අනාගත පරම්පරාවල නාමයෙන් අපි තීරණාත්මක ලෙස වෙනසකට ක‍්‍රියාකාරී වෙමු

ad 1

2015 ජනාධිපතිවරණය පිළිබඳව පේරාදෙණිය, කොළඹ, රුහුණ, කැලණිය, විවෘත විශ්වවිද්‍යාලය, ශ‍්‍රී ජයවර්ධනපුර, මොරටුව, පේරාදෙණිය, සබරගමුව, නැගෙනහිර, යාපනය, වයඹ, සෞන්දර්ය කලා යන විශ්වවිද්‍යාලයන්හි ආචාර්යවරුන් විසින් ඉදිරිපත් කෙරෙන ප‍්‍රකාශය

2015 ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කරනු ලැබ ඇත. ඒ නිසා ජනවාරි 08 වැනි දා මැතිවරණයේ දී අප සියලූ දෙනාට මෙරට පුරවැසියන් ලෙස අපගේ ඡුන්දය භාවිත කිරීමට සිදුවනු ඇත. ගැඹුරින් කරුණු සලකා බලා අප එළඹගත් නිගමනය වන්නේ අපේ රට අද වන විට අනාගත පරම්පරා කෙරෙහි තීරණාත්මක බලපෑම් ඇති කරන්නා වූ ඓතිහාසිකව වැදගත් සන්ධිස්ථානයකට එළඹ ඇති බව ය. අප අපේක්ෂා කරන සියලූ වෙනස්කම් එක් රැුයකින් හෝ හුදෙක් ආණ්ඩු මාරුවකින් දිනාගත හැකියයි විශ්වාස නොකරන අපි මෙම එළඹෙන ජනාධිපතිවරණය ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නීතියේ පාලනය යහපාලනය සහ සමාජ සාධාරණය සම්බන්ධ ගැටලූ ආමන්ත‍්‍රණයට කුඩා අවකාශයක් උදා කර ඇතැයි සිතමු.

පසුගිය දශකය තුළ නීතියේ පාලනය , ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ යහපාලනය පිළිබඳ ප‍්‍රමිති සහ ප‍්‍රතිමානවල බිඳ වැටීමක් සිදු වූ බවත් දේශපාලන බලය සහ ආර්ථික බලය ඉතා කුඩා කණ්ඩායමක් අත සංකේන්ද්‍රණය වූ බවත් අපි දැඩි අවධානයෙන් යුතුව නිරීක්ෂණය කරමු.

මේ තත්වය පහත ආකාරයට ඒ ඒ ක්ෂේත‍්‍රවල දැකගත හැකි විය:

* අධිකරණ ක්ෂේත‍්‍රය සම්පූර්ණයෙන් ම පාහේ දේශපාලණීකරණය වීම
* පොලීසිය දේශපාලනික වශයෙන් පාලනය කිරීම,
* ජනමාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම සහ නිදහස් මාධ්‍ය මර්දනය කිරීම
* පාලක ප‍්‍රභූ පිරිස අත සංකේන්ද්‍රණය වී ඇති රාජ්‍ය ආයතන සහ සේවාවල බිඳවැටීම.
* දුර්වල පාලනය, හැකිලූණු ශාස්තී‍්‍රය ස්වාධීනත්වය සහ අත්‍යවශ්‍ය ප‍්‍රතිපාදන නොමැතිකම නිසා ක‍්‍රියාකාරීව පැවතීම දුෂ්කරවන පරිදි විශ්වවිද්‍යාල දේශපාලනීකරණය කිරීම.
* ධනවතුන් සහ දුප්පතුන් අතර පරතරය වැඩිවීම.
* ජනවාර්ගික, ආගමික සහ සංස්කෘතික විවිධත්වය නොඉවසීම වර්ධනයවීම.
* ආර්ථික ව්‍යාපෘති හා සම්බන්ධ නාස්තිය සහ දේශපාලනීකරණය වූ ව්‍යාපාර මාෆියාවක් නිර්මාණය කිරීම.
* මැතිවරණ නීතී උල්ලංඝනය කිරීම

ඉහත සඳහන් කාරණා පමණක් නොව රටේ අනාගතය ද සුපරික්ෂාකාරීව සලකා බලමින් එළඹෙන මැතිවරණයේ දී තම පුරවැසි වගකීම ඉටු කරන ලෙසට අපි අපගේ සහෝදර පුරවැසියන් පොළඹවන්නට කැමැත්තෙමු.

