විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය ස්වෙච්ඡා බේරුම්කරණයට යොමුකිරීම
2012 සැප්තැම්බර් 10 වන දින විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය කම්කරු අමාත්‍යාංශයේ රැස්වීමක් සඳහා කැඳවනු ලැබීය. මෙම රැස්වීමේදී වි.වි.ආ.ස.ස.ය හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අතර ඇතැයි කියන ඊනියා ‘‘කාර්මික ආරවුල’’ බේරුම්කරණ ක‍්‍රියාවලියක් හරහා නිරාකරණය කිරීමට යන බව සඳහන් ලිපියක් වි.වි.ආ.ස.ස.ය වෙත භාරදෙන ලදී. මේ ක‍්‍රියාවලිය සඳහා වි.වි.ආ.ස.ස.ය වෙනුවෙන් බේරුම්කරුවෙකු පිළිබඳව නාම යෝජනාකරන මෙන් මෙම ලිපිය මගින් ඉල්ලා තිබේ.
වි.වි.ආ.ස.ස.යේ ස්ථිරසාර අදහස වන්නේ ඒ මගින් මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය හරහා මතුකරනු ලැබ ඇති කරුණු පදනම් කරගෙන ඇතිවී ඇති තත්වය වි.වි.ආ.ස.ය හා විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම අතර ‘‘කාර්මික ආරවුලක්’’ ලෙස නම් කරනු ලැබිය නොහැකි බවයි.
වි.වි.ආ.ස.ස.ය මගින් මතුකරනු ලැබ ඇති කරුණු යහපත් චේතනාවෙන් යුතුව සිදුකරන සාකච්ඡා ක‍්‍රියාමාර්ගයක් මගින් ආමන්ත‍්‍රණය කරනු ලැබිය යුතු ප‍්‍රතිපත්තිමය කාරණා වෙයි. මේ සම්බන්ධයෙන් අප නීති උපදෙස් ලබාගෙන ඇති අතර අපට ලැබී ඇති උපදෙස වන්නේ මෙම බේරුම්කරණයට එකඟ වීමට වි.වි.ආ.ස.ස.ට අවශ්‍යතාවයක් නොමැති බවයි.
තවදුරටත් ප‍්‍රකාශකල යුත්තේ මේ මොහොතේදී වි.වි.ආ.ස.ස.ය අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ හා ආචාර්ය පී.බී. ජයසුන්දර යන මහත්වරුන් සමඟ මේ වන විටත් සාකච්ඡා ක‍්‍රියාවලියක නිරත වී සිටින බවයි. මෙම සාකච්ඡාවල අවසාන වටයේ දී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර අප වෙත දන්වා සිටියේ විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ වැටුප් ගැටලූවට අනොන්‍යය වශයෙන් එකඟ විය හැකි දීර්ඝකාලීන විසªමක් යෝජනා කිරීමට තමන් අදහස් කරගෙන සිටින බවයි. එම ප‍්‍රකාශයෙන් සතියක්වත් ගතවීමට පෙර මෙම අර්බුදය බේරුම්කරණය සඳහා යොමුකිරීමට කටයුතු කරනු ලැබ ඇත්තේ මන්ද යන්න බරපතල ප්‍රෙහේලිකාවකි. මේ මගින් පෙන්නුම් කෙරී ඇත්තේ මේ අර්බුදය සම්බන්ධව වූ ආන්ඩුවේ ගැටලූසහගත හා දෙබිඩි පිළිවෙතයි.
අධ්‍යාපන ක්ෂේත‍්‍රය මුහුණදී ඇති විවිධ ගැටලූ සම්බන්ධව සාකාච්ඡාමාර්ගික විසඳුමක් ඇතිකරගැනීමේ යහපත් අරමුණින් වි.වි.ආ.ස.ස.ය ආණ්ඩුවේ විවිධ කොටස් සමඟ සාකාච්ඡා වල නියැලී ඇති මොහොතක ඊට සමාන්තරව සිදුවන මෙම නවතම වර්ධනය මගින් ආණ්ඩුව පෙන්නුම් කර ඇත්තේ එය මෙම ගැටලූවේ ස්වාභාවය තේරුම් ගැනීමට අසමත් බවත් සාකච්ඡා ක‍්‍රියාවලිය තුල ආණ්ඩුවේ නියෝජතයින් විසින් කරණු ලැබූ ප‍්‍රකාශ නිශ්ඵල දේ බවත්ය.
වි.වි.ආ.ස.ස.යේ අදහස වන්නේ එය විසින් මතු කරනු ලැබ ඇති කරුණු ‘‘කාර්මික ආරවුලක්’’ ලෙස නම් කරනු ලැබීම අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ අර්බුදය තවදුරටත් තීව්ර කිරීමට පමනක් හේතුවන බවයි. වි.වි.ආ.ස.ස.ය තව දුරටත් මහජනතාව වෙත දැනුම් දීමට අපේක්‍ෂා කරන්නේ මෙම ගැටලූ මේ ආකාර ක‍්‍රියාවලියකින් විසඳීමට නොහැකි බැවින් මෙම ස්වෙච්ඡා බේරුම්කරණ ක‍්‍රියාවලියට තමන් කිසිසේත්ම එකඟ නොවන බවයි. මෙම කරුණු සම්බන්ධව තම ස්ථාවරය විවෘතව ප‍්‍රකාශ කරන ලෙසත් මේ සම්බන්ධයෙන් එකිනෙකට පරස්පර හා දෙබිඩි ආකාරයෙන් ක‍්‍රියාකිරීමෙන් වලකින ලෙසත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
සභාපති
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය