මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු!!! – මහාචාර්ය නවරත්න බණ්ඩාර
මේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු!!! නරක්වූ කුණු ගොඩකින් හොඳ “ව්‍යවස්තාවක්” හදා ගන්න බෑ. මේ රටට ප්‍රජාතන්ත්‍රවාදය ගෙන්න මෙයාලට බැරි බව දැන් මෙයාලා ඔප්පු කරලා ඉවරයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අබමල් රේණුවක තැකීමක් නැති මේ අය ගෙන් ප්‍රජාතන්ත්‍රවාදය ඉල්ලන එක මේ රටේ අභාග්‍යයකි. ජනවාරි 08 වෙන දා ජනතාව මේ පාර්ලිමේන්තුවේ තුනින් දෙක ද පැරදවූ බව මෙයාලට කියදෙන්න නම් මේ පාර්ලිමේන්තුව විසිරුවා හල යුතු ය. සුජතභාවයක් නැති පාර්ලිමේන්තුවක් තියාගත්තේ උතුම් කාර්යක් කරව ගන්න. දැන් පෙනන්නේ මෙයාලට ඕන ඒක නෙවේ. පාර්ලිමේතුව විසිරුවා හරිනු!!! නව පරලිමෙන්තුවක් කැඳවා එය ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයක් බවට පත් කර නව ව්‍යවස්ථාවක් සම්මත කර ජනාධිපති ක්‍රමය අහෝසි කරනු!!! මහින්ද රාජපක්ස සහ ඔහුගේ පාලනය යටතේ සිදුකල වංචා පරික්ක්ෂා කිරීමට ජනාධිපති කොමිසන් සභාවක් පත් කරනු!!! වරදකරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනු!!!