ජනතාවට තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කරගත හැක්කේ තමන් සතු ප‍්‍රජාතන්ත‍්‍රවාදී බලය කි‍්‍රයාවට නැංවීමෙන් ම පමණි. අප සියලූ දෙනාට ම අනාගත පරම්පරාවල නාමයෙන් තීරණාත්මක ලෙස ක‍්‍රියා කරන්නටත් අපේ වටිනා ඡන්දය පහත සඳහන් කාරණා වෙත කැප වූ අපේක්ෂකයෙකු වෙනුවෙන් භාවිත කරන්නටත් කාලය පැමිණ ඇත:

* පහත සඳහන් දේට ප‍්‍රමුඛතාව දෙන එහෙත් හුදෙක් ඒවාට පමණක් සීමා නොවන ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ වෙත එළඹීම, එනම්,

– විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම
– යාවජීව ජනාධිපති ධුරයකට දොර විවර කරන 18 වැනි සංශෝධනය අහෝසි කිරීම
– අධිකරණය රාජ්‍ය සේවය සහ පොලීසිය වෙත සුළු හෝ ස්වාධීනත්වයක් තහවුරු කළ 17 වැනි සංශෝධනය නැවත පිහිටුවීම

* සාධාරණීය සාමය සහ ප‍්‍රතිසන්ධානය දිරිගැන්වීමට සංයුක්ත සහ අර්ථසම්පන්න පියවර ගැනීම සහ විතැන් වූ සියලු ජනයා තමන්ගේ මුල් පදිංචි ස්ථානවල යලි පදිංචි කරවීම

* රාජ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුවේ වැයකිරීම් ලෙස දළදේශීය නිෂ්පාදිතයෙන් 6%ක් වෙන් කිරීම සහ රාජ්‍ය අධ්‍යාපනයේ ගුණය සහ ප‍්‍රමිතිය සහතික කිරීම

* මහජන සෞඛ්‍යය වෙනුවෙන් කරන රාජ්‍ය වියදම් විශාල වශයෙන් වැඩි කිරීම සහ රාජ්‍ය සෞඛ්‍ය සේවයේ ගුණය සහ ප‍්‍රමිතිය තහවුරු කරන පියවර ගැනීම

* විදේශ සම්බන්ධතා, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ අනිකුත් වැදගත් අංශ පිළිබඳ ජාතික ප‍්‍රතිපත්ති ස්ථාපිත කිරීම සහ මෙම අංශ ඒවාට අදාළ වෘත්තිකයන්ගේ සේවය යටතට පත් කිරීම

* තොරතුරු පිළිබඳ අයිතිය ආරක්ෂා කරන පනතක් ක‍්‍රියාවට දැමීම

* මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීම

* දූණයල අල්ලස සහ නාස්තිය ද ව්‍යාපාර මාෆියාව ද නැති කිරීම

* රාජ්‍ය සේවය සහ ව්‍යාපාර අංශ නිර්දේශපාලනීකරණය කිරීම

* ඥාති සංග‍්‍රහයෙන්, පවුල් පාලනයෙන් තොර සහ බල අපයෝජනයෙන් තොර යහපාලනයක් ඇති කිරීම

එසේ ම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සහතික කරන මෙන් ද මැතිවරණ නීති උල්ලංඝනයන් වලක්වන්නට මැදිහත් වන ලෙස ද අදාළ සියලූ දෙනාගේ ආරක්ෂාව සහතික කරන ලෙස ද අපි මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ද බලවත් සේ ඉල්ලා සිටිමු.

ඉහත සඳහන් කාරණා වෙත කැපවීමට තරම් වගකීමෙන් යුතු අය මත අප බලපෑම් කරන අතර මෙකී යෝජිත ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ සහ ප‍්‍රතිපත්ති වෙනස්කම් කිරීම පිණිස ජනාධිපතිවරණයෙන් පසුව ද කටයුතු කරන්නට අපි කැපවෙමු.

