සිදුවීමට ඉඩ ඇතැයි අප බියපත් වූ දෙය දැන් සිදු වී තිබේ

සිදුවීමට ඉඩ ඇතැයි අප බියපත් වූ දෙය දැන් සිදු වී තිබේ
පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රසිද්ධ පක්ෂ සම්මේලනයක් පවත්වා මහජන තලයේ දේශපාලනයට නිල වශයෙන් පිවිසීමට දින දෙකකට පෙර එම පක්ෂයේ නායකයන් වන කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම පශ්චාත් යුද ලංකාවේ සාමකාමී සහ ස්ථායී දේශපාලන සහ සමාජීය පසුබිමක් ගොඩ නඟාගැනීමට ලාංකේය ජනයා තුළ ඇති අභිලාෂයට බලවත් පහරකි. අලුතින් දේශපාලන පක්ෂ සහ සංවිධාන බිහිවීම අප සමාජයේ දේශපාලන සාකච්ඡාව පුළුල් සහ ගැඹුරු කරන්නට හේතු විය හැකිය. දකුණේ හෝ උතුරේ වුව ජනයාට, විශේෂයෙන් තරුණ ජනයාට විවෘත දේශපාලනයේ යෙදීමට අවකාශය සකසා දීමෙන් දේශපාලන අභිලාෂයන් පාතාලභූමි ගත වීම වළක්වා අප සමාජය යහපත් එකක් බවට පත් කර ගැනීමට අපට හැකිවනු ඇත. අප එම පක්ෂයේ දේශපාලන අදහස් සමඟ එකඟ වුවත් නැතත් එබඳු පක්ෂයක් බිහිවීම පිළිබඳ අප සතුටු විය යුත්තේ එවැන්නක් අපේ තරුණයන් යහපත් පුරවැසියන් බවට පත් කිරීමට ඉඩ ඇති නිසාය. අපට අපගේ තරුණ පරපුර රැක ගන්නට අවශ්‍ය නම් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය ඔවුනට විවර කළ යුතුය. ලාංකේය ජනයාට බියෙන් සහ සැකයෙන් තොරව අදහස් ප්‍රකාශ කිරීමට සහ දේශපාලනයේ නියැලෙන්නට අවශ්‍ය අවකාශය රජය විසින් සම්පාදනය කොට දිය යුතුය. සමාජය අස්ථාවර වන්නේ එබඳු ඉඩකඩ වසා දැමූ විටය.

– කුමුදු

බලන්න

ජනතා විමුක්ති පෙරමුණේ වාම කණ්ඩායම මහජන තලයේ දේශපාලනයට කැඳවිය යුතුයි

සහ

New Left of the JVP should be encouraged to enter public realm

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s