ශ‍්‍රී ලංකාවේ පාසැල් හා විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල බේරාගනිමු!
අධ්‍යාපනය යනු අද වන විට සියලූ මානව සමාජවල මූලික අංගයකි. එය අපේ
ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලික මිනිස් අයිතියක්ද මූලික අංගයක්ද වේ. සෑම දෙනාටම අධ්‍යාපනයට හා
අධ්‍යාපනය වෙත ප‍්‍රවේශවීමට අයිතිය තිබේ(26 වෙනි වගන්තිය- විශ්ව මානව හිමිකම්
ප‍්‍රකාශනය 1948). අධ්‍යාපනය යනු කුලය, වර්ගය, ස්ත‍්‍රී-පුරුෂභාවය, භාෂාව හා ආගම කුමක්
වුවත් කාටත් නොමිලේ දෙන නිදහස් සේවයක් ලෙස 1945 වර්ෂයේදී ස්ථාපිත කරන ලදී. එය
මේ රටේ සම්පූර්ණ යැයි කිවහැකි තරම් සමාජ විප්ලවයක් ඇති කළේය. නිදහස් අධ්‍යාපනය
රටේ විවිධ පලාත්වල සාමාන්‍ය මනුෂ්‍යයන්ට සමාජ චලතාව හෙවත් සමාජයේ ඉහළට යාමේ
හැකියාව ලබා දුන්නේය. ඒ නිසා අප කාගේත් දරුවන් සඳහා ගුණාත්මක බවින් ඉහළ පාසැල්
අවශ්‍ය වේ. විශ්වවිද්‍යාලය යනු අපේ දරුවන් බොහෝ දෙනෙකු ප‍්‍රවේශවීමට අපේක්ෂා කරන
තැනය. විශ්වවිද්‍යාලය අප රට ජනතාව තුළ එකිනෙකා අතර බැඳීමක් ඇති කරමින් කලාත්මක
පුනරුදයක් ඇති කළේය. මේ විශ්වවිද්‍යාල පද්ධතිය කලාකරුවන්, ලේඛකයන්, ගුරුවරුන්, දන්ත
වෛද්‍යවරුන්, පශූ වෛද්‍යවරුන්, ගෘහ නිර්මාණ ශිල්පීන්, කෘෂිවිද්‍යාඥයන්, ව්‍යාපාරිකයන්,
නීතිඥයන්, ගණකාධිකාරිවරුන් හා තවත් බොහෝ වෘත්තිකයන්ගේ බිහිවීමට ආධාර කර ඇත.
රටෙහි අනෙක් සියලූ වෘත්තීන් හා නිලධාරි සේවාවන්ට ආධාර කරමින් අධ්‍යාපනය රටේ
සමස්ත යහපැවැත්මට දායක වී ඇත.
රාජ්‍ය වැය කිරීම් අඩුවේ…
එහෙත් අද දවසේ රාජ්‍ය අංශයට අයත් පොදු අධ්‍යාපනය නොයෙක් පැතිවලින් පීඩනයට ලක්ව
තිබේ. ඒ නිසා අපි වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපනය හා උසස් අධ්‍යාපනය පිළිබඳ ප‍්‍රතිපත්තිය
පිළිබඳ දැඩි සේ ගැටලූවට පත්ව සිටිමු. වර්ෂ 2005 සිට ආණ්ඩුව අධ්‍යාපනය සඳහා කරන වැය
කිරීම් වේගයෙන් අඩු වී ඇත. වර්තමාන ජනාධිපතිවරයා බලයට පත් වන විට අධ්‍යාපනය සඳහා
ආණ්ඩුව කළ වැය කිරීම් දළ ජාතික නිෂ්පාදිතයෙන් 2.9%ක් විය. අද එය දළ ජාතික
නිෂ්පාදිතයෙන් 1.9%ක් දක්වා පහළ බැස ඇත.
2005 වර්ෂයේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් කළ ආයෝජනවලට කළ කප්පාදුව වඩාත් බිය
ගෙන දෙනසුලූය. අධ්‍යාපනය වෙනුවෙන් කරන සුළු ආයෝජනයෙන් විශ්වවිද්‍යාල වෙනුවෙන්
ආණ්ඩුව වැය කරන්නේ 0. 52%ක් පමණි. එය දළ ජාතික නිෂ්පාදිතයෙන් 0. 27%ක් දක්වා 2010
දී පහත වැටුණ අතර 2012 දී එය තවත් අඩු විය. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් වැය කිරීම්
වැඩි කර එහි පෝෂණයට මං සැලසීම ආණ්ඩුව සම්බන්ධයෙන් වැදගත් වේ. එසේම
විශ්වවිද්‍යාල හා අනෙකුත් ආයතන රාජ්‍ය හා පෞද්ගලික අංශවලටද මහජනයාටද ඉහළම
මට්ටමේ සේවයක් සපයන විශිෂ්ටත්වයේ කේන්ද්‍ර බවට පත් කරමින් උසස් අධ්‍යාපනය
වෙනුවෙන් වැය කිරීම් වැඩි කිරීම ආණ්ඩුව සම්බන්ධයෙන් වැදගත් වේ.