මෙයට

අතුලසිරි කුමාර සමරකෝන්
අනුරුද්ධිකා දිල්හානි
ආචාර්ය අතුල විතානවසම්
ආචාර්ය අනිල් ප‍්‍රනාන්දු
ආචාර්ය එන්.කේ. හෙට්ටිආරච්චි
ආචාර්ය එස්.කේ.එම්. අලි
ආචාර්ය ඞී.කරුණානායක
ආචාර්ය නාලිකා රණතුංග
ආචාර්ය අනුර රත්නායක
ආචාර්ය අනුර උතුමන්්ගේ
ආචාර්ය අශෝක පනන්ගම
ආචාර්ය අංජුලා ද සිල්වා
ආචාර්ය අයි.එම්.එස්. සත්‍යප‍්‍රසාද්
ආචාර්ය අයි.පී. තිලකුමාර
ආචාර්ය ආනන්ද ජයවික‍්‍රම
ආචාර්ය ආර්. ජයසිංහ
ආචාර්ය ආර්. මීගස්කුඹුර
ආචාර්ය ආර්. නියන්ති
ආචාර්ය ආර්. පාලමකුඹුර
ආචාර්ය ආර්.එම්.එස්.එච්.බී. මැදවල
ආචාර්ය ආර්.එම්. ෆොන්සේකා
ආචාර්ය ආර්.එම්.කේ. දේශප‍්‍රිය
ආචාර්ය ආර්.ජී.ඞී. ජයවර්ධන
ආචාර්ය ආර්.ඩබ්ලිව්. පල්ලේගම
ආචාර්ය ආර්.ඞී. ගුණරත්න
ආචාර්ය ආර්.ඞී. ජයසිංහ
ආචාර්ය ඉරේෂා මෙන්ඩිස්
ආචාර්ය උදිත ගුණසේකර
ආචාර්ය උපුල් අබේරත්න
ආචාර්ය ඕ.ඞී.ඒ.එන්. පෙරේරා
ආචාර්ය ආර්.එම්.එස්.බී.කේ.රණසිංහ
ආචාර්ය එච්. රඹුක්වැල්ල
ආචාර්ය එච්.ආර්.ඞී. පීරිස්
ආචාර්ය එච්.එන්.එස්. සොයිසා
ආචාර්ය එච්.එල්.ඞී. වීරහේවා
ආචාර්ය එච්.පී. සූරියආරච්චි
ආචාර්ය එන්.සී. වනිගසූරිය
ආචාර්ය එන්. මොරායස්
ආචාර්ය එන්. රාජපක්ෂ
ආචාර්ය එන්.ඞී.උඩගම
ආචාර්ය එම්.ජි. මනුරත්න
ආචාර්ය එම්. ඇල්ෆ‍්‍රඞ්
ආචාර්ය එම්.ඊ.ආර්.පෙරේරා
ආචාර්ය එම්.එස්.එම්. සලීම්
ආචාර්ය එම්.ටී.එම්. මහීස්
ආචාර්ය එම්.පී. පරණගම
ආචාර්ය එම්.සී.එන්. ෆොන්සේකා
ආචාර්ය එල්.ඞී.සරත් විතාරණ
ආචාර්ය එස්. බදුගේ
ආචාර්ය එස්. බන්නැහැක
ආචාර්ය එස්. ද මෙල්
ආචාර්ය එස්. ගුණරත්න
ආචාර්ය එස්. සිවමෝහන්
ආචාර්ය එස්. අයි. කීතපොන්කලම්
ආචාර්ය එස්.ආර්. හේරත්
ආචාර්ය එස්.ආර්. හෙට්ටිආරච්චි
ආචාර්ය එස්.ඒ. ලීලානන්ද
ආචාර්ය එස්.කේ. වන්නිආරච්චි
ආචාර්ය එස්.පී. කොඩිතුවක්කු
ආචාර්ය එස්.පී. පේ‍්‍රමරත්න
ආචාර්ය ඒ. මනිපුර
ආචාර්ය ඒ.ආර්. වීරසිංහ
ආචාර්ය ඒ.එච්.ජි.කේ. කරුණාරත්න
ආචාර්ය ඒ.එම්. ආටිගල
ආචාර්ය ඒ.එල්.එම්. මවුරූෆ්
ආචාර්ය ඒ.ඒ.ජේ. රාජරත්න
ආචාර්ය ඒ.කේ. කරුණාරත්න
