රට රකින මඟ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යි
කුමුදු කුසුම් කුමාර
පෙරටුගාමී සමාජවාදී පක්ෂය උතුරු නැගෙනහිර දෙමළ ජනයා සමග දේශපාලනය කරන්නට එළඹීම නිසා ගෝඨාභය රාජපක්ෂ එහි බලවත් වීම දකිනු ඇත්තේ ත්‍රස්තවාදය යළි හිස එසවීමට අවස්ථාවක් නිර්මාණය කිරීමක් ලෙසින් විය හැකිය. ඔහු දකින පරිදි දේශප්‍රේමීන් මේ බව වටහා ගෙන කටයුතු කරන ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලට තම කටයුතු නිසි ලෙස ඉටු කිරීමට ඉඩ දිය යුතුය. එමෙන්ම සමාජවාදය තේමාව කරගත් පක්ෂයක් යලිත් ලංකාවේ බලවත් වීම තමන් ප්‍රිය කරන ධනේශ්වර මොඩලයේ දියුණුවක් කරා ලංකාව ගෙන යාමට බාධාවක් වනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කරනවා විය හැකිය. දේශප්‍රේමීන් එබඳු සමාජවාදී වැඩ පිළිවෙළකට සහයෝගය නොදිය යුතු යැයි ඔහු කියන්නාක් මෙනි. රජයේ ඉහළ මට්ටමේ නිලධාරියෙකු සහ ජනාධිපති රාජපක්ෂගේ සහෝදරයෙකුද වන ගෝඨාභය රාජපක්ෂගේ අදහස් බැරෑරුම්ව සළකා සාකච්ඡා කිරීම රටේ යහපත පතන්නන් ගේ වගකීමකි. මෙම ලිපිය එබඳු උත්සාහයකි.
කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම සිදුවූ දිනවලම ඇමති විමල් වීරවංස ඉංග්‍රීසි පුවත් පතකට පවසා තිබුණේ පශ්චාත් යුද සමාජයේ පාලන තන්ත්‍ර යේ වෙනසක් කිරීම සඳහා විදේශීය බලවේගයන්ගේ මැදිහත්වීම පහසු කිරීමට රට තුළ කළබල ඇති කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ක්‍රියා කරමින් සිටින බවයි. පාලන තන්ත්‍ර යේ වෙනසක් සඳහා විදෙස් බලවේග කෙරෙහි බලාපොරොත්තු තැබීම පිළිබඳ අදහසක් ජනයා අතර පැතිර යන්නේ නම් ඊට ප්‍රධාන හේතුව රට තුළ දේශපාලනයට, අදහස් ප්‍රකාශ කිරීමට ඇති අවකාශය අහිමි වී ඇති බවට විශ්වාසයක් ජනයා අතර පැතිර යාමයි. රට තුළ නීතියේ පාලනය බිඳ වැටීම සංකේතවත් කරන දිගින් දිගටම වාර්තා වූ සුදු වෑන් වලින් පැහැර ගෙන යාම පිළිබඳ පුවත් ජනයා අතර මෙබඳු හැඟීමක් තර කරන්නට හේතු වී තිබේ.
කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙන පැහැර ගැනීම ඉමහත් සේ දෙස් විදෙස් අවධානය දිනා ගත්තා මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන පිරිස් කුළු ගැන්වීමට ද හේතුවීය. රජය පැත්තෙන් ගත් කළ මෙම සිද්ධියේ ඵල විපාකවල වැදගත්කම ප්‍රකාශයට පත් වූ අවස්ථාවක් වූයේ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ අයි.ටී.එන් රූපවාහිනි යේ ‘දොරමඬලාව‘ වැඩ සටහනට සහභාගී වීමයි. සති අන්ත ඉංග්‍රීසි පුවත් පතක් වාර්තා කළේ මේ සඳහා කලින් සැළසුම් කොට තිබූ දොරමඬලාව වැඩ සටහන සජීවී ලෙස විකාශය වන්නට පැය කිහිපයකට පෙර හදිසියේ එය අවලංගු කොට ලේකම් වරුන් දෙදෙනාට ඒ සඳහා අවස්ථාව ලබා දුන් බවයි. දොරමඬලාවට ගෝඨාභය රාජපක්ෂ සහභාගීවීමත් එම සාකච්ඡාවට ලක් වූ කරුණු දොරමඬලාවේ දී ඉදිරිපත් වීමත් යුක්ති යුක්ත බවට හේතු මෙහෙයුම්කරු වැඩ සටහන අතර තුර විටින් විට ප්‍රේක්ෂකයනට කියා සිටියේය. කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙන පැහැර ගැනීම අවසානයකට ඒම පිළිබඳ මුල්ම තොරතුර මහජනයාට ප්‍රකාශ වූයේද මෙම වැඩ සටහනෙහි අවසාන භාගයෙහිදී ය. පැය දෙක හමාරක් පමණ දිවෙන මෙම වැඩ සටහනෙහි අවසාන පැය භාගය ආරම්භයේදී මධ්‍යම රාත්‍රියෙන් පසු ගෝඨාභය රාජපක්ෂ හෙළිදරව් කළේ කුමාර් ගුණරත්නම් පොලිසියකට භාර වූ බව වැඩ සටහන ආරම්භයට පෙර තමාට දැනගන්නට ලැබුණු බවයි.
‘සුදුවෑන් මිථ්‍යාව‘
මෙම වැඩ සටහනේදී ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළ අදහස් වල හරය වූයේ රටේ සිංහල ජනයාගේ දේශප්‍රේමයට ආමන්ත්‍රණය කිරීමේ උත්සාහයක් යැයි කිව හැකිය. මව්රටට ද්‍රෝහි වීම පුද්ගලයෙකුගේ වටිනාකම පිළිබඳ තීරණාත්මක සාධකය බව ලලිත් වීරතුංග කියා සිටියේය. ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ යුද්ධය දිනා ලබාගත් සාමය ආපස්සට හැරවීම අරමුණු කොට යළි ත්‍රස්තවාදය හිස එසවීමේ තර්ජනයක් තිබෙන බවත්, ඊට එරෙහිව ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ මෙම කාර්යය හොඳින් වටහා ගෙන නිවැරදි සැලැස්මක් අනුව මුහුණ දෙන බවත් ය. එහෙයින් රටට ආදරය කරන සියලු දෙනා මේ පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව වගකීම හරියාකාරව ඉටු කිරීමට ඉඩ දිය යුතුය. දැන් අපගේ මී ළඟ පියවර වන්නේ ආසියාවේ දියුණු රටවල් අනුව යමින් අපත් ආර්ථික දියුණුව ලබා ගැනීම යි. මෙම අරමුණ අවුල් කරන වෙනත් න්‍යාය පත්‍රයන්ට ගමන් කරන අයට ජනතාව අසු නොවිය යුතුය. සුදුවෑන් වලින් මිනිසුන් පැහැර ගෙන යාම සහ මිනිසුන් අතුරුදහන් කිරීම පිටුපස රජයේ හස්තය ඇතැයි යන විශ්වාසය ජනයා වැළඳගත් මිථ්‍යාවකි. ඉතින්, ලලිත් වීරතුංග සහ ගෝඨාභය රාජපක්ෂ දෙපළ ගේ මෙම අදහස් කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙන පැහැර ගැනීමට රටේ ඇතිවූ පෙළ ගැසීම්වලට දැක්වූ ප්‍රතිචාරය ක් ලෙස අප පිළිගන්නේ නම් අප මෙම අදහස් වටහා ගත යුත්තේ කෙසේද?
කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල දෙදෙන ජනතා විමුක්ති පෙරමුණෙන් සාමාජික පිරිසක් කැඩී වෙන්වී සදන ලද පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායකයන් දෙදෙනෙකි. ඉන් කුමාර් ගුණරත්නම් නව පක්ෂයේ පමණක් නොව ජනතා විමුක්ති පෙරමුණේ ද අප්‍රකට සැබෑ නායකයා යැයි කියැවුණු පුද්ගලයා ය. ඔවුන් දෙදෙන පැහැරගෙන ගොස් තිබියදීත් එම පක්ෂය පුවත් පත් වාර්තා වලට අනුව පන් දහසක පමණ පිරිසක් කොළඹට කැඳවා තම පළමු සම්මේලනය පවත්වන්නට සමත් වීය. මෙම තත්වය රටේ වාමාංශික පිරිස් අතර පිබිදීමක් ඇති කරන්නට සමත් වී තිබේ. පවත්නා රජය සහ තත්වය පිළිබඳ විවේචනයක් ඇති තරුණ පිරිස් නව පක්ෂය වෙත ආකර්ෂණය වන්නට ඉඩ තිබේ. තවද, පක්ෂය පිහිටුවීමට පෙර ‘ජන අරගල කණ්ඩායම‘ නමින් හැඳින්වුණු එම කණ්ඩායම උතුරු නැගෙනහිර ජනයා සමඟ ප්‍රසිද්ධියේ දේශපාලන කටයුතු වල යෙදෙනු දක්නට ලැබුණි. 2011 දෙසැම්බර මස පැහැර ගනු ලැබූ ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගනාදන් ජන අරගල කණ්ඩායම සමග උතුර නැගෙනහිර දේශපාලනය කළ දෙමළ තරුණයන් දෙදෙනෙකි. ඔවුන් රජයේ අත් අඩංගුවේ සිටින්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂය විශ්වාස කරයි.
පෙරටුගාමී සමාජවාදී පක්ෂය උතුරු නැගෙනහිර දෙමළ ජනයා සමග දේශපාලනය කරන්නට එළඹීම නිසා ගෝඨාභය රාජපක්ෂ එහි බලවත් වීම දකිනු ඇත්තේ ත්‍රස්තවාදය යළි හිස එසවීමට අවස්ථාවක් නිර්මාණය කිරීමක් ලෙසින් විය හැකිය. ඔහු දකින පරිදි දේශප්‍රේමීන් මේ බව වටහා ගෙන කටයුතු කරන ආරක්ෂක අංශ සහ බුද්ධි අංශවලට තම කටයුතු නිසි ලෙස ඉටු කිරීමට ඉඩ දිය යුතුය. එමෙන්ම සමාජවාදය තේමාව කරගත් පක්ෂයක් යලිත් ලංකාවේ බලවත් වීම තමන් ප්‍රිය කරන ධනේශ්වර මොඩලයේ දියුණුවක් කරා ලංකාව ගෙන යාමට බාධාවක් වනු ඇතැයි ගෝඨාභය රාජපක්ෂ විශ්වාස කරනවා විය හැකිය. දේශප්‍රේමීන් එබඳු සමාජවාදී වැඩ පිළිවෙළකට සහයෝගය නොදිය යුතු යැයි ඔහු කියන්නාක් මෙනි. රජයේ ඉහළ මට්ටමේ නිලධාරියෙකු සහ ජනාධිපති රාජපක්ෂගේ සහෝදරයෙකුද වන ගෝඨාභය රාජපක්ෂගේ අදහස් බැරෑරුම්ව සළකා සාකච්ඡා කිරීම රටේ යහපත පතන්නන් ගේ වගකීමකි. මෙම ලිපිය එබඳු උත්සාහයකි.
සමාජවාදය පිළිබඳ කරුණ පළමුව ගනිමු. සමාජවාදය ලංකාවේ මුල් බැස ගත් අදහසකි. 1931 පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ පටන්ම සමාජවාදීහු මෙරට ජනතාව නියෝජනය කොට තිබේ. ජාතික චින්තනයේ නිර්මාතෘ ගුණදාස අමරසේකරයෝත් ලංකාව බෞද්ධ දැක්මෙන් සමාජවාදී චින්තනය උරුම කොට ගත් රටකැයි කියති. මෙය බටහිරින් ආ සමාජවාදය මෙරට මුල් බැස ගන්නට හේතුවක් විනැයි යන අමරසේකරයන්ගේ අදහසෙහි සත්‍යයක් ඇතැයි සිතිය හැකිය.
සමාජවාදය තර්ජනයක් ද?
