දේශපාලනය අතිවිශිෂ්ට දේ ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවේ – ධර්මසේන පතිරාජ

දේශපාලනය අතිවිශිෂ්ට දේ ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවේ
ධර්මසේන පතිරාජ
දැනටත් විශ්ව සාහිත්‍යයේ ඉංග්‍රීසි භාෂාවෙන් ලියෑවී තිබෙන විශිෂ්ට කෘති කියවනවා. විශේෂයෙන්ම සාහිත්‍යයේ නව ප්‍රවණතා ඉදිරිපත් කළ ලේඛකයන්ගේ කෘති ලැබුණු සෑම විටෙක කියවීම මගේ පුරුද්දක්‌.

………………………….
දේශපාලනය අතිවිශිෂ්ට දේවල් ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවෙයි. කලාව අන්තර් පඨිතයි. කලාකරුවෙක්‌ තනිවම කෘතියක්‌ නිපදවන්නේ නැහැ. ඔහු කියවූ සාහිත්‍යය, අත්දැකපු ජීවිතය, දේශපාලනය, සමාජය තමයි කලා කෘතියක්‌ බිහිවීමට හේතුවන්නේ. පඨිතය (Text) විශ්ලේෂණය කිරීම තමයි හොඳ කෘතියක්‌ තීරණය කිරීමේ ප්‍රධාන සාධකය. මෙම නවකතාවේ පඨිතය තමයි එය පරිවර්තනය කිරීමට මාව පෙළඹවූයේ. එහි තිබෙන නැවුම් සන්දර්භ රීතිය ඒ සඳහා බලපෑවා. දේශපාලන දැක්‌මක්‌ එහි තිබුණේ නැහැ. මා විශ්වාස කරන්නේ සාහිත්‍ය සාහිත්‍ය ඇසුරින්ම කියවිය යුතු බවයි.

බලන්න දිවයින වටමඬල

Comments

  1. ‘දේශපාලනය අතිවිශිෂ්ට දේවල් ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවෙයි‘ යන්නෙන් ධර්මසේන පතිරාජ අදහස් කරන්නේ කුමක් ද? ඔහු මෙම අදහස පළකරන්නේ “මේ පරිවර්තනය සඳහා ඔබගේ දේශපාලන දෘෂ්ටිය යම් බලපෑමක්‌ කළාද?“ යි ඔහුගෙන් ඇසූ ප්‍රශ්නයට පිළිතුරක් වශයෙනුයි.

    වෙනත් අයුරකින් කියතොත් ප්‍රශ්නය ‘මෙම කෘතිය පරිවර්තනය සඳහා තෝරාගැනීමට එහි ඇති දේශපාලන දැක්‌ම පතිරාජට ප්‍රිය වීම හේතු වීද?‘ යන්නයි. පතිරාජයන් කියන්නේ මෙම පරිවර්තනය කිරීමට තමා පෙළඹවූයේ එම නවකතාවේ පඨිතය මිස දේශපාලන දැක්‌මක්‌ නොවන බවයි. නමුත් දේශපාලනය සහ සමාජීය සාධක පඨිතයට සන්දර්භයන් අන්තර් පඨිතයන් වීම ඔහු ප්‍රතික්ෂේප කරන්නේ නැහැ.

    ‘දේශපාලනය අතිවිශිෂ්ට දේවල් ප්‍රකාශ කරන සංකල්පයක්‌ නොවෙයි‘ කියන විට පතිරාජයන් කියන්නේ දේශපාලන දෘශ්ටියක් මුල් කර ගෙන අතිවිශිෂ්ට කෘති නිර්මාණය කළ නොහැකි බවයි. ‘ මා විශ්වාස කරන්නේ සාහිත්‍ය සාහිත්‍ය ඇසුරින්ම කියවිය යුතු බවයි‘ කියා පතිරාජයන් කියන විට මේ අදහස තවත් තහවුරු කෙරෙනවා.

    මෙම අදහස කලාවත් දේශපාලනයත් දෙක පටලවා ගෙන අවුලට වැටී සිටින වත්මන් කලාකරුවන්ට ඉතා වැදගත් ගුරූපදේශයක් බවයි මගේ අදහස.

    පතිරාජයන් මෙම ප්‍රකාශයෙන් දේශපාලනයෙන් විශිෂ්ඨයන්, විශ්ෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රිකයන් බිහි නොවන්නේ යැයි වැනි අදහසක් කියනවා යැයි සිතීමට ඉඩක් නැහැ. දේශපාලන පරිමණඩලය පුරවැසියන්ට තම විශිෂ්ඨත්වය ප්‍රදර්ශනය කිරීම සඳහා ඇති අවකාශය යැයි හනා ආරන්ඩ්ට් පළ කොට ඇති අදහස් මෙහිදී අපට සිහිපත් කළ හැකිය.

    කුමුදු

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s