මාධ්‍ය නිදහස අලුතින් අර්ථ ගැන්වීම – ‘කතිකා’ අධ්‍යයන කවය

මහින්ද රාජපක්ෂ රෙජිමය සමයේ මාධ්‍ය මර්ධනයට එරෙහිව මාධ්‍ය නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටි දේශපාලනඥයන් මෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරකයන් ද මාධ්‍යවේදීන් ද දැන් තමන් බලයට පත් කර ගත් මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා රෙජිමය යටතේ මාධ්‍ය නිදහසට යම් යම් කොන්දේසි පනවමින් එය අලුතින් අර්ථ ගන්වමින් සිටිනු අපට දැකිය හැකිය.

මේ පිරිස් මී ළඟට සීමා පනවමින් අලුතින් අර්ථකථනය කරනු ඇත්තේ පුරවැසියාට ඇති අයිතීන් සහ නිදහස් ය.

රෙජිමයේ ප්‍රතිපත්ති විවේචනය කරන පුරවැසියන් පවා මේ අයට අනුව දැන් අයත් වන්නේ විරුද්ධවාදීන් ගේ ගොඩටය. මුලින් “විවේචකයන් ද එකතු කරගෙන මේ ගමන යනවා“ යැයි කී කතාව දැන් “ විරුද්ධවාදීන් මොනවා කිව්වත් අපි මේ ගමන නවත්වන්නේ නැතැයි“ කියන තැනට තල්ලු වී තිබෙන්නේ විවේචකයන්ද විරුද්ධවාදීන් ගේ ගොඩට තල්ලු කරමිනි.

මෙම ක්‍රියාකාරකම් වලින් පැහැදිළි වන දෙයක් තිබේ.

පළමුවැන්න නම් බොහෝ දෙනා යම් ප්‍රතිපත්ති වෙනුවෙන් සිටින බව කිව්වත් ඔවුන් අවසාන විග්‍රහයේදී ඒවා අර්ථ කථනය කරගන්නේ තමා ගේ දෘෂ්ටියෙන් තමාට සාපේක්ෂව මිස පරම අර්ථයකින් නොවේ.

මේ අනුව පරම අර්ථයකින් මාධ්‍ය නිදහසක් නැත. මාධ්‍ය නිදහස අප අකැමති ‍හෝ කැමති දේශපාලනය රෙජිමයට සාපේක්ෂව අර්ථ ගැන්වෙන එකකි.

මේ අනුව පාර්ලිමේන්තු වරප්‍රසාද පාර්ලිමේන්තුවෙන් පිටත සිටින්නන්ට එරෙහිව පාවිච්චි නොකිරීමේ සම්ප්‍රදාය අපේ “සතුරන්“ට එරෙහිව කැඩීම වරදක් නොවේ.

ජනමාධ්‍යවේදීන් විසින් දේශපාලනඥයන් විවේචනය කරනු ලැබීමට දේශපාලනඥයන් පිළිතුරු දිය යුත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී නොව ඉන් පිටත සෘජුව මාධ්‍ය හෝ මහජනයා හමුවේදීය.

දේශපාලනඥයන් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී සිවිල් පුද්ගලයන්ට අපහාස කිරීම ඒ මගින් මාධ්‍ය සහ සාමාන්‍ය පුරවැසියන් අදහස් දැක්වීම වැළැක්වීම ට හේතුවන බිය වැද්දීමකි. තර්ජනය කිරීමකි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන තම මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මාධ්‍ය නිදහස පිළිබඳ සඳහන් කළේ මෙපරිදිය: “මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍යවලට, ඒවායේ හිමිකරුවන්ට හා මාධ්‍යවේදීන්ට සෘජුව හා වක‍්‍රව සිදුකරනු ලබන බලපෑම් හා බියගැන්වීම්, සුදු වෑන්වලින් පැහැර ගැනීම් හා මරා දැමීම් නවතා නිදහස් මාධ්‍යයක් පවත්වාගෙන යාම සහතික කරන්නෙමි.” (බලන්න,
http://www.president.gov.lk/wp-content/uploads/2015/02/Manifesto-SI.pdf )

තම ප්‍රතිපත්තිය මෙයට වෙනස් එකක් යැයි වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ එකළ ප්‍රකාශ කළ බවක් අපි නොදුටුවෙමු.