1980 ගණන් වල අග භාගයේ සිට ලොව පවත්නා සමාජවාදී පද්ධතිය බිඳ වැටුණි. ලංකාවේ ඉපැරණි වාමාංශය යැයි දැන් නම් කොට ඇති එකළ පැරණි වම 1977 මැතිවරණයෙන් සහමුලින්ම පරාජයට පත්වීය. පසුකළෙක ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) පුනරාගමනය වාමාංශික දේශපාලනයට නව පණක් දුන්නේය. 1987-90 සමයේ ජේ.ආර්. සහ ප්‍රේමදාස ජනාධිපතිවරුන්ගේ පාලනයන් සමග හවුල් වී, ජවිපෙ ලාංකේය සමාජය මත කුරිරු ප්‍රචණ්ඩත්වයක් මුදා හැරියේය. එකල මර්ධනයට හසුව සැඟවී ගොස් කලකට පසු යලි දේශපාලනයට පිවිසි ජවිපෙ අද වන විට පැරණි වමක් බවට හීලෑ වී ඇත.
ධනවාදයේ අර්බුද සමගින් සමාජවාදය පිළිබඳ අලුත් බලාපොරොත්තුවක් ලොව ඇතිවෙමින් පවතියි. ලංකාවේ පෙරටුගාමී පක්ෂය බිහිවීමද එම බලාපොරොත්තුවේම කොටසකි. ලංකාවේ නගර බදත් ගම්බදත් පරම්පරා කිහිපයක් තිස්සේ වාමාංශිකයන්ව සිට ඇති පවුල් වෙසෙති. ජවිපෙ බිහිවූයේ එම ඉපැරණි වමේ කුස තුළිනි. ජවිපෙ ප්‍රචණ්ඩ ක්‍රියා සහ ඝාතන හේතුවෙන් සමාජවාදී දේශපාලනය කෙරෙහි බලවත් අප්‍රසාදයක් ලාංකේය සමාජයේ පැණ නැඟුණු බව සැබෑවකි. ඉපැරණි වමද එබඳු ප්‍රචණ්ඩ ක්‍රියා අදත් අනුමත නොකරති. නමුත් සමාජවාදය කෙරෙහි ඇති විශ්වාසය ඔවුන් අත් හැර දමා නැත. වාමාංශිකයන් සමහරෙකු සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය තැබීමට පටන් ගෙන තිබීම ද මෙම කඳවුර තුළ ඇති වී ඇති වෙනසකි.
සමාජවාදයට, වාමාංශික දේශපාලනයට විරුද්ධ අය වෙතොත් ගෝඨාභය රාජපක්ෂ දොරමඬලාවේදී කළා මෙන් ඒ පිළිබඳ තම මතය මහජනයාට ඉදිරිපත් කොට ඒ පිළිබඳ විනිශ්චයකට එළඹෙන්නට ජනයාට ඉඩ දිය යුතුය. අප ඔවුන්ගේ දේශපාලන අදහස් සමඟ එකඟ වුවත් නැතත් සමාජවාදීන්ටත් ධනවාදීන්ටත් තම දේශපාලන අදහස් ප්‍රකාශ කිරීමේ සහ ඒ අනුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නිරත වීමේ නිදහස එකසේ සහතික කරන්නට අප කැප විය යුතුය. තම මතය කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ නිරත වීමේ නිදහස තරුණයන්ට ලබා නොදුනහොත් එම සමාජය වියවුලට පත්වීම නොවැළැක්විය හැකි වෙයි.
