වෙනසක් සඳහා ඡන්දය දිය යුත්තේ ඇයි?

ගෞරවනීය ස්වාමීන් වහන්ස/පූජකතුමනි
දෙමාපියනි/සහෝදර සහෝදරියනි, දෙමාපියනි/සහෝදර සහෝදරියනි,

එළඹෙන ජනාපතිවරණය සම්බන්ධයෙන් මේ ආයාචනය අප ඔබ වෙත සිදුකරනු
ලබන්නේ මෙරට විශ්වවිද්‍යාලවල සිටින සමාජවගකීමක් සහිත ආචාර්යවරු පිරිසක්
ලෙසටයි. මෙම ඉතා වැදගත් ජනාධිපතිවරණයේදී ඔබ ඉදිරියේ ඇත්තේ ඉතා සරල
ඉතාමත් තීරණාත්මක තෝරාගැනීමකි. එනම් මහින්ද රාජපක්ෂ මහතාට තවත්
අවුරුදු අටක් මෙම අසීමිත බලතල සහිත ජනාධිපති ධූරයේ රැුඳී සිටීමට ඉඩ
දෙනවාද? එසේත් නැතිනම් විපක්ෂයේ පොදු අකේෂක මෛත‍්‍රීපාල සිරිසේන
මහතාගේ ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙළට ඡුන්දය දී මේ රට නව දේශපාලන ගමනක්
වෙත යොමු කිරීමට ඔබගේ දායකත්වය ලබා දෙනවාද? යන්නයි.

වෙනසක් අවශ්‍ය ඇයි?

අප මුලිින්ම ඇසිය යුතු ප‍්‍රශ්නය වන්නේ දැනට බලයේ සිටින ජනාධිපතිතුමා
නැවත තෝරා නොගත යුත්තේ මන්ද යන්නයි.

ඇත්ත වශයෙන්ම පවතින රජය වහාම පරාජය කළ යුතු බව අවබෝධ කරගැනීමට
අන් කිසිවක් අවශ්‍ය නැතත් ඒ සඳහා කිසියම් අයෙක් කළ යුත්තේ මහින්ද රාජපක්ෂ
මහතා මේ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යන ආකාරය දෙස විමසිළිමත් වීම
ම පමණි. ඔහු මේ මැතිවරණ ව්‍යාපාරයේ නියැලෙන්නේ ‘ලෝක විනාශය සිදු වීමට
ආසන්න’ වැනි හදිසියකිනි. ඒ සඳහා ඔහු සමස්්ථ රාජ්‍ය යන්ත‍්‍රයම නින්දිත ලෙස
අවභාවිත කරමින් තිබේ. මැතිවරණ නීති පමණක් නොව සාමාන්‍ය සදාචාරය ද අමු
අමුවේ උල්ලංඝනය කරමින් මහජන මුදල් ප‍්‍රකොටි ගණන් ඡුන්ද දායකයින් අතරේ
අල්ලස් ලෙස බෙදා දෙමින් කරන අතිශය පිළිකුල් සහගත මගඩි නාටකයක් බවට
ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය පත්වී ඇත. වත්මන් ජනාධිපති තව දුරටත් බලයේ
තබා ගත යුතු යැයි කියන පිරිස් ඒ සඳහා ඉදිරිපත් කරන තර්ක දෙස මුළින්ම
තරමක් අවධානය යොමුකර බලමු. මේ සඳහා මෙවැනි පිරිස් ඉදිරිපත් කරන ඊනියා
තර්ක කීපයක් දැකිය හැකිය.

ඒ මෙසේය:
1 වැනි මිත්‍යාව :
ජනාධිපතිතුමාට කළ ගුණ දැක්වීම සඳහා:

මෙය අතිශයින්ම අමනෝඥ තර්කයකි. රාජ්‍ය පාලනයේ ඉහළ තනතුරු සඳහා
පුද්ගලයින් පත්කරනු ලබන්නේ ‘කෘතගුණ දැක්වීම’ සඳහා නොවේ. මහජනයාට තම පොදු අවශ්‍යතා ඉහළ මට්ටමින් සහ කාර්යක්ෂම ලෙස ඉටු කරවා ගැනීම සඳහාය. ජනාධිපතිතුමා යුද්ධය අවසන් කිරීම මගින් ලංකාවේ ජනයාට සේවයක් කළා නම් සහ එයට කෘතගුණ දැකවිය යුතු යැයි මහජනයා සිතන්නේ නම් ඒ සඳහා වෙනත් ක‍්‍රම සොයාගත යුතුය. ඒ සඳහා ඇති ක‍්‍රමය වන්නේ එතුමාට සහ එතුමාගේ පවුල් කණ්ඩායමට යාවජීව ලෙස රට භාරදීම නොවේ.

Vote4Change_1

Vote4Change_2

Vote4Change_3

Vote4Change_4

Vote4Change_5

Vote4Change_6

Vote4Change_7

Vote4Change_8

Vote4Change_9

Vote4Change_10

Vote4Change_11

Vote4Change_12

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s