වමේ කේන්ද්‍රයක් ගොඩනඟමු
වාමාංශික පක්‍ෂ හා පොදුවේ වාමාංශික ව්‍යාපාරය රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සාධාරණ සමාජයක් ගොඩනැඟීම සඳහා දැඩි කැපවීමෙන් ක‍්‍රියාකර ඇත. අප බලාපොරොත්තු වූ සමාජවාදී සමාජයක් මෙතෙක් ගොඩනැඟීමට නොහැකි වූවද ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සාධාරණ සමාජයක් ගොඩනැඟීමට ගත් උත්සාහයෙන් සතුටුදායක ප‍්‍රතිඵල ලැබී ඇති බව පැහැදිලිය.
1977 දී පාර්ලිමේන්තුව තුළ වමේ නියෝජනය අහිමි වීම සමඟ ඇතිවූ දැවැන්ත පරාජය මෙන්ම කම්කරු පන්තිය හා විශේෂයෙන් වෘත්තිය සමිති ව්‍යාපාරය දුර්වල තත්ත්වයට පත්වීම හේතු කොට ගෙන දක්‍ෂිණාංශික බලවේගවලට විධායක ජනාධිපති ක‍්‍රමය ඇති කිරීමට අවස්ථාව ලැබිණ.
1977 සිට වාමාංශික පක්‍ෂ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළයුතු බවට දැඩි ස්ථාවරයක පිහිටා නිරන්තරයෙන් සටන් කරමින් සිටී. 18 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් විධායක ජනාධිපති ත‍්‍රමය වැඩිදුරටත් ශක්තිමත් කරමින් ඒකාධිපති ස්වරූපයෙන් බලතල ජනාධිපති වෙත පැවරීමට ගත් පියවරට පක්ෂව ඉතා ඛේදජනක ලෙස ඡුන්දය භාවිතා කරමින් වාමාංශික පක්‍ෂ නායකයියෝ එය සම්මත කිරීමට 2/3 ක වැඩි ඡුන්දය ජනාධිපතිට ලබා දුන්හ.
අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, අධිකරණයේ ස්වාධීනත්වය මෙන්ම මානව හිමිකම් ගරු කිරීමද බිඳ වැටී ඇත. රට තුළ අධිකාරිවාදී පාලනයක් ගොඩනඟා ඇත. පාර්ලිමේන්තුව බාල්දු කර, කැබිනට් මණ්ඩලයද බාල්දු කර පොලීසිය හා රාජ්‍ය සේවය ද පමණක් නොව අධිකරණයද ජනාධිපතිගේ බලයට නතු කරගෙන ඇත. එසේ කිරීමෙන් අප රට තුළ දීර්ඝ කාලයක සටන් මගින් ගොඩනඟන ලද ප‍්‍රජාතන්ත‍්‍රවාදය හා සමාජ සාධාරණත්වය කෙරෙහි නැඹුරු වූ පරිසරය බිඳ වැටී ඇත.
නාමිකව හෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදී යැයි කියා ගන්නා රටක වුවද දක්නට නොලැබෙන අන්දමට ¥ෂණයෙන් ගහණ වූ බොරුව, වංචාව හා කැබිනට් ඇමතිවරුන් පවා ප‍්‍රාණ ඇපකරුවන් ලෙස තබා ගැනීමේ අශිෂ්ඨ පාලනයක් රට තුළ ගොඩනඟා ඇත.
සංවර්ධයේ නාමයෙන් අද රට තුළ සම්පූර්ණයෙන්ම නව ලිබරල් ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරමින් ලෝකයේ අඩුම සෘජු බද්ද මත රැුඳුණු ආදායමක් ඇති රටක් බවටත් ‘ඉහළම අනියම් බදු’ එනම් සියළුම මහජනයා පරිහරණය කරන්නා වූ භාණ්ඩවලට ඉහළ බදු පැනවීමක් සිදු කරමින් විකෘත වූ ආර්ථිකයක් ගොඩනඟමින් සිටී. එම ක‍්‍රියාවලිය තුළින් සාමාන්‍ය ජනතාව මත දැරිය නොහැකි බරක් පැටවී ඇත.
මෙම තත්ත්වය තුළ විධායක ජනාධිපති ක‍්‍රමයට විරුද්ධව හඬක් ජනතාව තුළින්ම මතුවීම සාධනීය ප‍්‍රවණතාවයකි. අවුරුදු 37 ක් වමේ පක්‍ෂ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා ගෙන යන ලද සටන ජයගත හැකි අවස්ථාවක් අද උද්ගත වී ඇත.