සිංගප්පූරු සිහිනය
ලංකාව දියුණු කිරීමේ මොඩලය ආසියාවේ අනෙකුත් දියුණු රටවල් දෙස බලා හදා ගැනීම ලංකාව වෙනස් කිරීම අපේක්ෂා කරන්නන්ගේ සිහිනයක්ව තිබී ඇත. මේ පිළිබඳ ලොව පවත්නා අවබෝධය අපට කියා දෙන්නේ හැම රටක්ම එහි ඉතිහාසය, සංස්කෘතිය සහ සම්ප්‍රදාය හේතුවෙන් අද්වීතිය වන හෙයින් එක් රටකට තවත් රටක් අනුකරණයෙන් දියුණු විය නොහැකි බවයි. හැම රටක්ම දියුණුව පිළිබඳ තමන්ගේම දැක්මක් තනා ගත යුතුවෙයි. එම දැක්ම ගොඩ නඟා ගැනීමේ හොඳම මඟ අදාළ සියළු පාර්ශ්වයන් අතර ඇතිවන සම්මුතියෙන් ගොඩ නැඟෙන එකඟත්වය මිස සුළු පිරිසක් නිවැරදි දේ මේ යැයි ඉඳුරා දන්නේ යැයි සිතා හදන මොඩලයක් නොවේ. ජේ. ආර්. ජයවර්ධන ලංකාව සිංගප්පූරුවක් කිරීමේ තම සිහිනය සැබෑවක් කරන්නට ලංකාවේ එතෙක් කල් පැවති පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයත් ඊට පදනම සැපයූ මූලික ආයතන ව්‍යුහයන් ද විධායකයේ දැඩි හස්තය යටතට ගෙන ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ලාංකේය ජනයා තුළ තිබූ විශ්වාසය බිඳ දැමුවේය. ජේ. ආර්. ජයවර්ධන සමාජය මත මුදා හරින ලද දරුණු මර්ධනය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් අහිමි කිරීමට එරෙහි සටන ලාංකේය ජනයා ජයගත්තේ අවුරුදු 17 සටනකට පසුවය. සූරියකන්දේ මිනී කඳු මතින් චන්ද්‍රිකා කුමාරතුංග බලයට පැමිණියේ එම සටනේ ප්‍රථිඵලයක් ලෙසිනි. ජේ. ආර්. ජයවර්ධනගේත් රනිල් වික්‍රමසිංහගේත් නව-ලිබරල්වාදී වැඩ පිළිවෙළ මෙරට ජනයා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීම මහින්ද රාජපක්ෂ ජනාධිපති කරවීමට දායකවීය. එහෙයින් මෙරට ජනයා තමන් ප්‍රතික්ෂේප කළ නව-ලිබරල්වාදය ජනාධිපති රාජපක්ෂ විසින් යළි ක්‍රියාත්මක කරනු ඇතැයි අපේක්ෂා නොකරති. කිසියම් ආනයනය කළ සංවර්ධන මොඩලයක් වෙනුවෙන් ජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස කප්පාදු කිරීම මෙරට ජනයා නොඉවසති. එවැන්නක් ප්‍රතිසංධානය සඳහා වන ජනතා අපේක්ෂා සහ සංවර්ධනය පිළිබඳ පාලන තන්ත්‍ර යේ අපේක්ෂා අතර ගැටුමක් වර්ධනය විය හැකි බවයි. දේශපාලනඥයන් උගත යුතු එහෙත් කවදාවත් ඉගෙන නොගන්නා බව පෙනෙන පාඩම් මේවාය.
ත්‍රස්තවාදය යළි හිස ඔසොවීමේ බිය
ත්‍රස්තවාදය යළි හිස ඔසොවීමට ඇති ඉඩ පිළිබඳ බියක් ගෝඨාභය රාජපක්ෂට තිබීම යමෙකුට වටහා ගත හැකි විය යුතුය. ත්‍රස්තවාදය යළි හිස ඔසොවීම වළක්වන්නට ඇති හොඳම මග වන්නේද දකුණේ මෙන්ම උතුරු නැගෙනහිර පළාත් වලත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය සඳහා අවකාශය මුළුමනින්ම විවෘත කිරීම යි. ලලිත් සහ කූගන් පැහැර ගැනීම පෙන්නුම් කරන්නේ උතුරු නැගෙනහිර දෙමළ ජනයා දේශපාලනයට පිවිසීම පිළිබඳ එසේ පැහැරගත්තවුන් දක්වන බියයි. සාමයට එරෙහි දේශපාලන කල්ලි බිහිවන්නේ නම් ඊට පිළිතුර හමුදාව දේශපාලනයට මැදිහත් වීම නොවේ. ඊට පිළිතුරු දෙන්නට ජනයාට හැකිවන පරිදි ප්‍රජාතන්ත්‍රවාදී ඉඩකඩ ඇති කිරීම යි. ලලිත් සහ කූගන් පැහැර ගත්තවුන් ඔවුන් නිදහස් නොකළහොත් යුද්ධය නිමාවෙන් පසුත් උතුරු නැගෙනහිර දෙමළ ජනයාට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයේ යෙදීමට අවකාශ අහිමි වීමේ කලු පැල්ලමක් ලෙස ඔවුන්ගේ පැහැර ගැනීම පෙරටුගාමී පක්ෂයේ දේශපාලනය තුළ ජිවමානව පවතිනු ඇත.
