විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව උසස් අධ්‍යාපන අමාත්‍යවරයාගේ වාචික ප‍්‍රහාර පිළිබඳ
බොහෝ රටවල්වල අධ්‍යාපන ක්‍ෂේත‍්‍රය සඳහා ඉහළ අධ්‍යාපනයක් සහිත ආදර්ශමත් ඇමතිවරු පත් කිරීම සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්වයයි. කෙසේවෙතත් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය අතරතුරදී කිසිදු සැකයකින් තොරව පෙන්නුම් කෙරී ඇත්තේ මේ ගුණාංග කිසිවක් පෙන්නුම් නොකරන ඇමතිවරයෙක් අපට ලැබී ඇති බව පමණක් නොව මෙම ඇමතිවරයා රටේ සමස්ත අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට යහපතක් වියහැකි ක‍්‍රියාමාර්ග වෙත යොමුවීම ඉතාම තදබල ලෙස නොතකා හරිමින් සිටින බවයි.
අපගේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයට මාස දෙකක් ගතවී තිබියදීත් ඇමතිවරයා සිය ප‍්‍රකාශ මඟින් පෙන්නුම් කරනු ලැබ ඇත්තේ ඔහු සතුව අපගේ ඉල්ලීම් පිළිබඳව දැනුමක් නොමැති බව හෝ එසේ නොමැති බව ව්‍යාජ ලෙස පෙන්නුම් කරන බවයි.
අපගේ ඉල්ලීම් විශ්ව විද්‍යාල පද්ධතිය සඳහා උසස් මට්ටමේ ආචාර්යවරුන් බඳවා ගැනීමේ හා රඳවා ගැනීමේ හැකියාව ඉහල දැමීම, විශ්ව විද්‍යාලවල ස්වාධීනත්වය ආරක්‍ෂා කිරීම හා නිදහස් අධ්‍යාපන ක‍්‍රමය නඟා සිටුවීම ඉලක්ක කරගත් එ්වා වුවත් ඇමතිවරයා විසින් සිදුකරමින් සිටින්නේ මේ කරුණු සම්බන්ධව ඵලදායි සංවාදයකට එලඹීම නොව මෙවැනි ප‍්‍රසිද්ධ පුද්ගලයෙකුට නොගැලපෙන මට්ටමේ අශිෂ්ට භාෂාවක් පාවිච්චි කරමින් ආචාර්යවරුන්ට එරෙහිව හිතුවක්කාරී හා පදනම් විරහිත චෝදනා එල්ල කිරීමයි.
ඇමතිවරයාගේ මෙම නොහික්මුනු කම ඔහුව සිරගත කිරීමට තරම් සීමාව ඉක්ම ගිය එකක් බව අප හොඳින් දනිමු. මෙවැනි පුද්ගලයෙක් උසස් අධ්‍යාපනය සම්බන්ධව වගකිවයුතු ඇමතිවරයා ලෙස පත්කිරීම මෙන්ම අධ්‍යාපනයට අඩු අරමුදල් ප‍්‍රමානයක් වෙන් කිරීම ද ආණ්ඩුව රටේ අධ්‍යාපනය කෙරේ දක්වන ආකල්පය පෙන්නුම් කරන දේ බව අපගේ අදහසයි.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඇමතිවරයාගේ මෙම නොහික්මුනු හා ආක‍්‍රමනශීලී හැසිරීමට තදබල ලෙස විරෝධය දක්වන අතර ම අප විසින් මතු කරනු ලැබ ඇති කරුණු සමඟ ඵලදායි සංවාදයකට එළඹෙමින් එම ගැටලූ විසඳීම සඳහා වූ මාවතට පිවිසෙන ලෙස ඇමතිවරයාගෙන් ඉල්ලා සිටී.
ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි
සභාපති
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය