අවුන් සාන් සූ චී අපේ කාලයේ වීරවරියකි! ථෙරවාදී බුරුමය ප්‍රජාතන්ත්‍රවාදී මඟ ගනියි!!

අවුන් සාන් සූ චී අපේ කාලයේ වීරවරියකි! ථෙරවාදී බුරුමය ප්‍රජාතන්ත්‍රවාදී මඟ ගනියි!!

බුරුමයේ නැතහොත් මියන්මාරයේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන ලීගයේ නායිකා නෝබෙල් ත්‍යාගලාභී අවුන් සාන් සූ චී (Aung San Suu Kyi) අවුරුදු 20 ක් පුරා ඇය ගත කළ නිවාස අඩස්සියෙන් නිදහස්ව එරට පාර්ලිමේන්තු මැතිවරණයකට සහභාගී වී ජය ලබා සිටින්නීය. 1990 දී ඇගේ පක්ෂය ලැබූ මැතිවරණ ජයග්‍රහණය තුවක්කුවේ බලයෙන් පාගා දමමින් හමුදා කුමන්ත්‍රණයකින් බලය පැහැර ගෙන අවුරුදු 20 ක් පුරා බුරුම ජනතාව ඒකාධිපති පාලනයට යටත් කොට ගෙන සිටි එරට මිලිටරි ජුන්ටාවට අවුන් සාන් සූ චී ගේ අප්‍රතිහත අධිෂ්ඨානය සහ ලොව ප්‍රජාතන්ත්‍රහිතකාමී ජනතාවන්ගේ විරෝධය මැද යළිත් ප්‍රජාතන්ත්‍රවාදයට එරට විවෘත කරන්නට සිදුවීම අපේ යුගයේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ සුවිශිෂ්ඨ ජයග්‍රහණයකි. අවුන් සාන් සූ චී, නූතන බුරුමයේ පියා ලෙස සැළකෙනු ලැබෙන අවුන් සාන් ගේ දියණියයි. තම දේශයේ ජනතාවගේ නිදහස වෙනුවෙන් තම ජීවිතයේ වටිනා අවුරුදු 20 ක් කැප කළ ඇයට එනිසා තම සැමියා සහ දරුවන් සමග ජීවත් වීමේ අවස්ථාවද අහිමි වීය.

බුරුමය ථෙරවාදී බුදුදහම පවත්නා රටකි. අවුන් සාන් සූ චී ගේ අප්‍රතිහත අධිෂ්ඨානය පදනම් කොට ගෙන බුරුම ජනයා ලද මෙම ජයග්‍රහණය පෙන්නුම් කරන්නේ ථෙරවාදී බුදුදහම ප්‍රජාතන්ත්‍රවාදයට පිටිවහලක් සපයන බව නොවේද? බුරුමයත් ප්‍රජාතන්ත්‍රවාදී මඟ ගන්නා කළ ලංකාවේ අපි කුමන මඟක් ගනිමුද?

– කතිකා

තවත් ඡායාරූප සහ වීඩියෝ සඳහා බලන්න

telegraph

telegraph

huffingtonpost

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s