ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්‌ දැරූ පමණින් කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි – අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය

ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්‌ දැරූ පමණින් කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි
– අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය

“ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්‌ දැරූ පමණට කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධය. මිනිස්‌ උත්තරීතරත්වය කෙලෙසීමකි. එය සෑම ආගමික චින්තනයකටම විරුද්ධ වේ. රටේ පොදු නීතියට විරුද්ධව යමෙකු කටයුතු කර ඇත්නම් ඔහුට හෝ ඇයට පොලිසිය හෝ උසාවිය මාර්ගයෙන් දඬුවම් ලබාදීමට සැලැස්‌වීම විනා වෙනත් විකල්ප සාධාරණීය කරණය කිරීම වරදකි. මෙය භයානක තත්ත්වයකි.“ යැයි අගරදගුරු සමාජ සන්නිවේදන හා සංස්‌කෘතික මධ්‍යස්‌ථානය ප්‍රවෘත්ති නිවේදනයක්‌ ප්‍රකාශයට පත්කරමින් කියා සිටී.

එහි මෙසේද සඳහන් වේ.

ශ්‍රී ලංකාව තුළ 1970 දශකයේ සිට විවිධ රජයන් හා දේශපාලන පක්‍ෂ මෙන්ම අන්තවාදී ආයුධ හරඹවල යෙදුණු කණ්‌ඩායම් ද තමන්ගේ මති මතාන්තරවලට එකඟ නොවන පුද්ගලයන් පැහැරගෙන යැම හෝ අතුරුදන් කරවීම මෙන්ම ඔවුන්ගේ මළ සිරුරු තැන තැන ප්‍රසිද්ධ ලෙස ප්‍රදර්ශනය කිරීමද සිදු කළ බව අමුතුවෙන් කිව යුතු දෙයක්‌ නොවේ. මෙය 80 හා 90 දශකවල වඩා භයානක ලෙස සිදුවූ දෙයකි. එලෙසම ප්‍රතිවාදී දේශපාලන පක්‍ෂවල හෝ පාතාල කණ්‌ඩායම්වල නායකයින් අතුරුදන් කරවීම හෝ ඝාතනය කිරීමද විවිධ අවස්‌ථා වලදී සිදුවිය. මේ අතරට ද්‍රවිඩ හා සිංහල ත්‍රස්‌තවාදී කණ්‌ඩායම් විසින් සිදු කරන ලද ඝාතන ද ඇතුළත් වේ. එවැනි අතුරුදන් කිරීම් හෝ ඝාතනයන් සම්බන්ධව පොදුවේ පරීක්‍ෂණ පවත්වා නැති බවද සත්‍යයකි. මෙසේ ඝාතනය වූ අය අතර ද්‍රවිඩ සිංහල දේශපාලන නායකයෝද සිටිති. මේ අපරාධවලට නිත්‍යානුකූලව දඬුවම් දීම සිදුවී ඇත්තේ ද අල්ප වශයෙනි. සමාජයට අහිතකර පාතාලයේ පුද්ගලයන් ඉවත් කිරීමද ඇතැම් විට ඒ ඒ කණ්‌ඩායම් අතර ඇති තරගකාරීත්වය හා වෛරය නිසා සිදුවන පැහැර ගැනීම් හා අතුරුදන් කිරීම් ගැනද අපට අසන්නට ලැබේ. ප්‍රතිවිරුද්ධ අදහස්‌ දරන දේශපාලන නායකයින් වෙතද මේ තර්ජනය එල්ලවී ඇත.

ප්‍රතිවිරුද්ධ දේශපාලන අදහස්‌ දැරූ පමණට කෙනෙකු අතුරුදන් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධය. මිනිස්‌ උත්තරීතරත්වය කෙලෙසීමකි. එය සෑම ආගමික චින්තනයකටම විරුද්ධ වේ. රටේ පොදු නීතියට විරුද්ධව යමෙකු කටයුතු කර ඇත්නම් ඔහුට හෝ ඇයට පොලිසිය හෝ උසාවිය මාර්ගයෙන් දඬුවම් ලබාදීමට සැලැස්‌වීම විනා වෙනත් විකල්ප සාධාරණීය කරණය කිරීම වරදකි. මෙය භයානක තත්ත්වයකි.

මෙවැනි පැහැර ගැනීම් හෝ අතුරුදන් කිරීම් අප රටේ ආගමික සභ්‍යත්වයට කිසිසේත් නොගැලපේ. එහෙත් මිනිස්‌ සමාජය තුළ නීතිය හා සාමය රැකීම සාධාරණ න්‍යාය ධර්මයන්ට අනුව සිදුවිය යුතු දෙයකි. එයට පරිභාහිරව කටයුතු කිරීම මනුෂ්‍යත්වයට නුසුදුසුය. මානව ගරුත්වයට පටහැනිය.


www.lankaviews.com/

Comments

  1. දෙවියෝ ලොක මැව්වා කියල බොරු කියල මිනිස්සු රවටන එකත් ඔය මානව මොකක්ද එකට පටහැනි නැතිව ඇති ‍නේද?

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s