From සැප්තැම්බර්, 2012

ජනාධිපතික්‍රමය, නව ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය

ජනාධිපතික්‍රමය, නව ලිබරල්වාදය සහ ප්‍රජාතන්ත්‍රවාදය කුමුදු කුසුම් කුමාර ලංකාවේ ජනාධිපති පත්වන්නේ මහජන ඡන්දයෙනි. ජනපතිවරණයට එක් දේශපාලන පක්ෂයක නියෝජිතයෙකු ලෙස තරඟ කළද පදවි ප්‍රාප්ත වූ පසු ජනාධිපතිවරයා රටේ සමස්ත ජනතාවගේ ජනාධිපති ලෙස ඔවුනට සේවය කළ යුතු වෙයි. එහෙයින් රජය සැදුම් ගන්නා දේශපාලන සංවිධානවලට පිටස්තර වුවද රටේ විවිධ ජන කොටස් වෙතින් රජයට ඉල්ලීම් කෙරෙන විට ජනාධිපතිවරයා ඒවා තමන්ට පසමිතුරු ලෙස සළකා මර්ධනය කිරීමට යොමුවීම ජනාධිපති තනතුර හෑල්ලුවට ලක් කරයි. අවාසනාවට මෙන් ජනාධිපති තනතුර පිහිටුවූ ආරම්භක සමයේ සිටම මෙරට ජනාධිපතිවරුන් ක්‍රියාකොට ඇත්තේ මෙබඳු ආකල්පයකිනි. මා දකින පරිදි මීට හේතුව වන්නේ තම සිතැඟි පරිදි රජයේ ප්‍රතිපත්ති තීරණය කිරීමේ තනි අයිතිය තමා සතුයැයි ජනාධිපතිවරුන් තීරණය…

රාජ්‍ය ආරක්ෂාව සහ සරසවි ඇදුරු වර්ජනය

රාජ්‍ය ආරක්ෂාව සහ සරසවි ඇදුරු වර්ජනය කුමුදු කුසුම් කුමාර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැඩ වර්ජනයට දැන් දින 80 කි. ඔවුනගේ ඉල්ලීම් වලට සාධනීය විසඳුමක් මේ දක්වා ඉදිරිපත් කොට නොමැති රජය දැන් එය මර්ධනය කිරීමට සූදානම් වෙමින් සිටින බව පෙනෙයි. රජයට අවශ්‍ය නම් ආචාර්ය සමිති සම්මේලනය මර්ධනය කිරීම විනාඩි දහයකින් කළ හැකි බවට උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක ප්‍රකාශ කොට තිබීමෙන් පෙනී යන්නේ එබඳු මර්ධනයක් පිළිබඳ රජය සළකා බලමින් සිටින බවයි. නමුත් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ නීත්‍යානුකූල වැඩ වර්ජනය මර්ධනය කිරීමට රජය පැත්තෙන් කිසියම් සාධාරණ හේතුවක් ඉදිරිපත් කළ හැකිද? රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයට ඇති බුද්ධි තොරතුරුවලට අනුව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සාමකාමී වැඩ වර්ජනය…

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට සහය දැක්වීම සඳහා කලාකරුවන්ගේ සමුළුව

රාජ්‍ය අධ්‍යාපනය රැකගැනීමේ අරගලයට සහය දැක්වීම සඳහා කලාකරුවන්ගේ සමුළුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ශ‍්‍රී ලාංකික කලාකරුවන්ට රටේ අධ්‍යාපනයේ වර්තමාන තත්වය පිළිබඳ තම අදහස් පළ කිරීමට අවස්ථාව සලසනු පිණිස සමුළුවක් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය විසින් සංවිධානය කර ඇත. මෙම අවස්ථාවට ඔබගේ සහභාගීත්වය අපි උදක්ම බලාපොරොත්තු වෙමු. ප‍්‍රකට හා සමාජමය සවිඥානිකත්වයෙන් යුතු කලාකරුවන් වශයෙන් මෙම රටේ අධ්‍යාපනයෙහි වර්තමාන තත්වය පිළිබඳ ඔබගේ අදහස් අතිශය වැදගත් බව අපගේ විශ්වාසයයි.

රාජපක්ෂ රෙජීමයේ ‘අභිමානය සහ අගතිය‘

රාජපක්ෂ රෙජීමයේ ‘අභිමානය සහ අගතිය‘ කුමුදු කුසුම් කුමාර විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ස්වෙච්ඡා බේරුම්කරණයට යොමුකිරීම ට රජය කටයුතු කොට ඇත. තමන් ඉදිරිපත් කොට ඇති අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාල ගැටලු මේ ආකාර ක‍්‍රියාවලියකින් විසඳීමට නොහැකි බැවින් බේරුම්කරණ ක්‍රියාවලියට සහභාගිවීම ප්‍රතික්ෂේප කිරීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තීරණය කොට ඇත. එම විරෝධය තිබියදීත් රජය එම ක්‍රියාමාර්ගයේම ඉදිරියට යන්නේ නම් මී ළඟ පියවර වන්නේ රජයේ කැමැත්තට නියෝජිතයෙකු පත් කොට අනිවාර්ය බේරුම්කරණ ක්‍රියාවලියට පිවිසීමයි. එවිට වර්ජනය නවත්වා සේවයට වාර්තා කිරීමට වර්ජකයන්ට සිදුවන අතර බේරුම්කරු නියම කරන කාලයකට යලි වෘත්තීය ක්‍රියාමාර්ගයට පිවිසීම ඔවුනට තහනම් වෙයි. එපමණක් නොව බේරුම්කරුගේ තීන්දුව එලෙසින්ම පිළිගැනීමටද ඔවුනට සිදුවෙයි. අනිවාර්ය බේරුම්කරණය බේරුම්කරණ…

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වාචික ප‍්‍රහාර

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වාචික ප‍්‍රහාර බොහෝ රටවල්වල අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය සඳහා ඉහළ අධ්‍යාපනයක් සහිත ආදර්ශමත් ඇමතිවරු පත් කිරීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්වයයි. කෙසේවෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අතරතුරදී කිසිදු සැකයකින් තොරව පෙන්නුම් කෙරී ඇත්තේ මේ ගුණාංග කිසිවක් පෙන්නුම් නොකරන ඇමතිවරයෙක් අපට ලැබී ඇති බව පමණක් නොව මෙම ඇමතිවරයා රටේ සමස්ත අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට යහපතක් වියහැකි ක‍්‍රියාමාර්ග වෙත යොමුවීම ඉතාම තදබල ලෙස නොතකා හරිමින් සිටින බවයි. අපගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට මාස දෙකක් ගතවී තිබියදීත් ඇමතිවරයා සිය ප‍්‍රකාශ මඟින් පෙන්නුම් කරනු ලැබ ඇත්තේ ඔහු සතුව අපගේ ඉල්ලීම් පිළිබඳව දැනුමක් නොමැති බව හෝ එසේ නොමැති බව ව්‍යාජ ලෙස…