අපේ දරුවන් සඳහා අපට අධ්‍යාපනයෙන් අවශ්‍ය කුමක් ද?

පාසලකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට හෝ ඇතුළත් කිරීම:
මගේ දරුවාගේ පාසල පිළිබඳව මට ආඩම්බර විය නොහැක. හොඳ පාසල්වලට මගේ දරුවා ඇතුළත් කර නොගනියි.
මුදල් සහ සම්බන්ධකම් සහිත මිනිස්සු පමණක් සිය දරුවන් හොඳ පාසල්වලට ඇතුළත් කර ගනිති. එපමණ මුදල් හෝ එවැනි සබන්ධකම් මා සතුව නොමැත.
මගේ ජනවර්ගයල ආගමල කුලය හෝ භාෂාව හේතුවෙන් මට හොඳ පාසලක් සොයාගැනීම අසීරුය.
මගේ දරුවාට විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමේ අවශ්‍යතාව ඇතත්, එම පාසලේ උසස් පෙළ විෂය ධාරාව හොඳ තත්ත්වයක නොමැත. ටිියුෂන් පන්ති සඳහා ප‍්‍රමාණවත් මුදල් මා සතුව නැත.
මගේ දරුවා උසස් පෙළ සමත් වුවත්, විශ්වවිද්‍යාලයට ඇතුළත් කර නොගැනිණි. වෙනත් මාර්ගයකින් උසස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය මුදල් අප සතුව නොමැත.
අධ්‍යාපන වියදම්:
මගේ දරුවා පාසලට ඇතුළත් කර ගැනීම සඳහා, විශාල මුදලක් ලබාදීමට සිදු විය.
මගේ දරුවා ඇතුළත් කිරීමට තිබෙන රජයේ පාසල් සතුටුදායක නො වන නිසා, වියදම් දැරීමට අපහසු, ජාත්‍යන්තර පාසලකට ඇතුළත් කිරීමට සිදු විය.
පාසල මගෙන් බලාපොරොත්තු වන මුදල්, කාලය සහ සේවා ලබාදීමට අපහසු නිසා එය දරුවාට කෙසේ බලපාවි දැයි බියෙන් පසුවෙමි.
මගේ දරුවා ටියුෂන් පන්තිවලට යැවීම සඳහා අමතර මුදල් හා කාලය වැය කිරීමට හැකියාවක් නැත.
දරුවාගේ උසස් අධ්‍යාපන වියදම් සෙවීමට අපි මහත් පරිශ‍්‍රමයක් දරමින් සිටිමු. මෙම වියදම් දැරීම සඳහා මම ණයට මුදල් ගෙන ඇත්තෙමි.
මගේ දරුවාට, විශ්වවිද්‍යාල අධ්‍යාපන වියදම් සොයා ගැනීම සඳහා රැුකියාවක නිරත වීමට සිදුව ඇත. එබැවින් ඔහුට, අධ්‍යාපන කටයුතුවලට හිත යොමු කිරීම අසීරුය.
දරුවාගේ අනාගතය පිළිබඳව පවතින චිත්ත පීඩා:
හොඳ පාසලකට ඇතුළත් කරගත නොහැකි වූ නිසා මගේ දරුවාගේ අනාගතය පිළිබඳව සිත් තැවුලෙන් පසුවෙමි.
මගේ දරුවාට ලැබෙන අධ්‍යාපනයෙන් සැපවත් හා ගෞරවණීය දිවි පෙවෙතක් සහිත අනාගතයක් අත් නොවනු ඇතැයි මම කනස්සල්ලෙන් පසු වෙමි.
මගේ දරුවාගේ ඉගෙනීම පිළිබඳව පවතින චිත්ත පීඩා:
මගේ දරුවාට අවශ්‍ය අවධානය නොලැබේ යැයි මම සිත් තැවුලෙන් පසුවෙමි.
විභාග තරගකාරිත්වය නිසා මගේ දරුවා කෙරෙන් මනුෂ්‍යත්වය තුරන් වනු ඇතැයි මම බිය වෙමි.
පවතින විෂයමාලාව මගේ දරුවාගේ ස්ත‍්‍රී පුරුෂ භාවයට, ජනවර්ගයට, සමාජ පන්තිය, ජීවන පරිසරයට නොගැළපෙන බැවින් අකමැත්තෙන් ඉගෙනීමට සිදු ව තිබේ.
