගිය බවත්, කොළඹ ජනගහණයෙන් 20% ක් වන දෙමළ ජනයාද සන්ධානයට එරෙහිව ඡන්දය දුන්නේ යැයි ඇමතිවරයා කීය. මෙම ප්‍රකාශයේ සත්‍යයක් ඇත්දැයි අපි නොදනිමු. ඒ කෙසේ වුවත්, ඡන්දයේ ප්‍රථිඵල නිකුත් වූ විගස ජාතික රූපවාහිනියෙන් වගකිවයුතු ඇමතිවරයෙකු එවන් ප්‍රකාශයක් කිරීම කොළඹ මුස්ලිම් සහ දෙමළ ජනයා පිළිබඳ සිංහල ජනයා අතර විරෝධයක් ඇති කරන්නට හේතු වන්නට ඉඩ තිබුණි යන්න ඇමතිවරයාගේ අවධානයට යොමු කරන්නට කැමැත්තෙමු.

දෙවනුව එම රූපවාහිනී සාකච්ඡාවේදීම අලහප්පෙරුම ඇමතිවරයා තවත් බරපතළ ප්‍රකාශයක් කළේය. එනම්, පසුගිය පලාත් පාලන සභා ඡන්ද ප්‍රථිඵල වලට අනුව අග්නිදිග ආසියාවේ සමහර රටවල මෙන් ලංකාවද තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදයක් යටතේ සංවර්ධනය කරා ගමන් කිරීමට සූදානම් යැයි පෙන්නුම් කරන බවයි. අලහප්පෙරුම ඇමතිවරයා සඳහන් කළ මැලේසියාව, ඉන්දුනීසියාව, දකුණු කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් ධනේශ්වර සංවර්ධනයක් අත් පත් කර ගත්තේ සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයන් යටතේ නොව සෘජු ඒකාධිපතිත්වයන් හෝ විවිධාකාරයෙන් ඒකාධිපතිවාදයට සමීප වන පාලනයන් යටතේය. එහෙයින් ඇමතිවරයාගේ මෙම ප්‍රකාශය සත්‍යයක් ලෙස අඟවන සාමාන්‍යකරණයක් බව පෙන්වා දෙන්නට කැමැත්තෙමු. මෙම සමහර රටවල සංවර්ධනය සඳහා සුලු ජාතීන් මර්ධනය කෙරුණි. ඇතැම් ඒවායේ දීර්ඝ කාලයකට ජනයාගේ ප්‍රජාතන්තවාදී අයිතීන් දැඩි ලෙස මර්ධනය කෙරුණි. නමුත් ඊට වඩා වැදගත් වන්නේ මෙම කරුණු දැක්වීමෙන් ඇමතිවරයා පළ කරන දේශපාලනය අවසන් කිරීමේ අපේක්ෂාවයි. බූර්ෂුවා පාර්ලිමේන්තු ප්‍රජාතන්තවාදය යටතේ ‘තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය‘ යන්න හැඳින්විය හැක්කේ විරෝධෝක්තිය ක් (oxymoron) ලෙසිනි. අපට කියන්නට ඇත්තේ අප රටේ පවතින බූර්ෂුවා පාර්ලිමේන්තු ප්‍රජාතන්තවාදය යටතේ තනි පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ඒකාධිපතිත්වයක් මිස අනෙනක් නොවන බවයි. ඒ බව රජය දැනටමත් පෙන්වමින් සිට තිබේ. ලංකාවේ අපට අවශ්‍ය ප්‍රබල විපක්ෂයකි. ආණ්ඩවත්, රජයත් යහ මඟට ගත හැක්කේ එවිටය.

ප්‍රේක්ෂක

‘ශක්තිය‘ 2011 නොවැම්බර් කලාපයේ ‘දේශපාලන රඟහල‘
ලිපියෙනි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s