විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වර්ජන තීන්දුව සදාචාරාත්මක භාවයෙන් තොරද?

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වර්ජන තීන්දුව සදාචාරාත්මක භාවයෙන් තොරද?
– විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව වෙත විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ප‍්‍රතිචාරය

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය වර්ෂ 2012 ජූලි මස 4 වෙනිදා දියත් කරන්නට යන අඛණ්ඩ වැඩ වර්ජනයකින් යුතු වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග පිළිබඳ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව විසින් නිකුත් කෙරුණ ප‍්‍රකාශයන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ කනස්ස්ල්ලට හේතු වී තිබේ. එම ප‍්‍රකාශයන්ගෙන් ඇඟවෙන්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ශිෂ්‍යයන්ගේත් පොදු සමාජයේත් යහපත නොසලකා, සාකච්ඡා මාර්ගයෙන් ප‍්‍රශ්න විසඳා ගැනීමට උත්සාහයක් නොගෙන, ආචාර්ය ප‍්‍රජාවගේ කැමැත්තද නැතිව, ආචාර්යවරුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට ආණ්ඩුව දක්වන කැමැත්තද නොසලකා මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගෙන ඇති බවය. මීටත් වඩා අසත්‍ය ප‍්‍රකාශයක් තවත් නම් තිබිය නොහැකිය. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව විසින් කෙරුණ මෙම සත්‍ය නොසලකා හැරීමේ ක‍්‍රියාව පිළිබඳ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ මවිතය ප‍්‍රකාශ කළ යුතුව තිබේ. මේ චෝදනා පිළිබඳ මහජනයා දැනුවත් කිරීමට අපි අපේක්ෂා කරමු.

1. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය රාජ්‍ය විශ්වවිද්‍යාල ආරක්ෂා කර ගැනීම සඳහාය.

රාජ්‍ය විශ්වවිද්‍යාල හා පොදුවේ අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවේ වියදම් වැඩි කරන ලෙස විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඉල්ලා සිටියි. ආණ්ඩුව ක‍්‍රමයෙන් අධ්‍යාපනය සඳහා වියදම් අඩු කිරීම මගින් අධ්‍යාපනය හා නිදහස් අධ්‍යාපනය ක‍්‍රමයෙන් විනාශ කරමින් සිටීම ගැන විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සැලකිල්ල යොමු වී තිබේ. අප පහත ඉදිරිපත් කරන දත්ත මගින් පෙනෙන්නේ අතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව 20%කින් වැඩි වී තිබුණත් විශ්වවිද්‍යාල වෙත සැපයෙන ප‍්‍රතිපාදන වර්ෂ 2005න් පසු තීරණාත්මක ලෙස පහත වැටී ඇති බවයි.

එපමණක් නොව, උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රියාවන් විසින් විශ්වවිද්‍යාල ස්වාධීනත්වය පිළිබඳ ගෞරවනීය පරමාදර්ශ උල්ලංඝනය කෙරෙමින් තිබේ. රටෙහි සිටින දේශපාලනිකව බලවත් පුද්ගලයන්ගේ මැදිහත්වීම්වලට විශ්වවිද්‍යාල යටත් වෙන අතර ශාස්ත‍්‍රීය ස්වාධීනත්වය හා නිදහසද කැළල් කෙරෙමින් තිබේ. තවත් බොහෝ මහජන ආයතන ගණනාවකට සිදු වූ දේ විශ්වවිද්‍යාලවලටත් දැන් සිදුවෙමින් තිබේ. විශ්වවිද්‍යාලවල ක‍්‍රියාපටිපාටිය හා සාධාරණ පැවැත්ම අමුඅමුවේ නොසලකා හැරීමෙන් වැලකී සිටින ලෙස උසස් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් අපි නැවත නැවත ඉල්ලීමු. අපි මෙරට උසස් අධ්‍යාපනය සුරැුකීමටද, අධ්‍යාපනය දියුණු කිරීමටද දැනට අප සතුව ඇති ඉතා බිඳෙනසුලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරන්නට තැත් කරන බලවේගවලින් අප රට ආරක්ෂා කිරීමටද ගැඹුරු ලෙස කැපවී සිටිමු. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුවේ චෝදනා කෙසේ වෙතත්