‘නිල් වෑන්‘ ‘සුදු වෑන්‘ වීම
ගෝඨාභය රාජපක්ෂ යෝජනා කරන පරිදි සුදුවෑන් වලින් මිනිසුන් පැහැර ගෙන යාම සහ මිනිසුන් අතුරුදහන් කිරීම පිටුපස රජයේ හස්තය ඇතැයි යන විශ්වාසය ජනයා වැළඳගත් මිථ්‍යාවක් නම් එම මිථ්‍යාව පවතින්නට හේතු තේරුම් ගැනීමට අප උත්සාහ කළ යුතුය. මෙම ජන විශ්වාසයේ පදනම වන්නේ ආයුධ සන්නද්ධව සිවිල් ඇඳුමින් සැරසුණු පිරිස්වලට වෑන් රථ වල නැඟී රැයෙහි මෙන්ම දවාලේත් මහ මඟ සැරිසරන්නට හැකි වී තිබේ යන පිළිගැනීම යි. අනෙක් කරුණ මෙවැනි පැහැරගැනීම වලට වග කිව යුත්තන් අල්ලා ගැනීමට ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ අපොහොසත් වීමයි. එය තමනට ආරක්ෂාව සැපයීමට රජයට ඇති හැකියාව පිළිබඳ බරපතළ අවිශ්වාසයක් ජනයා තුළ ඇති කරන්නට හේතු වී තිබේ. රජයට පාලනය කළ නොහැකි ආයුධ සන්නද්ධ කල්ලි නගරයේ සැරිසරන්නේ යැයි ජනතාව තුළ විශ්වාසයක් ඇති වීම රජය කෙරෙහි ජනයා තුළ ඇති පිළිගැනීම බිඳ හෙලන්නට හේතු වෙයි. එය රාජ්‍යය අපොහොසත් වීමකි.
උදාහරණයක් ලෙස, කොළොන්නාවේ නගරාධිපති පැහැර ගැනීමේ උත්සාහය යැයි කියැවුණු සිද්ධියේදී එම ආයුධ සන්නද්ධ ආරක්ෂක නිලධාරීන් හමුදාවෙන් පැන ගිය සෙබලුන් සොයා ගියේ නම් ඔවුන් ඒ කටයුත්ත සඳහා පොලීසිය සමඟ එක්ව යෙදවීමෙන් අනියත ලෙස ජනයා බිය පත්වීම වළක්වා ගත හැකිව තිබුණි. ඇමති ජීවන් කුමාරතුංග ගේ මස්සිනා වන සාගර සේනාරත්න පැහැර ගැනීමේදී ජනාධිපති මහින්ද රාජපක්ෂටත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂටත් කථා කරන්නට ජීවන් කුමාරතුංග සමත් වීමෙන් තම ජීවිතය ගැළවුණු බව සාගර සේනාරත්න ජන මාධ්‍යයට පවසා තිබුණි. ඒ පිළිබඳ කිසියම් පැහැදිළි කිරීමක් රජයෙන් කෙරුණු බවක් වාර්තා වී නොතිබුණි. වත්තලදී කෙරුණු පැහැර ගැනීමක් පිළිබඳ අනුවේදනීය විද්‍යුත් මාධ්‍ය වාර්තාවක එම පැහැර ගැනීමට ලක් වූ තැනැත්තාගේ තරුණ පුතා සහ දුව වැළපෙමින් තම පියා නිදහස් කරදෙන ලෙස ජනාධිපති රාජපක්ෂටත් ගෝඨාභය රාජපක්ෂටත් ආයාචනය කර සිටීම පැහැදිළි කලේ මෙම පැහැරගැනීම් හමුවේ සාමාන්‍ය ජනයා පත් වී ඇති අන්ත අසරණ තත්වයයි. පැහැර ගැනීමට ලක් වූ තැනැත්තාගේ ඥාතියෙකු රජයට කියා සිටියේ තම ඥාතියා වරදක් කර ඇත්නම් ඔහු නීතිය හමුවට පමුණුවා දඬුවම් දෙන ලෙසයි. ඔහු ඉන් පෙන්නුම් කළේ පැහැර ගෙන ගොස් අතුරුදහන් කිරීමට වඩා නීතිය හමුවේ වරදට දඬුවම් කිරීම ශිෂ්ඨ සම්පන්න පිළිවෙත බවයි.
