විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිට තර්ජන

BBC Sinhala

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපතිට තර්ජන
BBC sinhala

බීබීසී සංදේශයට මෙහි සවන් දෙන්න

ලබන මස පැවැත්වීමට නියමිත වැඩ වර්ජනය බිය ගැන්වීම් මගින් කඩා කප්පල් කිරීමට උත්සාහ දරන බවට විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකශ කරයි.

අද මාධ්‍ය හමුවක් අමතමින් ඒ පිළිබඳව තොරතුරු හෙළිකළ සම්මේනලයේ සභාපති ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි , විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයතමන්ට පෞද්ගලිකවම තර්ජනයක් ඇති බව කියා සිටියේය.

ආරක්ෂක අමාත්‍යංශයේ යැයි හදුන්වා ගත් පුද්ගලයන් කිහිපදෙනකු අසල්වැසියන්ගෙන් තම දියණිය පාසල් යන එන වේලාවල් සහ ඇය අධ්‍යාපනය ලබන පාසල පිළිබඳව විමසා ඇති බව පැවසූ ඔහු පිට රට යාම සඳහා සූදානමක් ඇති නිසා ඒ ගැන කරුණු සොයන බව පවසා ඇති සඳහන් කළේය.

දෙවැනි අවස්ථාවේදී, ආරක්ෂක අමාත්‍යාංශයේ රැකියාවක් සඳහා ඇය අයදුම්පත්‍රයක් යොමු කොට ඇති නිසා ඒ ගැන කරුණු සොයා බලන බව කියා ඇති බවත් ආචාර්ය දේවසිරි ප්‍රකාශ කළේය.

උසස් පෙළ අධ්‍යාපනය ලබන තම දියණියට එබඳු කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පවසන ඔහු මහරගම පොලීසියට පැමිණිලි කළ බවද සඳහන් කළේය.

ජීවිතවලට එල්ලවන තර්ජන කොතැනක, කුමන වේලාවකදී, සිදුවේද යන භියකින් ජනතාව පසුවන බව මාධ්‍ය හමුවට එක්ව සිටි පූජ්‍ය ආචාර්ය දඹර අමිල හිමියෝ පැවසූහ.

හැම ක්ෂේත්‍රයකටම මේ තර්ජනය එල්ලවෙමින් තිබෙන්නේයැයි ද කියා සිටි උන්වහන්සේ තවදුරටත් සමාජයක් හැටියට බලා සිටිය නොහැකි යැයි ප්‍රකාශ කළහ.

ප්‍රජාතන්ත්‍රවාදය යන සංකල්පය ඇත්තක් බවට පත් කර ගත යුතුව ඇතැයි කියා සිටි පූජ්‍ය දඹර අමිල හිමියෝ ඒ සඳහා පුරවැසියන් හැටියට එක්ව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

http://www.bbc.co.uk/sinhala/sri_lanka/2012/06/120622_nirmal.shtml

තවත් තොරතුරු සඳහා බලන්න

uteachers

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s