…ඒ අතර අධ්‍යාපන ආයතන හා අධ්‍යාපනය වෙත ඇඟිලි ගැසීම් වැඩිවේ.
විශ්වවිද්‍යාල හා පාසැල් යනු අධ්‍යාපන කේන්ද්‍ර වන නිසා බාහිර බලවේගවල මැදිහත්වීම්වලින්
නිදහස් විය යුතුය. ඒවායෙහි සිටින අයට ඉගෙනීම ඉගැන්වීම හා සිතීම බියෙන් තොරව කළ
හැක්කේ එවිටය. නව සිතිවිලි, අදහස්, හා දැනුම මගින් සමාජයට වාසි ලැබේ. බාහිර බලපෑම්
ඉගෙනීම විනාශ කරයි. ලංකාවේ පාසැල් හා විශ්වවිද්‍යාල මෑත කාලයේදී බලධාරීන්ගේ
නිරන්තර ඇඟිලි ගැසීම්වල අත්දැක තිබේ. මේ ප‍්‍රවනතාව විසින් අධ්‍යාපන කේන්ද්‍ර තුළ පැවතිය
යුතු විචාරාත්මක චින්තනයේ හා දැනුමේ සංස්කෘතිය විනාශ කෙරෙන නිසා එය වහාම නවතා
දැමිය යුතුය.
උක්ත කාරණා සිත ඇති අපි නිදහස් හා නිරෝගී අධ්‍යාපන පද්ධතියක ආරක්ෂාව පිණිස
අධ්‍යාපනය විෂයෙහි වඩා වැඩි ආයෝජනය කරන මෙන් ඉල්ලා සිටිමු. එවැනි ආයෝජනයක්
කළහොත්,
x පාසැල් වසා දමන්නට සිදු නොවනු ඇත.
x ගුරුවරුන්ගේ අධ්‍යාපනය හා පුහුණුව ශක්තිමත් වනු ඇත.
x එවිට අදාළ පාසැල පිහිටා තිබෙන්නේ කොහේද යන්න නොසලකා සෑම පැසැලකම
සුදුසුකම් ලත් ගුරුවරුන් ඉතිරි වනු ඇත.
x විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට හැකි වනු ඇත.
x විශ්වවිද්‍යාල වඩාම සුදුසුකම් සහිත ආචාර්යවරුන් ආකර්ෂණය කරගෙන, බඳවා
ගෙන, රඳවා තබා ගනු ඇත.
x විශ්වවිද්‍යාල ඉතා ඉහළ ප‍්‍රමිතියේ අධ්‍යාපනයක් විශාල පිරිසකට ලබා දෙනු ඇත.
x අධ්‍යාපනයේ සියලූ අංශ වෙත ප‍්‍රතිපාදන වෙන්කීරීම් වැඩි කරන්න. වසර දෙකක් තුළ
අධ්‍යාපනය උදෙසා කරන ආයෝජන දළ ජාතික නිෂ්පාදිතයෙන් 6%ක් කරා ළංවීම. අපට මේ
ඉලක්කය කරා යා හැකි නම් සමස්ත අධ්‍යාපනය ක‍්‍රමයම ශක්තිමත් කර අධ්‍යාපනය ලබා දීමේ
කාර්ය ඉතා ඉහළට ඔසවන්නට හැකි වනු ඇත.
x අනවශ්‍ය දේශපාලන මැදිහත්වීම්වලින් විශ්වවිද්‍යාලවල ස්වාධීනත්වය ආරක්ෂා කරන්න.
අධ්‍යාපනඥයන් හා ශාස්ත‍්‍රඥයන් ජනතාවට සේවය කිරීම උදෙසා සහයෝගයෙන් ක‍්‍රියා කරන
කේන්ද්‍රයන් සේ සිය භූමිකාව ගෙනයාමටත් දියුණු කර ගැනීමටත් විශ්වවිද්‍යාලවලට ඉඩ දිය
යුතුය.
x රාජ්‍යයට අධ්‍යාපනය සම්බන්ධයෙන් මහජනයා වෙත වගකීමක් ඇති නිසා අධ්‍යාපන
ප‍්‍රතිසංස්කරණ අදාළ ජනකොටස්වල අදහස් විමසීමේ ක‍්‍රියාවලියක් ඔස්සේ සිදු විය යුතුය.