මගේ දරුවාට විශේෂ අවශ්‍යතා ඇතත්, ඒ සඳහා අවශ්‍ය පහසුකම් පාසල තුළ නැත.
ද්විභාෂා මාධ්‍යයෙන් ඉගෙනුම ලබන මගේ දරුවාට ගුරුවරුන්ගෙන් ලැබෙන උපකාර ප‍්‍රමාණවත් නැත.
මගේ දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පවතින චිත්ත පීඩා:
මගේ දරුවන් වඩා හොඳ අධ්‍යාපනයක් ලැබීම සඳහා විශාල දුර ප‍්‍රමාණයක් ගෙවා යා යුතුය. ඵහි ප‍්‍රතිඵලයක් ලෙස ඔවුනට අවශ්‍ය තරම් නින්දක් හෝ ආහාරයක් හෝ නොලැබේ. මහමග දී ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව කනස්සල්ලෙන් සිටිමි.
මගේ දරුවාගේ පාසල තුළ සනීපාරක්ෂක වැසිකිළි පහසුකම් හෝ සුදුසු තත්ත්වයේ ගොඩනැගිලි නොමැත. සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය මුදල් පාසල සතු නොවේ.
මගේ දරුවාට ක‍්‍රීඩා කිරීමට කාලයක් නැත. විභාගයට මුහුණ දීමට පමණක් වුව ද දරුවා ටියුෂන් පන්ති යා යුතුය.
මගේ දරුවා පාසලේ දී නොසලකා හරියි. සමච්චලයට සහ අයුතු බලපෑම්වලට ලක්වේ.
ආරක්ෂාව ලැබීම හා යුක්තිය ඉටුවීම පිළිබඳව පවතින චිත්ත පීඩා:
රැකියාව කරගෙන යාම අසීරු වන හෙයින්, මගේ දරුවාගේ ගුරුවරු තමන්ට ඉහළින් සිටින බලධාරීන්හට බියක් දක්වයි.
පාසලේ හෝ විශ්වවිද්‍යාලයේ කටයුතු පිළිබඳව මගේ අදහස් ප‍්‍රකාශ කළ හොත් එයින් දරුවාට කරදරයක් විය හැකි යැයි මම කනස්සල්ලෙන් සිටිමි.
නවකවදය සහ සමවයසේ සිසුන්ගේ වෙනත් බලපෑම් නිසා මගේ දරුවාගේ ආරක්ෂාව පිළිබඳව බියෙන් පසුවෙමි.
මගේ දරුවා විශ්වවිද්‍යාලය තුළ දී දේශපාලනික වශයෙන් ක‍්‍රියාශීලීය. එබැවින් දරුවාගේ ආරක්ෂාව පිළිබඳව බියෙන් පසුවෙමි.
මගේ දරුවා විශ්වවිද්‍යාලීය පොදුු කටයුතුවලට ඉදිරිපත් වීම නිසා, හමුදාවේ සහ පොලීසියේ හිංසනයට ලක් වේ යැයි මම බියෙන් පසුවෙමි.
මගේ දරුවා ලිංගික බලහත්කාරයට ලක් වේ යැයි මම නිරන්තර බියෙන් පසුවෙමි.
මෙම ගැටළු ඔබට, ඔබේ දරුවාගේ පාසලට, ඔබේ ප‍්‍රජාවට ආදී වශයෙන් සුළු පිරිසකට පමණක් සීමා වූ එ්වා නො වේ. මේවා, අප සියලූ දෙනාට ම පාහේ පොදු ගැටළුය. අධ්‍යාපනයෙන් ලැබිය යුතු අනාගතය පිළිබඳ බලාපොරොත්තු සහ සතුට ඒ අයුරින් ම නොලැබේ නම්; එය බරපතල ගැටළුවකි. පවතින අධ්‍යාපන ක‍්‍රමය සහ අත්දැකීම්වලින් අප වැඩි දෙනෙකුට ලැබෙන්නේ කණස්සල්ල, බිය හා අපේක්ෂා භංගත්වයයි. මෙම තත්ත්වය බාරගෙන නිහඬව බලා සිටිය හැකි ද?
පොත මෙහි කියවන්න සිංහලෙන් Sinhala
මෙවැනි කතිකාවතක් ඇතිවීම ඇත්තෙන්ම කාලීන වැදගත්ම අවශ්‍යතාවක් නොව “කාලීන වැදගත්ම අවශ්‍යතාවයි” යන්න මගේ හැඟිමය.