ජනයා දැනුම ගොඩ නඟා ගන්නා ප්‍රධාන ක්‍රමය ව්‍යවහාරය යි. එනම් තම අත්දැකීම් පදනම් කොට ගෙන සහ තමන්ට විශ්වාස මාර්ග වලින් තොරතුරු ලබා ගැනීමෙනි. සත්‍ය තොරතුරු නිරවුල්ව ගලා යාමේ මාධ්‍ය විවිධ වාරණ සහ ස්වයං වාරණ හේතුවෙන් ඇහිරී ගිය විට තමන්ට සෘජුව ලබාගත නොහැකි තොරතුරු සඳහා සැබෑදැයි පැහැදිළි කර ගත නොහැකි තොරතුරු ප්‍රභවයන් මත පවා රැඳෙන්නට ජනයා පෙළඹෙති. මෙයට විසඳුම සියලු ආකාරයේ වාරණයන් ගෙන් ජන මාධ්‍ය මුදා ලීමට කටයුතු කිරීම යි.
ජනයා විවිධ ආකාරයේ සිද්ධි සුදු වෑන් වලින් පැහැර ගැනීම් ලෙස රජයේ ගිණුමට බැර කරන බව කී ගෝඨාභය රාජපක්ෂ ඊට උදාහරණයක් ලෙස සුරා බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මත්ද්‍රව්‍ය හෝ ‘කුඩු‘ සම්බන්ධ කරුණකට ඒ බව දැනුම් දී ආදුරුප්පු වීදියේ තරුණයන් දෙදෙනෙකු නිල් පැහැති වෑන් රථයකින් අත් අඩංගුවට ගෙන ගිය බව දැන දැනත් එය සුදු වෑන් පැහැර ගැනීමක් බවට පැමිණිලි කිරීමේ සිද්ධියක් සඳහන් කළේය. මෙම සිදුවීමෙන් කියැවෙන්නේ සුදු වෑන් සංසිද්ධිය හමුවේ සුරා බදු දෙපාර්තමේන්තුව වැනි රජයේ නීත්‍යානුකූල ආයතනයක පවා සුජාත භාවය ජනයා හමුවේ අහෝසි වීමයි. පාතාලයේ අපරාධ කාරයන් සහ මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සුදු වෑන් වලින් පැහැර ගෙන ගොස් මරා දමන බවට පුවත් පසුගිය කාලයක් තිස්සේ ප්‍රසිද්ධියට පත් ව තිබීම මෙම තත්වයට හේතු වූවා විය හැක. මත්ද්‍රව්‍ය හා සම්බන්ධ අපරාධ වෙනුවෙන් නීතිය ක්‍රියාත්මක කිරීම දැන් සුරා බදු දෙපාර්තමේන්තුවට පවරා තිබේ නම් එය යහපත් පියවරකි. නමුත් එය නීත්‍යානුකූලව සිදුවන්නක් බව ජනයාට ඒත්තු ගැන්වීම රජයේ වගකීම යි.