ආචාර්ය ඒ.කේ.එස්.අරඹවත්ත
ආචාර්ය ඒ.ජේ. රුහුණුහේවා
ආචාර්ය ඒ.ජේ.එම්. චන්ද්‍රදාස
ආචාර්ය ඒ.සී. රත්නවීර
ආචාර්ය කිරුපා හූල්
ආචාර්ය කුමුදු කුසුම් කුමාර
ආචාර්ය කේ. අමිර්තලිංගම්
ආචාර්ය කේ. හෙට්ටිආරච්චි
ආචාර්ය කේ. මාසකෝරාළ
ආචාර්ය කේ.ආර්.බී. හේරත්
ආචාර්ය කේ.එෆ්.එස්.ටී.සිල්වා
ආචාර්ය කේ.ඒ.එස්. වසන්ත
ආචාර්ය කේ.බි.එස්.එන්. ජිනදාස
ආචාර්ය කේ.බී. ජයවර්ධන
ආචාර්ය කේ.බී.එස්.එන්. ජිනදාස
ආචාර්ය ගිහාන් පනාගොඩ
ආචාර්ය චන්දන අලූත්ගේ
ආචාර්ය චන්දිම වික‍්‍රමසිංහ
ආචාර්ය ජගත් මනතුංග
ආචාර්ය ජානකි ජයවර්දන
ආචාර්ය ජී. බණ්ඩාරගේ
ආචාර්ය ජී. එදිරිසිංහ
ආචාර්ය ජී.එම්.එම්. හේරත්
ආචාර්ය ජී.වයි. ජයසිංහ
ආචාර්ය ජේ. හේවගේ
ආචාර්ය ජේ.කේ. විතානාරච්චි
ආචාර්ය ජේ.වී.විජයකුලසුරිය
ආචාර්ය ටී.එස්. සමරකෝන්
ආචාර්ය ටී. ආනන්ද මූර්ති
ආචාර්ය ටී. ජයසිංහම්
ආචාර්ය ඩබ්ලිව්.පී.ඞී. ප‍්‍රනාන්දු
ආචාර්ය ඞී. රන්දෙනිය
ආචාර්ය ඞී. උදාකර
ආචාර්ය ඞී.එච්.එස්. මෛත‍්‍රීපාල
ආචාර්ය ඞී.එල්. බණ්ඩාර
ආචාර්ය ඞී.ඞී. කරුණාරත්න
ආචාර්ය ඞී.ඞී.ජේ. පුංචිහේවා
ආචාර්ය ඞී.පී. චන්දිම
ආචාර්ය ඩිලෙනි ගුණවර්ධන
ආචාර්ය නිර්මාල් දේවසිරි
ආචාර්ය තියඩෝර් ප‍්‍රනාන්දු
ආචාර්ය තිලක් විජේසුන්දර
ආචාර්ය දයා සෝමසුන්දරම්
ආචාර්ය ධර්මසේන පතිරාජ
ආචාර්ය නාරද ප‍්‍රනාන්දු
ආචාර්ය නිලන්ත ලියනගේ
ආචාර්ය නිශාර ප‍්‍රනාන්දු
ආචාර්ය නිහාල් සේනානායක
ආචාර්ය පවිත‍්‍රා කයිලාසපති
ආචාර්ය පී.ඒ.පී.එස්. කුමාර
ආචාර්ය පිවිතුරු කුමාරසිංහ
ආචාර්ය පී. පෙරේරා
ආචාර්ය පී. විජේකෝන්
ආචාර්ය පී.ආර්. ජයසූරිය
ආචාර්ය පී.ඒ. ජයන්ත
ආචාර්ය පී.බී.ජී. දිසානායක
ආචාර්ය පුජ්‍ය ආර්. මහින්ද හිමි
ආචාර්ය පුජ්‍ය නැදලගමුවේ ධම්මදින්න හිමි
ආචාර්ය ප‍්‍රභාත් ජයසිංහ
ආචාර්ය ප‍්‍රසන්න රත්නවීර
ආචාර්ය ප‍්‍රියංකා ද සිල්වා
ආචාර්ය ප‍්‍රිශාන්ත ගුණවර්ධන
ආචාර්ය බී.ජි.ටී.එල්. නන්දසේන
ආචාර්ය බී.සී. ජයවර්දන
ආචාර්ය බී.එම්. සුමනරත්න
ආචාර්ය බී.එස්.එම්.එස්. සිරිවර්දන
