From ජූනි, 2013

මරණය සහ ප්‍රචණ්ඩත්වය මැද සංවේදීත්වය වගා කර ගැනීම: මහාචාර්ය පී. ඩී. එම් වීරක්කොඩි ගේ ෆීඩෝ කියැවීම

මරණය සහ ප්‍රචණ්ඩත්වය මැද සංවේදීත්වය වගා කර ගැනීම: පොතකින් පිටුවක් – ෆීඩෝ ඉදිරිපත් කිරීම මහාචාර්ය පී. ඩී. එම් වීරක්කොඩි බී බී සී සන්දේශය වැඩ සටහනේ ‘පොතකින් පිටුවක්’ වැඩ සටහනට ඥානසිරි කොත්තිගොඩ කළ සම්පාදනය chamille zue අන්තර්ජාලයට කළ එකතුවෙන් උපුටා ගන්නා ලදී.

මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන්ගේ නික්ම යාම

මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන්ගේ නික්ම යාම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අධ්‍යයනාංශයේ බටහිර සම්භාව්‍ය සාහිත්‍යය පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩී. පී. එම්. වීරක්කොඩි විද්වතාණන් ගේ අභාවය පිළිබඳ අපගේ බලවත් ශෝකය මෙසේ සටහන් කොට තබමු. මහාචාර්ය වීරක්කොඩි බටහිර සම්භාව්‍ය සාහිත්‍ය යේ වැදගත්ම කෘති ගණනාවක් මුල් ග්‍රීක බසින් සිංහලට පරිවර්තනය කොට පළ කළේය. ඒවා අතර ප්ලේටෝ ගේ ෆීඩෝ, සහ ජනරජය ප්‍රධාන තැනක් ගනී. මහාචාර්ය වීරක්කොඩිගේ ශාස්ත්‍රාලීය සේවාව පිළිබඳ තොරතුරු සඳහා මෙහි බලන්න. ජනරජය පරිවර්තනය පළ කිරීමට ඉදිරිපත්වීම පිළිබඳ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවට අපගේ කෘතඥතාව පළකළ යුතු අතර එම පළමු මුද්‍රණය මුද්‍රණ දෝශ වලින් ගහණ හෙයින් මහාචාර්ය වීරක්කොඩිට ගේ ශාස්ත්‍රීය මෙහෙවරට කරන…

නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව – “පශ්චාත්-නූතන තත්ත්වවාදය”- කුමුදු කුසුම් කුමාර

අප පහත පළ කිරීම අරඹන්නේ සුනන්ද දේශප්‍රිය සහ කේ. ඩබ්ලිවු. ජනරංජන සංස්කරණය කළ බලය සඟරාවේ 2002 අගෝස්තු කලාපයෙන් ඇරඹී කොටස් කිහිපයකින් පළ කෙරුණු, කුමුදු කුසුම් කුමාර විසින් රචිත “නූතනත්වය සහ ලාංකීය සමාජ, දේශපාලන කතිකාව“ නමැති දීර්ඝ ලිපියේ “පශ්චාත්-නූතන තත්ත්වවාදය”ට අදාළ කොටස් කිහිපයකි. මෙම ලිපියෙහි ලා ලිබරල්වාදය, මාක්ස්වාදය, ගුණදාස අමරසේකරයන්ගේ ජාතික චින්තනය සහ “පශ්චාත්-නූතන තත්ත්වවාදය” නූතනත්වයට පදනම් වන සංකල්පීකරණයන් මුල් කොට ගෙන ගොඩ නැඟී ඇත්තේ කෙසේදැයි විග්‍රහ කරන්නට උත්සාහයක් ගන්නා ලදී. 2001 ජනවාරි මස ලංඩන් සඟරාවේ පළමු කලාපය නිකුත් කිරීම වෙනුවෙන් එක්ස් කණ්ඩායම පැවැත්වූ රැස්වීමේදී ආරාධිත දේශනය වශයෙන් කුමුදු කුසුම් කුමාර ඉදිරිපත් කළේ මෙම අදහස්ය. ඉතින්, මෙම ලිපි කොටස් කියවා එම…

පශ්චාත් ව්‍යුහවාදය සහ පශ්චාත් නූතනවාදය ඊළඟ පරම්පරාව විනාශ කළා – කැමිල පා(ග්)ලියා

අප පහත ලිපිය ‘අපට උසස් සාහිත්‍ය – කලා විචාරයක් නැත්තේ මන්ද?‘ යන මැයෙන් මුල් වරට පළ කළේ 2007 නොවැම්බර් පළමු වැනි දිනයි. එහි කාලීන වැදගත් කම යළි යළිත් මතුව එන හෙයින් නව පරපුරේ යහපත තකා එය මෙහි යළිත් පළ කරමු. අපගේ මුල් ලිපියට ‘ලොව අවුල් සහගත, කුහක, පශ්චාත් නූතන රචනා ලියුවෝ ලංකාවේ පශ්චාත් නූතනවාදීහු ය’ යන මැයෙන් ප්‍රතිචාරයක් අමරකීර්ති ලියනගේ සිළුමිණ පුන්කලස අතිරේකයට ලීවීය. එය මෙහි බලන්න. ලියනගේ අමරකීර්ති ගේ ‘සිළුමිණ’ ලිපියේ එන අදහස් වලට ‘කතිකා’ අධ්‍යයන කවයේ ප්‍රතිචාරය ‘උසස් විචාරයේ පදනම වන රසඥතාව දේශපාලන කාරණාවකි‍‍‘ යන මැයෙන් මෙහි පළ කෙරුණි. ‘කතිකා’ අධ්‍යයන කවයේ මෙම ප‍්‍රතිචාර ලිපිය පළ කිරීමේදී සිළුමිණ, පුන්කලස…

දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව

දේශපාලනයේ ආචාර ධර්මය: ‘පශ්චාත් මාක්ස්වාදී‘ වෙස් මුහුණු සහ ප්‍රැක්සිස් සාමුහිකයේ ගැටළුව දිමුතු සමන් වෙත්තසිංහ- ‘කතිකා’ අධ්‍යයන කවය ඔබගේ ක්‍රියාවේ මූලධර්මය පොදු නීතියක් බවට පත්විය හැකි ආකාරයෙන් නිරතුරුව හැසිරෙන්න. කාන්ට් කෙනෙක් කරන දෙයට යුක්තියුක්තකරණයක් දීමට හැකිවීම, වගකිව හැකිවීම ආචාර ධර්මීය චරිත ස්වභාවයට අත්‍යවශ්‍ය ‍වේ. ගැඩමර් දේශපාලනයේදී අනෙකාගේ මතයට එරෙහි විවේචනය සීමා ඉක්මවා යාමක් බව අප ඉගෙනිය යුතුය. අනාගතය සම්බන්ධයෙන් ගත්කල අනෙකා වටහා ගැනීම සඳහා ගැඹුරු පදනමක් අප සොයා නොගන්නේ නම් අප සියල්ලෝ සිටින්නේ අනතුරේ යැයි මට සිතේ. ගැඩමර් ප්‍රජාතාන්ත්‍රික අරගලය යනු පස මිතුරුභාවයක් තරඟකාරීත්වයක් බවට පරිවර්තනය කිරීමට හැකි වීමයි. ෂන්තාල් මූෆ් ප්‍රැක්සිස් සාමුහිකය ‘කතිකා’ අධ්‍යයන කවයේ සාමාජික කුමුදු කුසුම් කුමාරට එල්ල…