අපේ හදවතෙහි ඇත්තේ ශිෂ්‍යයන් හා සමාජය පමණි. අප මේ වැඩවර්ජන ක‍්‍රියා මාර්ගයට පිවිසෙන්නේ මේ කැපවීම් පිණිස මිස වෙන යම් පෞද්ගලික වාසියක් නිසා නොවේ. විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමේ හා උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව මෙය හොඳින් දනියි. එහෙත් ඔවුන් අප ගැන මේ අසත්‍ය ප‍්‍රකාශ පතුරුවා හරින්නට තීරණය කර ඇත. උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම 1978 විශ්වවිද්‍යාල පනතේ වගන්ති තමන්ගේම විශ්වවිද්‍යාලවලට එරෙහිව උල්ලංනය කරන විට උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂකවරුන්ගේ කමිටුව සිටියේ කොහේද?

විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම සිය නිවේදනය මගින් කියා සිටින්නේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විශාල අසාමාන්‍ය වැටුප් වැඩිවීම් ලබාදුන් බවයි. අප මෙයට අභියෝග කරමින් සහතික වශයෙන් කියන්නේ පසුගිය වසර 16ක් පුරා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මූලික වැටුපෙහි කිසිම අර්ථවත් වැඩිවීමක් සිදු වී නැති බවයි. දීමනා වශයෙන් කළ වැඩිවීම් කිහිපයක් විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම විසින් නිදසුන් ලෙස දැක්වෙන අතර වසර අවසානය දක්වා පමණක් දෙනු ලබන පර්යේෂණ දීමනාවද වැටුප් වැඩිවීමක් සේද දක්වා තිබේ. එසේම මේ දීමනා මූලික වැටුපට එකතු කළද වර්තමාන වැටුප් ව්‍යූහය වර්ෂ 2008 දී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම මගින් පත් කරන ලද ජිෆ්රි-මලික් රණසිංහ කමිටුව මගින් කරන ලද නිර්දේශවල අසළකටවත් නොපැමිණෙයි. එපමණක් නොව ඒ කමිටුවේ නිර්දේශ පවා අද දවසේ උද්ධමනය හා ගැලපූ විට යල් පිනූ ඒවා බවට පත් වේ.

2. සාකච්ඡා බිඳ වැටුණු පසු වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය යනු අවසන් උපක‍්‍රමය විය.

වර්ෂ 2011 දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ක‍්‍රියා මාර්ග විශ්වවිද්‍යාල ආචාර්ය ප‍්‍රජාව උද්යෝගීමත් කර එය වසර ගණනාවක නින්දෙන් අවදි කර අන් කවරදාකවත් නොවූ විශ්වවිද්‍යාල ආචාර්ය වසන්තයක් ඇති කළේය. මෙම ප‍්‍රජාව වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයකට ප‍්‍රවේශ වූයේ වසර පහලොවකට පසුය. ඒ නිසා ජනිත වූ හැඟීම්, පසු කලෙක විශ්වවිද්‍යාල ආචාර්ය වසන්තයක් යැයි නම් කෙරුණු හැඟීම්, විශ්වවිද්‍යාලවල සිදු වෙමින් පැවති දේ පිළිබඳ ආචාර්ය ප‍්‍රජාවට දැනුණ අපේක්ෂාභංගයේම ප‍්‍රතිඵලයක් විය. ගිය වසරේ වෘත්තීය සමිති ක‍්‍රියා මාර්ගය වූකලි අපගේ ඉල්ලීම්වලට උසස් අධ්‍යාපන ඇමතිවරයා හා ඔහුගේ ආධාරකරුවන්් කිසිම සවන්දීමක් නොකිරීම පිළිබඳ අපගේ ප‍්‍රතිචාරයක් විය. පසුව අප එය අත්හිට වූ විට අප එසේ කළේ අප විසින් මතු කළ කාරණා පිළිබඳ ආණ්ඩුව දුන් පොරොන්දු මත පිහිටාය. කෙසේ වෙතත් ආණ්ඩුව තම පොරොන්දු සම්බන්ධයෙන් ජුගුප්සාජනක වංකභාවයක් පෙන්වූ බව කම්පනයෙන් හා කනස්සල්ලෙන් යුතුව නිරීක්ෂණය කර ඇත්තෙමු.

ආණ්ඩුව විසින් පොරොන්දු වූ ක‍්‍රියාමාර්ග 2012 වර්ෂයේදී ආරම්භ නොකෙරිණ. සාකච්ඡා මාලාවකට හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් අමාත්‍යංශය වෙත යවන ලද ලිපි දෙකකට පසුව 2012 ජනවාරි 09 වෙනිදා හා පෙබරවාරි 19 වෙනිදා අප සමිති සම්මේලනය වෙත දන්වනු ලැබුවේ 2011 වෘත්තීය ක‍්‍රියා මාර්ග අත්හිටුවන ඇති කරගත් එකඟතාව එකඟතාවක් යැයි වැරදියට වටහා ගැනීමක් බවයි. එහි ඇ`ගවුම වූයේ එය සැබෑ එකක් නොවූ බවත්, ආණ්ඩුව තමන් දුන් පොරොන්දු සම්බන්ධයෙන් අවංක නොවූ බවයි.

සැබවින්ම එම එකඟතාවමත පිහිටා අප අපේක්ෂා කළ දේට සපුරා වෙනස්ව උසස් අධ්‍යාපන අමාත්‍යංශය විශ්වවිද්‍යාලවලට නියමිත සමාජ කාර්ය කිරීම දුෂ්කර කරවන ක‍්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කළේය. අමාත්‍යංශය විශ්වවිද්‍යාලවලට වෙන් කළ ප‍්‍රතිපාදන රඳවා ගත් අතර තමන්ගේ ක‍්‍රියා මාර්ගවලට මුදල් වැය කිරීම සඳහා අදාළ විශ්වවිද්‍යාල පටිපාටි මගහැරියේය. එවන් නිර්ලජ්ජී නොසලකා හැරීම් ගැන අපට ඇති එකම අර්ථකථනය නම් මෙම ක‍්‍රියා මාර්ග මගින් උසස් අධ්‍යාපන අමාත්‍යංශය සමහරුන්ගේ පෞද්ගලික න්‍යාය පත‍්‍ර ක‍්‍රියාවට දමන බවයි.

විෂයමාලාව, ඇතුළත් කරගන්නා ශිෂ්‍යයන්ගේ හා බඳවා ගන්නා ආචාර්ය මණ්ඩලයේ ස්වභාවය යනාදී දේවලදී ආණ්ඩුව අතපොවා ඇත. මේ ආකාර දේශපාලන මැදිහත්වීම් විසින් උසස් අධ්‍යාපනයට හා දේශපාලන බලපෑම්වලින් ඊට ඇති ස්වාධීනත්වයට විනාශය කැඳවනු ලැබේ.

අධ්‍යාපනය යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජ ව්‍යූහයේ අත්‍යවශ්‍ය අංගයකි. එය ආරක්ෂා කිරීම සඳහා ක‍්‍රියා මාර්ග ගැනීමට අපට බලකරනු ලැබ සිටිමු.

3. මෙම වැඩවර්ජන ක‍්‍රියා මාර්ගයට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට අයත් සියලූ වෘත්තීය සමිතිවල ඒකමතික සහයෝගය ලැබේ.

මෙම වැඩවර්ජනය පිළිබඳ තීරණය අප සම්මේලනයට අයත් සියලූ වෘත්තීය සමිතිවල සහාය ලත් සාමූහික තීරණයක් මිස ටික දෙනෙකු විසින් ගන්නා ලද තීරණයක් නොවේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය හා ආචාර්යවරුන්ගේ ප‍්‍රජාව තනි තනි පුද්ගලයන්ට තම මතය ප‍්‍රකාශ කිරීමට ඇති අයිතියට ගරු කරන අතර වෘත්තීය ක‍්‍රියා මාර්ගය පිළිබඳ තීරණය සමස්ත ආචාර්යවරුන්ගේ ප‍්‍රජාව විසින් සහාය දෙන ලද්දකි. ජූලි මස 4 වෙනිදා අඛණ්ඩ වැඩ වර්ජනය දියත් කෙරෙන විට මෙම කාරණය පැහැදිලි වනු ඇත.

4. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට බාධා කිරීමට ආණ්ඩුව සෘජුව හා වක‍්‍රව තැත් කර ඇතත් විශ්වවිද්‍යාල ඇති මූලික ප‍්‍රශ්නවලට ආමන්ත‍්‍රණය කිරීම සම්බන්ධයෙන් වැඩි යමක් කර නැත.

උසස් අධ්‍යාපන ඇමතිවරයා හා දේශපාලන අනුග‍්‍රහය මත රඳා පවතින තනතුරුවල සිටින අය විශ්වවිද්‍යාලවල සම්පත් හිගය විසඳීමට කර ඇති දෙයක් නැති තරම්ය. ඒ වෙනුවට නීතිමය වශයෙන් ප‍්‍රශ්න කළ හැකි ප‍්‍රතිපත්ති වෙනස්කම් මාලාවක් ඇති වී තිබීම විසින් විශ්වවිද්‍යාලවලට කාර්යක්ෂම ලෙස ක‍්‍රියාත්මකවීමට බාධා ඇති කර ඇත. මේ වෙනස්කම් නිසා දීර්ඝ කාලීනව සිදු විය හැක්කේ බලයේ සිටින අයගේ රූකඩ ලෙස ක‍්‍රියා කරන අයගෙන් සැදුණු විශ්වවිද්‍යාල ඇති වීමයි. ආණ්ඩුව විසින් නම් කරන ලද පුද්ගලයන් සැදි උපකුලපති හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව හා විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන සභාව නිකුත් කළ නිවේදන විසින් පිළිබිඹු කෙරෙන්නේ මෙම රූකඩ කලාව හා පන්දම්කාරත්වය වැඩෙහි යෙදී සිටින සැටිය. මේ අය දරන තනතුරු යනු ඔවුන්ගේ අතීත ක‍්‍රියාවන්හි හා තමන්ගේ වගකීම් පවා පරදුවට තබා ආණ්ඩුවට ආධාර කිරීමෙහි ප‍්‍රතිඵල වේ. එවන් පැහැදිලි උපකාර හුවමාරු කර ගැනීමේ ක‍්‍රියාවලට අපි නැවතීමේ තිත තැබිය යුතු වෙමු. එවන් තර්ජනයන්ගේ අනතුරට අපේ ආයතන පත්වීමෙන් අපි ඒවා ආරක්ෂා කර ගත යුතු වෙමු. ලංකාවේ විශ්වවිද්‍යාල ආරක්ෂා කරගැනීම සඳහා අපි පහත සඳහන් දේ ඉල්ලා සිටිමු.

එළඹෙන කාලයේදී දළ ජාතික නිෂ්පාදිතයෙන් 6% දක්වා වැඩි වන පරිදි අධ්‍යාපනය සඳහා වෙන් කරන ප‍්‍රතිපාදන වැඩි කිරීම. අපට මේ ඉලක්කය වෙත යා හැකි නම් සමස්ත අධ්‍යාපන පද්ධතියම ශක්තිමත් කර අධ්‍යාපනය ලබාදීමේ ගුණය ඉතා ඉහළට ගෙන යා හැකිය.

අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම්වලින් විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම. අධ්‍යාපනඥයන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, ප‍්‍රජාවන් ගොඩ නැගීමේ හා ජනතාවට සේවය කිරීමේ සහභාගිවන්නන් ලෙස පැවතීමට හා තම භූමිකා දියුණු කර ගැනීමට විශ්වවිද්‍යාලවලට ඉඩ තිබිය යුතුය.

උසස් අධ්‍යාපනය සම්බන්ධ සියලූ ප‍්‍රතිසංස්කරණයන්ට විශ්වවිද්‍යාල ප‍්‍රජාව සහභාගි කරගත යුතු යැයි අපි ඉල්ලා සිටිමු.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ ක්ෂණික ඉල්ලීම්

රාජ්‍ය අධ්‍යාපන පද්ධතිය ආරක්ෂා කර දියුණු කරන බවට සහතික වීම.