ආචාර්ය මයිකල් ප‍්‍රනාන්දු
ආචාර්ය මහිම් මෙන්ඩිස්
ආචාර්ය මාධව මීගස්කුඹුර
ආචාර්ය මෝජිත් ආරියරත්න
ආචාර්ය යූ. ද එස්. ජයවර්දන
ආචාර්ය රංගික හල්වතුර
ආචාර්ය රාජන් හූල්
ආචාර්ය රුවන් ගාල්ලගේ
ආචාර්ය ලියනගේ අමරකීර්ති
ආචාර්ය වජිරා ජයසිංහ
ආචාර්ය වාසුකි නේසයියා
ආචාර්ය විදුර විතාන
ආචාර්ය විවිමරී වී. මැදවත්තේගෙදර
ආචාර්ය වී. විජයකුමාරන්
ආචාර්ය වී.එස්.එන් . විතානාච්චි
ආචාර්ය වී.වී. ගනේෂනාදන්
ආචාර්ය ශාමලා කුමාර්
ආචාර්ය ශාරිකා තිරාණගම
ආචාර්ය ශ්‍යාමනී හෙට්ටිආරච්චි
ආචාර්ය සී. බෝගහවත්ත
ආචාර්ය සීලන් කදිරගාමර්
ආචාර්ය ෆර්සානා හනිෆා
ආචාර්ය ෆසිහා අස්මි
ආචාර්ය හරිණි අමරසූරිය
ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
ආචාර්ය හිමාන් පුංචිහේවා
ආර්. ජයනෙත්ති
ආර්. ලියනගේ
ආර්. මහේස්වරන්
ආර්.ආර්.පී.කේ. ගුණරත්න
ආර්.එම්.ඞී.ඞී. රත්නායක
ආර්.ඒ.එස්.පී. රණබාහු
ආර්.ඞී.ඒ. ගුණසේකර
ඉන්දු ගමගේ
ඊ.එච්.එම්. හීන්බණ්ඩා
උපාලි පන්නිලගේ
උපුල් ගමගේ
එච්.ඒ.කේ.එස්. සංජිවනි
එච්.ඒ.සී. ජීවන්ති
එච්.කේ.ඒ. පේ‍්‍රමචන්ද්‍ර
එච්.වී.ඞී.අයි. අබේවික‍්‍රම
එන්.ආර්.පී. විජේසිංහ
එන් .එන්.ඊ ලෝව්
එන් .ඒ. විමලසේන
එන්.එම්. කලූගම්පිටිය
එන්.ජි.ඒ. කරුණාතිලක
එම්.එස්.එම්. රාසික්
එම්.එම්. සාබීර්
එම්.එස්. නානායක්කාර
එම්.එස්.එම්. කරුණාරත්න
එම්.ජී.එම්. දිල්රුක්ෂි
එල්.කේ.කේ. පීරිස්
එල්.කේ.ජී. රෝෂන
එස්. රාසික්
එස්. කහඳගමගේ
එස්. මන්තිලක
එස්. රත්නායක
එස්. විජේරත්න
එස්.ආර්.එල්.එස්. රත්නසේකර
එස්.එන්. නයිල්ස්
එස්.එස්.වී. ද සිල්වා
එස්.පී.ඞී.ආර්. සේනාරත්න
ඒ. අරුලසිරි
ඒ. ඉස්තිකාර්
ඒ. රාජපක්ෂ
ඒ. රොබින්සන්
ඒ.එල්. සන්දික
ඒ.කේ.සී. සෙව්වන්දි
ඒ.පී. සාන්තසිරි
ඒ.සී. කරුණාරත්න
කසුන් ගජසිංහ
කේ. බුළුමුල්ල
කේ. ලියනපතිරණ
කේ.ඊ.ඞී. පෙරේරා
කේ.එච්. රාමනායක
කේ.එස්.ජි.එස්. නිශාන්ත
කේ.ඒ.එස්.එස්. විජේසේකර
කේ.ජි.පී.වී. ගුණරත්න
ක‍්‍රිශාන්ත ෆෙඞ්රික්ස්
ගයාත‍්‍රි විජේකෝන්
ගයාත‍්‍රි හේවාගම
චන්දන විජේකෝන්
චන්දික ගුණසිංහ
චන්ද්‍රගුප්ත තේනුවර
චන්ද්‍රසිරි බෝගමුව
චින්තක රණසිංග
ආචාර්ය ජගත් ගුණතිලක
ජි. සෙනරත්
ජි.පීxටී.එස්. හේමකුමාර
ජී.ජී. ජයරත්න
ජේ.එච්.එස්.කේ. ජයමහ
ටී.ආර්. විජේසුන්දර
ටී.චාමර කුරුප්පුආරච්චි
ටී.හේරත් ගුණතිලක
ඩබ්ලිව්.එම්.ආර්. ලක්සිරි
ඩබ්ලිව්.එම්.එන්. ප‍්‍රනාන්දු
ඩබ්ලිව්.ඒ. පාලිත
ඩබ්ලිව්.ඒ.එන්.ඞී. විජේසිංහ
ඩබ්ලිව්.ඒ.එම්. කුමාර
ඩබ්ලිව්.කේ.ආර්. දයාලතා
ඩබ්ලිව්.පී.එස්. රාජපක්ෂ
ඩබ්ලිව්.වී.එන්. ප‍්‍රනාන්දු
ඩබ්ලිව්.වී.ඩබ්ලිව්.ජී. වනිගනෙත්ති
ඞී.එම්.ආර්. දීපිකා
ඞී.ජී.ජි.පී. කරුණාරත්න
ඞී.ඞී. ඩයස්
ඞී.සී. චන්ද්‍රසිරි
තනුජා සන්දනායක
දයාපාල තිරාණගම
දිලක්ෂි ද සිල්වා
නන්දසිරි කීඹියහෙට්ටි
නිමල් විජේසිරි
නිශාන් සකලසූරිය
නීතිඥ ඞී. සමරරත්න
පී.කේ.සී. දිනේෂා
පී.එච්. විමලසිරි
පී.එස්. මොරවකගේ
පී.ටී.කේ. ආරච්චිගේ
පුජ්‍ය එන්. වජිරඥාන හිමි
පුජ්‍ය කුම්බුක්කන්දන රේවත හිමි
පුජ්‍ය මාකොළ මංගල හිමි
පුජ්‍ය ලැගුම්දෙනියේ පියරතන හිමි
පුජ්‍ය වලපනේ ඥානසේන හිමි
පූජ්‍ය උඩුහාවර ආනන්ද හිමි
පූජ්‍ය ටී. අරියවිමල හිමි
ප‍්‍රභා මනුරත්න
ප‍්‍රියංකර රත්නායක
ප‍්‍රියන්ත ෆොන්සේකා
බී.ඞී. විතාරණ
මහාචාර්ය අජිතා තෙන්නකෝන්
මහාචාර්ය අමල් එස්. කුමාරගේ
මහාචාර්ය අසංග තිලකරත්න
මහාචාර්ය ආරියවංස දිසානායක
මහාචාර්ය ආර්.එම්.ජී. රාජපක්ෂ
මහාචාර්ය ආර්.එම්.පී.එෆ්. පැටි‍්‍රක් රත්නායක
මහාචාර්ය ආර්.එම්.චන්දිම රත්නායක
මහාචාර්ය ආර්.එම්.ඩබ්ලිව්. රාජපක්ෂ
මහාචාර්ය ආර්.එල්. විජයවීර
මහාචාර්ය ආර්. ඕ. තටිල්
මහාචාර්ය ආර්.පි. මහලියනාරච්චි
මහාචාර්ය ඊ.ඒ.ජී. ෆොන්සේකා
මහාචාර්ය උපුල් දිසානායක
මහාචාර්ය එච්. ඩබ්ලිව්. සිරිල්
මහාචාර්ය එච්.එම්.එන්. බණ්ඩාර
මහාචාර්ය එන්.එස්. කුමාර්
මහාචාර්ය එම්.ඒ. නුහුමාන්
මහාචාර්ය එම්. සෝමතිලක
මහාචාර්ය එම්.ඒ.එම්. සිත්තික්
මහාචාර්ය එල්. ඒකනායක
මහාචාර්ය එස්. පින්නවල
මහාචාර්ය එස්. වැවගේ
මහාචාර්ය එස්.ඒ. අරියදුරෙයි
