ජනවරමට හිස නමනු 19 වහාම සම්මත කරනු! මහා ජන පෙළපාලිය සහ රැළිය
‘‘ මගේ වැරදි තිබුණ. සමහර වැරදි කරපු අය අපි බලපෑම් කරල නිදහස් කළා. සමහර අය කරපු වැරදිවලට අපි දඩුවම් කළේ නෑ. අපි ඒව වසන් කරන්න හැදුව. මම කරපු වැරදි මේව. අද මම ඒක පිළිගන්නව. සමහරු පොලීසියෙ අතටම අහුඋනා…..’’
මේ කියන්නේ හොරුන් අපරාධකරුවන් ආරක්ෂා කරන්නට පොලීසියට බලපෑම් කළ බව නොවේද? පොලීසියට පමණක් නොව අධිකරණයට පවා විධායක බලතල මගින් පලපෑම් කළ හැටි අපි දුටුවෙමු.
දැන් ඔහු ඉතා සැහැල්ලූවෙන් මෙසේ කතා කරන්නේ දරුණු අපරාධකළවුන්, කෝටි ප‍්‍රකෝටි ගණන් මහජන දේපළ සොරකම් කළවුන් ගැන බව දැන් කෙරීගෙන යන පරීක්ෂණවලින් හෙළි වෙමින් තිබේ. මේ රට මෙතරම් විනාශකාරී තැනකට ගෙන ගියේ විධායක ජනාධිපති ක‍්‍රමයෙන් එක් පුද්ගලයකු අතට අසීමිත බලතල පවරා දී තිබුණු බැවිනි.
මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයේදී දුන් ප‍්‍රධාන පොරොන්දුව වූයේ අත්තනෝමතික විධායක ජනාධිපති ක‍්‍රමයේ බලතල අඩුකර අධිකරණයට, පොලීසියට, රාජ්‍ය සේවයට, මැතිවරණ දෙපාර්තමේන්තුවට ස්වාධීනත්වය ලබා දෙන කොමිෂන් සභා ව්‍යවස්ථාවෙන්ම නීතිගත කර මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකරන බවයි.
එදා විධායක ජනාධිපතිගේ බලතල තවත් වැඩි කර ඔහු ඒකාධිපතියකු බවට පත් කෙරෙන 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය එක දවසෙන් අනුමත කරන්නට දෑතම එසවූ මන්තී‍්‍රවරු දැන් ඒ විෂකුරු බලතල අඩුකරන්නට ඉදිරිපත් කළ 19 වැනි සංශෝධනය අනුමත නොකර තකතීරු තර්ක මතු කරමින් කට්ටි පනිමින් සිටිති. මේ අයගේ මේ හැසිරීම මේ රටේ බහුතර ජනතාව ජනවාරි 8 වෙනිදා ජනාධිපතිවරණයේදී දිවිපරදුවට තබා ඡන්දපොළට ගොස් දෙන ලද ජනවරමට ඔච්චම් කිරීමකි. මේ ජනතා විරෝධී වෑයම පරාජය කරන්නට ජනතාව පාරට බැසිය යුතුව තිබේ.
මේ අවශ්‍යතාව තේරුම් ගත් සිවිල් පුරවැසියන් වන අප 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අවසන් වතාවට පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නට නියමිත 27 වෙනි සඳුදා ‘ජනවරමට හිස නමනු – 19 සම්මත කරනු‘ යන සටන් පාඨය සමග පාගමනක් සංවිධානය කරන්නට තීරණය කළෙමු. එය ඇරඹෙන්නේ එදින උදේ 10ට රාජගිරියේ ආයුර්වේද හන්දියෙනි.
අපේ සමාජය අපරාධවලින් දූෂණයෙන් වංචාවෙන් තොර සමාජයක් බවට පත් කර ගන්නට දරණ මේ උත්සාහයට සහභාගිත්වය ලබා දෙන ලෙස යුක්්ති ගරුක සමාජයක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක් අපේක්ෂා කරන ජනතාවට අපි ආයාචනය කරමු.
පුරවැසි සංවිධාන එකතුව වෙනුවෙන්
වමේ කේන්ද්‍රය