කුමාර් පැහැර ගැනිම සහ ජිනීවා පරාජය
කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම ලංකාවේ දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරන බව දොරමඬලාව වැඩ සටනෛහි ලා ගෝඨාභය රාජපක්ෂ මෙලෙස කළ මැදිහත් වීමෙන් පෙනෙයි. මෙම සිද්ධිය ත් ජිනීවා හි ඇමෙරිකන් යෝජනාව හමුවේ ලංකාව ලද පරාජය ත් අතර සම්බන්ධයක් තිබේ. ජිනීවා පරාජය ලංකාවේ දේශපාලනයේ තීරණාත්මක හැරවුම් ලක්ෂ්‍යයකි. එහිදී සිදුවූයේ එල්ටීටීයට එරෙහිව වත්මන් ලංකා රජය දියත් කළ යුද්ධයේ අවසානය දක්වාම කළ නොහැකි වූ ආකාරයේ මැදිහත්වීමක් ලංකාව සම්බන්ධයෙන් කරන්නට ජාත්‍යන්තර බලවේග සමත්වීමයි. මෙය රාජ්‍යයේ ස්වෛරීභාවය පිළිබඳ පිළිගැනීම පරදා ජාත්‍යන්තර මැදිහත්වීම පිළිබඳ අවශ්‍යතාව ජය ගත් අවස්ථාවකි. ජාතික රාජ්‍ය යේ ස්වෛරීභාවය පිළිබඳ තර්කය මත තව දුරටත් රටවලට මානව අයිතීන්උල්ලංඝණය කිරීම පිළිබඳ චෝදනා වලින් ආවරණය ලැබිය නොහැකිය යන්න සනාථ වීමකි. එය ඒක පාක්ෂිකව සිදුවන්නේ ද යන්න ගැන වාද කළ හැකිය. නමුත් එහිදී තීරණාත්මක සාධකය වන්නේ ජාත්‍යන්තර දේශපාලන බල තුලනය යි. ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති දයාන් ජයතිලක ‘බීබීසී‘ යට පෙන්වා දුන් පරිදි ඉන්දියාව, චීනය සහ රුසියාව යන රටවල් තුනේ සහයෝගය තිබියදීත් 2009 දී ජගත් මානව හිමිකම් මණ්ඩලයේ ඡන්දයකින් මියෙන්මාරය පරාජයට පත්ව ඉමහත් ජාත්‍යන්තර පීඩනයකට ලක් වූ අතර එරට එම පීඩනයෙන් මිදුණේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වල මාවත ගැනීමෙනි.
මේ හා සමඟම මෙරට පාලන තන්ත්‍රය වෙනස් කිරීමට විදෙස් බලවේග සැරසෙන බවට අදහසක් ද පැතිර ගියේය. කුමාර් ගුණරත්නම් සහ දිමුතු ආටිගල පැහැර ගැනීම සිදුවූ දිනවලම ඇමති විමල් වීරවංස ඉංග්‍රීසි පුවත් පතකට පවසා තිබුණේ පශ්චාත් යුද සමාජයේ පාලන තන්ත්‍ර යේ වෙනසක් කිරීම සඳහා විදේශීය බලවේගයන්ගේ මැදිහත්වීම පහසු කිරීමට රට තුළ කළබල ඇති කිරීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය ක්‍රියා කරමින් සිටින බවයි. පාලන තන්ත්‍ර යේ වෙනසක් සඳහා විදෙස් බලවේග කෙරෙහි බලාපොරොත්තු තැබීම පිළිබඳ අදහසක් ජනයා අතර පැතිර යන්නේ නම් ඊට ප්‍රධාන හේතුව රට තුළ දේශපාලනයට, අදහස් ප්‍රකාශ කිරීමට ඇති අවකාශය අහිමි වී ඇති බවට විශ්වාසයක් ජනයා අතර පැතිර යාමයි. රට තුළ නීතියේ පාලනය බිඳ වැටීම සංකේතවත් කරන දිගින් දිගටම වාර්තා වූ සුදු වෑන් වලින් පැහැර ගෙන යාම පිළිබඳ පුවත් ජනයා අතර මෙබඳු හැඟීමක් තර කරන්නට හේතු වී තිබේ.
පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ රටේ සාමය සහ ස්ථායී භාවය ඇති කිරීමේ මග උතුරේ දකුණේ සියලු පුරවැසියනට පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම යැයි කියා සිටීම දේශප්‍රේමී අදහසකි. අප රටට විදේශ බලපෑම් වල ග්‍රහණයෙන් මිදී රටෙහි ස්වෛරීභාවය රැක ගැනීමේ මඟ වන්නේ මෙයයි.