මහාචාර්ය එස්.ඒ. නෝබට්
මහාචාර්ය එස්.ඩබ්ලිව්.එස්.බී. දසනායක
මහාචාර්ය එස්.ඞී. වන්නිආරච්චි
මහාචාර්ය එස්.ඞී. පතිරණ
මහාචාර්ය එස්.බී.එස්. අබේකෝන්
මහාචාර්ය ඒ. පරාක‍්‍රම
මහාචාර්ය ඒ. තිලකරත්න
මහාචාර්ය ඒ.ආර්. ආරියරත්න
මහාචාර්ය ඒ.එම්. නවරත්න බණ්ඩාර
මහාචාර්ය ඔලිවර් ඉලේපෙරුම
කල්‍යාණි විජේසුන්දර
මහාචාර්ය කපිල පෙරේරා
මහාචාර්ය කමනි ජයසේකර
මහාචාර්ය කුමාර් ඬේවිඞ්
මහාචාර්ය කේ. සමරසිංහ
මහාචාර්ය කේ.එස්. වල්ගම
මහාචාර්ය කේ.කේ.අයි.යූ.අරුණ කුමාර
මහාචාර්ය කේ.ජි.එස්.සි. සෙනෙවිරත්න
මහාචාර්ය ගණනාත් ඔබේසේකර
මහාචාර්ය ගමීලා සමරසිංහ
මහාචාර්ය ජයදේව උයන්ගොඩ
මහාචාර්ය ජී. දෙල්කුඹුරවත්ත
මහාචාර්ය ජී. කීරවැල්ල
මහාචාර්ය ඩබ්ලිව්.එම්. තිලකරත්න
මහාචාර්ය ඩබ්ලිව්.ඩබ්ලිව්.ඒ. ගුණවර්ධන
මහාචාර්ය ඩබ්ලිව්.පී.එස්. ඩයස්
මහාචාර්ය ඞී. අතපත්තු
මහාචාර්ය ධර්මා රාජපක්ෂ
මහාචාර්ය නයනි මෙලගොඩ
මහාචාර්ය නිරා කේ. වික‍්‍රමසිංහ
මහාචාර්ය පී. හේවගේ
මහාචාර්ය පී. වික‍්‍රමගමගේ
මහාචාර්ය පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමි
මහාචාර්ය ප‍්‍රදීප් රන්දිවෙල
මහාචාර්ය මංජුල විතානපතිරණ
මහාචාර්ය මහේසන් නිරංජන්
මහාචාර්ය මිල්ටන් රාජරත්න
මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ
මහාචාර්ය යූ.ඒ. චන්ද්‍රසේන
මහාචාර්ය රංජනී ඔබේසේකර
මහාචාර්ය රුවන් වීරසේකර
මහාචාර්ය රොහාන් ප‍්‍රනාන්දු
මහාචාර්ය ලක්ෂ්මන් දිසානායක
මහාචාර්ය ලක්සිරි ප‍්‍රනාන්දු
මහාචාර්ය ලලිත් එස්. ප‍්‍රනාන්දු
මහාචාර්ය විජේ කුමාර්
මහාචාර්ය ෂර්ලි ලාල් විජේසිංහ
මහාචාර්ය සරත් විජේසූරිය
මහාචාර්ය සමන් අබේසිංහ
මහාචාර්ය සාවිත‍්‍රි ගුණසේකර
මහාචාර්ය සිද්ධි ඉක්බාල්
මහාචාර්ය සී.එස්. වික‍්‍රමගමගේ
මහාචාර්ය කමීනා ගුණරත්න
යු.ජේ. රණේපුර
රවී ද මෙල්
රුවන් ගුණවර්ධන
රෝහණ රත්නායක
ලක්මිණි ගමගේ
විජිත් රොහාන් ප‍්‍රනාන්දු
විමල් විජේසිංහ
ශාන්ත ජයකුමාර
සිතුමිණි රත්නමලල
සී.ඞී.යූ. චතුරංග
සී.පී. රූපසිංහ