‘කතිකා’ අධ්‍යයන කවය

Comments

  1. සමාජ විද්‍යතමකව සමාජයක් යනු පුද්ගල අන්තර්ක්‍රියාවන් හා බැදුනු එකතුවකි .සංස්කෘතිය යනු එම පුද්ගල එකතුවේ හරයයි .ඒ අනුව පැහැදිලි වන්නේ සමාජය හා සංස්කෘතිය එකිනෙක සමිබන්ධිත වන බවය .සමාජයේ රදා පැවැත්ම සදහා සංස්කෘතිය ඉවහල් වන අතර සංස්කෘතිය යනු සමාජයේ නිර්මාණයක් වේ .යම් සමාජයක් බිද වැටිම යනු එම සමාජයේ සංස්කෘතිය බිදවැටිමයි .සංස්කෘතියක් පරිහානියට පත් වීම යනු සමාජය පරිහානියට පත් වීමයි .සංස්කෘතියක් සමාජයක් පරිහානියට පත් වන්නේ කෙසේද?
    1944 වැනි කාලයක සංස්කෘතිය පිලිබදව අදහස් දැක්වු බී මැලිනොවුස්කි වසන්නේ පවසන්නේ සංස්කෘතිය යනු උපකරණ පාරිභොගික භාන්ඩ සමාජයේ ව්‍යහුමය ලක්ෂන මානව සංකල්පනා ශිල්ප කලාවන් විස්වාසයන් සහ චාරිත්‍රයන් සමස්ථයේ අනුබද්ධයක් ලෙසය ඒ අනුව සංස්කෘතියේ එක් අංගයක සිදු වන වෙනසවීමක් සමස්ථය කෙරෙහි බලපෑ හැකිය .උදාහරණයක් ලෙස ටැක්ටරය පැමිනිමත් සමග සංස්කෘතියේ සිදුවු පරිවර්ථනය දැක්විය හැකිය .අතීතයෙ පැවති දුම ,අටුව පිල නිවස් වලින් ඇත් කරනුයේ පාරිභොගික භාන්ඩ වෙනස් වීම තුලය .එසේම පේස්බුක් ජංගම දුරකතන නව සංස්කෘතියක් උත්පාදනය කර ඇත .මේ අනුව අප කැමති වුවද අකමැති වුවද සංස්කෘතිය වෙනස් විම අපට පාලනය කිරිම අපහසු වන නමුත් අප දැන් කතාකරන මාධ්‍යය සංස්කෘතිය පාලනය කිරීම අපට කල හැක .අප විස්වාස කරන්නේ ලංකාව වැනි රටවල් දැඩි ලෙස මාධ්‍ය අධිකාරිය විසින් පාලනය කරන රටවල් ලෙසය .රටක සංස්කෘතිය පවරා දීම සදහා ක්‍රියාත්මක සියලු යාන්ත්‍රනයන්ට වඩා ජනමාධ්‍ය ජනතාව මත බලඅධිකාරයක් පවත්වාගෙන යාම අප තේරුම් ගත යුතුවේ .අතිතයේ සංස්කෘතිය කෙරෙහි දැඩි බලපැමක් කල ආගම අධ්‍යපනය සිරිත් විරිත් වැඩිහිටියන් සහ විවිද සමාජ සබදතා පරයා මාධ්‍ය ඉස්මතු වි තිබේ .ජනමාධ්‍ය විසින් ලබා දෙන සංදේශ මගින් සමාජයේ පුද්ගලයින් පමණක් නොව පාලකයන්ද හසුරුවන ලබයි .මේ සදහා හොදම උදාහරණය වන්නේ සේයා සිද්ධියේදී කොන්ඩයාට මරන දඩුවම දෙන ලෙස සමාජය ඉල්ලු අතර ජනාධිපති විසින් මෙය කෙසේ හො සිදු කරන වබට කරන ලද ප්‍රකාශයයි . කොන්ඩයා නිර්මාණය කරනු ලැබුයේ මාධ්‍ය විසින් වන් අතර ඔහුට මරණ දඩුවම දෙන ලෙස යොජනා කරනු ලැබුයේ ද ජනමාධ්‍ය විසිනි .