එබැවින් මේ අවස්ථාවේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදී ක‍්‍රමයක් ඇති කිරීමට එකඟතාවයක් වර්ධනය වී ඇත. එසේම 18 වන සංශෝධනය ඉවත් කර 17 වන සංශෝධනය පණ ගැන්වීමට හා මනාප ඡුන්ද ක‍්‍රමය ඉවත් කිරීමටද එකඟතාවයක් ඇත.
මෙම ක‍්‍රියාවලිය මාස 6 ක කාලයක් තුළ ඉටු කොට ඉන් පසුව පාර්ලිමේන්තු විසුරුවා හැර ජනතාවට තමන් කැමති පාර්ලිමේන්තුවක් පත්කර ගැනීමේ අයිතිය ලබා දීමටද එකඟත්වයක් ඇත. මෙම සියලූ ක‍්‍රියාවන් සඳහා මාස 6 ක මාර්ග සැලසුමක්ද සකස්කොට තිබේ.. එම එකඟතාවයන් ක‍්‍රියාත්මක කිරීම සඳහා සියලූ පක්‍ෂවල එකඟතාවය මත පොදු අපේක්‍ෂයෙකු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට සුදානම් වන මෙම අවස්ථාවේදී ඉදිරියට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී රජය තුළ සිටින වමේ පක්‍ෂ වර්තමාන ජනාධිපතිට පක්‍ෂව ක‍්‍රියාකළ යුතුය යන තීරණයට එළඹී ඇති අතර අපට එම තීරණය කිසිසේත් පිළිගත නොහැකිය.
රටේ අනාගතය කෙරෙහි දැඩි ලෙස බලපාන්නා වූ මෙවැනි තීරණාත්මක අවස්ථාවක ජනතා හඬ ඉදිරියට ගෙන යෑම සඳහා කැපවී ක‍්‍රියා කිරීම වමේ වැදගත්ම කාර්යය වේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම තුළින් සියලූම ප‍්‍රශ්න විසඳෙනු ඇතැයි අප කල්පනා නොකරන අතර විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමෙන් ඇතිවන ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය තුළින් රට මුහුණ පා ඇති සමාජ, දේශපාලන හා ආර්ථික ප‍්‍රශ්න පිළිබඳව ඇති වන සංවාදය තුළින් රටේ ප‍්‍රශ්නවලට විසඳුම් සෙවීමට අවස්ථාවක් ලැබෙනු ඇතැයි විශ්වාස කරමු.
එහෙයින් මෙම අරමුණ ඉටු කර ගැනීම සඳහා වමේ හඬ මතු කිරීමට මෙන්ම ජනාධිපතිවරණයෙන් පසු අප බලාපොරොත්තු වන්නා වූ සමාජයක් බිහි කිරීමට ක‍්‍රියා කිරීමට වමේ කේන්ද්‍රයක් ගොඩනැඟීමේ ඇති අවශ්‍යතාවය අද මතු වී ඇත. වමේ කේන්ද්‍රයක් ගොඩනැඟීම සඳහා මූලික සාකච්ඡාවක් කැඳවීමට තීරණය කර ඇති අතර එම සාකච්ඡුාවට සහභාගි වන ලෙස ඔබට ආරාධනය කර සිටිමු.
දිනය : 2014 නොවැම්බර් 24 සඳුදා
වේලාව : සවස 4.00 ට
ස්ථානය: ශ‍්‍රී ලංකා විද්වත් වෘත්තිකයන්ගේ සංගම් ශාලාව :OPA)
275/75, ස්ටැන්ලි විජේසුන්දර මාවත, කොළඹ 07.
(බෞද්ධාලෝක මාවත හා රීඞ් මාවත අතර හරස්පාර, ග‍්‍රහලෝකාගාරය ඉදිරිපිට)
මෙයට සහෝදරත්වයෙන්
ලාල් විජේනායක, රාජා උස්වැටකෙයියාව, මහාචාර්ය විජය කුමාර්, විමල් රුද්‍රිගෝ, ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න, ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු, ආචාර්ය නිර්මාල් රංජීත් දේවසිරි, චන්ද්‍රපාල කුමාරගේ, ආචාර්ය කුමුදු කුසුම් කුමාර, ටී. එම්. ආර්. රසිඞීන්, චමීර පෙරේරා
(විමසිම් : චමීර පෙරේරා 071 – 837 7339)