රාජ්‍ය විශ්ව විද්‍යාල පිළිබඳ වර්තමාන රජයේ ප‍්‍රතිපත්තිය හා ආකල්පය පිළිකුල් සහගතය – The government policy and attitudes on state funded University education is despicable

රාජ්‍ය විශ්ව විද්‍යාල පිළිබඳ වර්තමාන රජයේ ප‍්‍රතිපත්තිය හා ආකල්පය පිළිකුල් සහගතය
– වෘත්තීය ක‍්‍රියාමාර්ග නැවත ආරම්භ කිරීම පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ ප‍්‍රකාශය – FUTA Statement on Resuming Trade Union Action

රටට අවශ්‍ය කරන ආකාරයේ උසස් අධ්‍යාපන ප‍්‍රතිපත්තියක් වර්ධනය කිරීම පිණිස විශ්ව විද්‍යාල ආචාර්ය ප‍්‍රජාව සමග එක්ව කටයුතු කිරීම උදෙසා වර්තමාන රජය උනන්දුවක් නොදැක්වීම පිළිබඳ විරෝධය පෑම සඳහා නැවත වෘත්තීය සටන් ක‍්‍රියාමාර්ග ආරම්භ කිරීමට විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය තීරණය කර තිබේ. වර්ෂ 2012 අය වැයේදී උසස් අධ්‍යාපනය සඳහා ප‍්‍රතිපාදන වෙන් කර ඇති ආකාරය, සාවද්‍ය සේ සංකල්ප ගත කර ඇති දැනට පවත්නා උසස් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ යෝජනා, විශ්ව විද්‍යාලවල මානව හා භෞතික සම්පත් දියුණු කිරීමට උනන්දුවක් නැතිකම, විශ්ව විද්‍යාල පද්ධතිය නොසලකා හැරීමට උසස් අධ්‍යාපන ඇමතිවරයා ගත් නොයෙක් උත්සාහයක් මගින් පෙනී යන පරිදි ඉතා සුළු කාරණවලට පවා ඇමතිවරයා අතපොවන බව පෙනෙන තරමට විශ්ව විද්‍යාල දේශපාලනීකරණය වීම යන කාරණාවලින්ද මේ සියල්ලටමත් වඩා වැදගත් කාරණය වන්නේ රටට සේවය කළ හැකි විද්‍යාඥයන්, කලාකරුවන්, සමාජ විද්‍යාඥයන්, බුද්ධිමතුන් හා චින්තකයන් බිහි කරන අධ්‍යාපනයක් වෙනුවට හුදෙක් තාක්ෂණික ශිල්පීන් බිහිකරන අධ්‍යාපනය ක‍්‍රමයක් ඇති කිරීමට රජය දරන වෑයම යන කාරණයෙන්ද පෙනී යන හැටියට රාජ්‍ය විශ්ව විද්‍යාල පිළිබඳ වර්තමාන රජයේ ප‍්‍රතිපත්තිය හා ආකල්පය පිළිකුල් සහගතය.

2011 වර්ෂයේ ජූලි 21 දින වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග අත්හිටුවීමේදී විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය හා මුදල් අමාත්‍යංශය අතර ඇති වූ එක`ගතාව අනුව 2011 වර්ෂයේ ජූලි මස 07 වැනිදා උසස් අධ්‍යාපන අමාත්‍යංශය බාර දුන් අන්තර්කාලීන යෝජනාවලියේදී පැහැදිළි කරන ලද අනෙකුත් ඉල්ලීම් සැපිරීම සම්බන්ධයෙන් වැටුප් හා කාඩර කොමිසම හා මුදල් අමාත්‍යංශය සමග හමුවීම් ගණනාවක් පැවැත්විණ. එහෙත් මේ ඉල්ලීම් කිසිවක් අඩ වශයෙන් වත් තාමත් සැපිරී නැත. මුදල් අමාත්‍යංශය සමග ඇති කරගත් නිර්දේශද සාකච්ඡුාද විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සහ වැටුප් හා කාඩර කොමිසම ඔස්සේ ගොස් සම්පූර්ණ වටයක් සම්පූර්ණ කර ඇතත්, කිසිමාකාරයක ප‍්‍රගතියක් අත් කරගෙන නැත. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සිතමතාම කරන මේ සාවද්‍ය හා ප‍්‍රමාදකාරී ප‍්‍රයෝග දැඩි සේ හෙළා දකියි.

මේ සංදර්භය තුළ රාජ්‍ය ප‍්‍රතිපාදන ලබන විශ්ව විද්‍යාලවල පැවත්ම හා දියුණුව අනතුරේ වැටී ඇත යන්න පැහැදිළි දෙයකි. මේ නිසා අප රට රාජ්‍ය විශ්ව විද්‍යාල ආරක්ෂා කිරීම සඳහා දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග වෙත නැවත එළඹීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත. 2012 අප‍්‍රියෙල් මස 26 වෙනිදා සංකේත වැඩ වර්ජනයකිනුත් එදිනම කොළඹදී පැවැත්වෙන විරෝධතා ව්‍යාපාරයකිනුත් දැඩි දීප ව්‍යාප්ත වෘත්තීය ක‍්‍රියා මාර්ගයක් කරන්නේය. එම වෘත්තීය ක‍්‍රියා මාර්ගය මගින් පහත සඳහන් ඉල්ලීම් ඉදිරිපත් කෙරෙනු ඇත.

1. ඊ ළ`ග වසර දෙක තුළදී අධ්‍යාපනය සඳහා රජයේ වියදම් දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් දක්වා වැඩි කිරීමට ක‍්‍රියාමාර්ගයක් සැලසුම් කරනු.

2. අධ්‍යාපනයට සම්බන්ධ සියලූ කොටස්කාරයන් හා මහජනයා සමග සාකච්ඡුා කර අදහස් හුවමාරු කර ගැනීමේ නිසි ක‍්‍රියාවලියක් ක‍්‍රියාවට දමන තුරු දැනට කරගෙන යන සියලූ උසස් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ නවත්වනු.

3. රාජ්‍ය ප‍්‍රතිපාදන ලබන විශ්ව විද්‍යාලවල මානව හා භෞතික සම්පත් දියුණු කිරීමට වහා පියවර ගනු.

3. 1. ඉහළ සුදුසුකම් ඇති අධ්‍යයන කාර්ය මණ්ඩලයක් බඳවා ගැනීමේදී හා රඳවා ගැනීමේදී මුහුණ දෙනු ලබන එක් දුෂ්කරතාවක් වන්නේ රාජ්‍ය විශ්ව විද්‍යාලවලින් ආචාර්ය මණ්ඩලයට පිරි නැමෙන මූල්‍යමය දිරි ගැන්වීම් ඉතා අප‍්‍රමාණවත් වීමය. එම නිසා 2011 ජූලි මස 07 වෙනි දින ඉදිරිපත් කරන ලද අන්තර්කාලීන යෝජනාවල එන, 2012 අය-වැය මගින් ක‍්‍රියාත්මක විය යුතුව තිබූ වැටුප් පියවරයන් වහාම ක‍්‍රියාත්මක කරන මෙන් අපි ඉල්ලා සිටිමු.

3. 2. ඉහත සඳහන් අන්තර්කාලීන යෝජනාවලියේදී පැහැදිළි කරන ලද ඉල්ලීම් ක‍්‍රියාත්මක කිරීම පහසු කරවීම පිණිස විශ්ව විද්‍යාල ආචාර්යවරුන් රටෙහි මානව සම්පත් දියුණු කිරීමට කරන සේවයද සේවයට බඳවා ගැනීමේදී හා උසස්වීමේදී අනුගමනය කරන දැඩි පටිපාටියද සළකා ඔවුන් විශේෂ සේවාවකට අයිති පිරිසක් ලෙස සලකන මෙන් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය යෝජනා කරයි.

එසේම විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ගුණාත්මකභාවය ඉහළ දැමීම සඳහා ඒ සම්බන්ධ කරුණු සොයා බැලීමට ජ්‍යෙෂ්ඨ ආචාර්යරවැන්ගෙන් සැදි කමිටුවක් පත් කිරීමටද ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කර ඇත. සම්මේලනය මෙම තීරණය ගෙන ඇත්තේ ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය වර්තමානයේ මුහුණ දී ඇති අභියෝගවලට මුහුණදීමෙහිලා අවශ්‍ය ඉතා වැදගත් පූර්ව කොන්දේසියක් ලෙස ආචාර්යවරුන්ගේ ගුණය හා තත්ත්වය දියුණු කිරීම සම්මේලනය විසින් හඳුනා ගැනී ඇති නිසාය.

The government policy and attitudes on state funded University education is despicable
– FUTA Statement on Resuming Trade Union Action

Federation of University Teachers’ Associations (FUTA) has decided to resume its trade union action in opposition to the lack of interest of the present government in working together with the university academic community in the country to develop a higher education policy that would serve the interests of the nation. The government policy and attitudes on state funded University education is despicable as apparent from its 2012 budget allocation, the ill conceived higher education reform proposals, the lack of interest in improving the human and physical resources, the various attempts by the Minster of Higher Education to undermine the system and the politicization of the system to such an extent where the Minister is seen to play an increasingly interfering role in all affairs including the most mundane of its affairs, and most important of all, the government’s move to substitute an education that would at its best produce mere technocrats to one that would produce scientists, artists, social scientists, intellectuals and thinkers who can serve the nation.

Following the agreement between the FUTA and Ministry of Finance at the time of the suspension of the TUA in 21st July 2011, there have been a plethora of meetings with the, Salaries and Cadre Commission, and Ministry of Finance towards the fulfillment of the rest of the FUTA demands as outlined in its interim proposal handed over to the MOHE on 7th July 2011. However none of the demands have been, even partially, met. Recommendations made and the discussions that began with the Ministry of Finance have come full circle, after passing through the UGC and Salaries and Cadre Commission to the Ministry of Finance without any progress what so ever. The FUTA strongly condemns these deliberate, reprehensible and dilatory tactics.

In this context it seems clear that the existence and well being of the entire state funded Higher education system is in jeopardy. Thus the FUTA has decided to revert to stern action in order to safeguard the state Universities of the country. Specifically the FUTA will embark on strong island wide trade union action, beginning on the 26th of April 2012 with a token strike and a public protest campaign in Colombo on the 26th demanding the following:

1. Delineate a course of action to increase government spending on education that will reach 6% of GDP within the next 2 years.
2. Suspend all existing higher education reform processes until a proper consultative process involving all stakeholders and the public has taken place.

3. Take immediate steps to improve the physical and human resources of the state funded University system.

3.1. One of the difficulties faced by the state Universities in recruiting and retaining high quality academic staff is the poor financial incentives offered by the state Universities. Thus we demand the immediate implementation of the remuneration steps outlined in the interim proposal of 7th July 2011 with steps that should have been implemented in the 2012 budget settled without arrears.

3.2. In order to facilitate the demand outlined above the FUTA suggests that the academics be considered as a special category of service personnel, based on the crucial role they have in developing the country’s human resource capability and the stringent recruitment and promotion scheme that they have to follow.

FUTA has also decided to appoint a committee consisting of senior academics to look into matters related to the enhancement of the quality of University teachers. This decision was taken as FUTA strongly believe that the improvement of the quality of university academics is the most important prerequisite in facing present challenges for the public university system in Sri Lanka.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s