යම් සමාජ කතිකාවක් කොතරම් පුලුල් කරනවා කොතරම් පටු කරනවාද යන්න තිරණය කිරීමේ තිරක බලය වර්තමානයේ ජනමාධය සතුය . කොන්ඩයා එල්ලා මරන්නට සමාජ මතය මෙහෙය වු ජනමාධයය කොන්ඩයා නිර්මාණය කල සමාජ සංස්කෘතික පසුබිම තම කතිකාවෙන් බැහැර කිරිම නිසා සිදු වුයේ මරණ දන්ඩනය පිලිබද කතිකාව කොන්ඩයා නිදොස් වීමෙන් අවසන් වු බවයි .මිනිසු න් එල්ලා මැරිමෙන් යම් සමාජයක් නිවරදි කල නොහැක .විශේෂයෙන් නිතියේ සිදුරු ඇති ලංකාව වැනි රටක මරන දඩුවම යනු අපරාධයකි .පොලීසිය විසින් නිවරදි මිනිසුන් කීනෛක් වැරදි කරුවන් කර ඇත්ද සාක්ෂි වල ගැටලු නිසා නිවරදි මිනිසුන් දඩුවම් විදින නිතිමය රාමුවක මරණ දණ්ඩනය අපරාධයකි .
    ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වන පුත් පත් ගුවන්විදුලිය සහ රෑපවාහිනිය හුදෙක් ප්‍රේක්ෂක අසන්නන් පාකයන් පසු පස හබා යමින් ජනතාව ඉල්ලන දේ දෙමින් ප්‍රවෘත්ති වාර්තාකරනය නැමති තරගයේ දුවමින් සිටීම ජනමාධය වල කාර්ය භාරය හෑල්ලු කිරීමකි .අවිද්‍යව හා මිත්‍යවට ඉඩ දෙමින් ජනප්‍රිය තලයෙ ්ගුණාත්මක නොවන අවරසික වැඩසටහන් නිෂ්පාදනය කරමින් ලියමින් ජනමාධ්‍යෙය් කාර්යන් වන සමාජ සදාචාරය ගොඩනැගීම සංස්කෘතිත සම්පේ්‍රෂනය ජාතික අන්‍යතාවය ඇති කිරිම සමාජ ඒකාබද්ද තාවය ඇති කිරිම වැනි කාර්යන් පිලිබද වගකීම පැහැර හැර ඇත .විශේෂයේ වසර 30ක යු්ධයක් පැවති අසංවර්ධිත රටක මාධ්‍ය මීට වඩා වගකීමෙන් ක්‍රියා කිරීම රටේ අනාගතය ගොඩනැගීමට ප්‍රධාන හේතුවක් වෙනු ඇත .අතීතයේ ආගමික සංස්තාවන් ගුරුවරුන් පවුල විසින් සිු කල සංස්කෘතිය පැවරිමේ කාර්යන් අද ඉටු කරන්නේ ජනමාධ්‍ය විසිනි පොය දවස සිංහල අවුරුද්ද මෙන්ම වෙනත් උත්සව වර්තමානයේ සිදු කරන්නේ මාධ්‍ය මගිනි ලාභය උපරිම කර ගැනීමට පේක්ෂක ආකර්ෂණය දිනා ගැනිම උදෙසා කර සමහර ක්‍රියාකාරකම් දිගු කාලීනව බරපතල සංස්කෘතික පරිහානින් සදහා මග පාදයි .මාධ්‍ය නිදහස පිලිබදව කතා කරනවා සේම මාධ්‍ය වල සමාජ සංස්කෘතික වගකිම පිලිබදවද අප කතා කල යුත්තේ බල්ලො මරා හො සල්ලි‍ෙ හවීම සාධාරනීකරණය වු ධනවාදි ආර්ථික ක්‍රමයක් තුල තවදුරටත් සුන්දර අනාගතයක් නිර්මාණය කර ගැනිම සදහා මානව ප්‍රේමය ජාතික වාදය ගැඹුරු ලෙස මිනිස් සබදතා ඇතිකරගත හැකි සංවේදි ගහට කොලට සතා සිවුපාවාට ආදරය කරන සතුටින් ජීවත් විමේ ප්‍රිතිය සැබෑ ලෙස භුක්තිවිදින අනාගත පුරවැසිය නිර්මාණය කිරිමට එවැනි සමාජ සංස්කෘතියක් ගොඩනැගීමට ජනමාධ්‍ය සතු වගකීම ලාභයට වඩා බොහො දුර ගිය සත්කාර්යක් වු බැවිනි ..

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s