පහත සඳහන් දේ ඇතුළත් අවබෝධතා ගිවිසුමක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය, උසස් අධ්‍යාපන අමාත්‍යංශය හා ආණ්ඩුව අතර අත්සන් කිරීම

ඉදිරි වසර දෙක තුළදී අධ්‍යාපනය සඳහා ආණ්ඩුවේ වියදම් දළ ජාතික නිෂ්පාදිතයෙන් 6 % දක්වා වැඩි කරන්නට ක‍්‍රියා මාර්ගයක් විස්තර කිරීම

රජයේ ප‍්‍රතිපාදන ලබන අධ්‍යාපනය ගැන ආණ්ඩුවේ ප‍්‍රතිපත්තිය ප‍්‍රකාශ කිරීම

අධ්‍යාපනයට සම්බන්ධ සියලූ කොටස්කාරයන් හා මහජනයා සමග සාකච්ඡා කර අදහස් හුවමාරු කර ගැනීමේ නිසි ක‍්‍රියාවලියක් ක‍්‍රියාවට දමන තුරු දැනට කරගෙන යන සියලූ උසස් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ නැවැත්වීම පිළිබඳ වගන්තියක් උක්ත අවබෝධතා ගිවිසුමට ඇතුළත් කිරීම.

විශ්වවිද්‍යාල රටෙහි සංවර්ධනයෙහි කේන්ද්‍රස්ථාන ලෙස වර්ධනය වීමට ඉඩ දෙමින් විශ්වවිද්‍යලාවල ක්ෂුද්‍ර කළමනාකරණය හා දේශපාලනීකරණය කිරීමෙන් වලකින බවට එක`ගතාවක්ද උක්ත ගිවිසුමට ඇතුළත් කිරීම.

ඉහළ සුදුසුකම් ඇති ආචාර්යවරුන් බඳවා ගැනීම හා රඳවා ගැනීම සඳහා ගන්නා ක‍්‍රියා මාර්ග

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් රටෙහි මානව සම්පත් දියුණු කිරීමෙහිලා දරන භූමිකාව හා කරන සේවයද, සේවයට බඳවා ගැනීමේදී හා උසස්වීමේදී අනුගමනය කරන දැඩි පටිපාටියද සළකා ඔවුන් විශේෂ සේවාවකට අයිති පිරිසක් ලෙස සලකා ශ‍්‍රී ලංකා විශ්වවිද්‍යාල ආචාර්ය සේවාව නමින් සේවාවක් ආරම්භ කළ යුතුය.

වර්ෂ 2011 ජූලි මස 7 වැනිදා භාරදුන් අන්තර්කාලීන යෝජනාවල එන වැටුප් පියවරයන් වහා කි‍්‍රයාවට නැගිය යුතුය.

2012 ජනවාරි 01 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි මූලික වැටුපින් 20%ක වැටුප් වර්ධකයක් ලබා දිය යුතුය. දැනට පවතින සියලූ දීමනාද කිසිදු කොන්දේසියකින් තොරව එලෙසම ලබා දිය යුතුය.

2012 ජනවාරි 01 වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි මූලික වැටුපින් 20%ක වැටුප් වර්ධකයක් ලබා දෙනු. දැනට පවතින සියලූ දීමනාද කිසිදු කොන්දේසියකින් තොරව එලෙසම ලබා දිය යුතුය.

ඉහත සඳහන් වන මූලික වැටුපෙහි ඇතුළත්වීම සඳහා 16.7%ක මූලික වැටුපෙහි වර්ධකයක් හඳුන්වා දිය යුතුය. මේ මූලික වැටුප් වර්ධකය වර්ෂ 2013 දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන අයවැයට ඇතුළත් විය යුතු අතර එය 2013 ජනවාරි සිට ගෙවනු ලැබිය යුතුය. දැනට පවතින සියලූ දීමනා කිසිම කොන්දේසියකින් තොරව ගෙවිය යුතුය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s