ඩෙරීඩාගේ ඩීකන්ස්ට්‍රක්ෂන් හෙවත් විසන්කාර කිරීම
ආචාර්ය නලීන් සවාරිස්
භාෂාව – සංඥාව සියල්ලම වැළඳ ගන්නා නිසා, ඩෙරීඩාගේ විසංකරණය භාෂාවටත් සාහිත්‍යටත් සීමා වෙන්නේ නැහැ. හැම දෙයක්ම text එකක් (වියමනක්), ප්‍රතිමාවක්, ඡායාරූපයක්, චිත්‍රපටියක්, නාට්‍යයක්, “ටෙක්ස්ට් එකක්” හැටියට හැදෑරුව හැකියි. දේවල් මතු කරනා අතර – ඒවාට අවධානය යොමු කරන අතර දේවල් ආවරණය වෙනව. එතෙන කර්තෘ object (විෂය වස්තුව) කරපු දේවල් පෙනෙනව. මැජික් කරන්නෙත් මෙහෙමයි. ඒ නිසා වියමන (text) කියවනකොට බලන්න ඕනෙ “වියමනෙන්” කියවන මතුපිට තියෙන අර්ථය පමණක් නොවෙයි – මෙතන “යටවෙන වියමන”, “ගිලුනු වියමන” කුමක්ද? මෙතන යම් දෙයක් මාතෘකාව කරගෙන එය එය විෂය වස්තුව (objectify) බවට පත් කරනා කර්තෘ කවුද? එවිට කර්තෘකයා (subject) වෙන – යටවෙන විෂය වස්තුව කවුද? කර්තෘකයාගේ “යට අනෙකා” (sub-alter) “කර්තෘ වූ – අනෙකා” කවුද? උච්චාරනය කරන්නා උච්චාරනය වෙන්නෙ කවුද? මේ නිසා තමයි ඩෙරීඩා පැත්තක් ගන්නෙ නැත්තෙ, හැම වාදයක්ම පැත්තක් ගැනීමක්.
ඉතිරිය සඳහා බලන්න සවිචාර savichara/