හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගනිමු යැයි කියන්නේ කුමක් වෙනුවෙන් ද?
මම හැට දෙලක්ෂයෙන් කෙනෙක්.
නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය වෙනුවෙන් මහින්ද රාජපක්ෂ ෙරජිමය පරාජය කිරීමට ජනතාව ගත් තීරණය නිවැරදි යැයි මා අදත් විශ්වාස කරනවා.
එමෙන්ම පාර්ලිමේන්තු විපක්ෂය අහෝසි කරන සම්මුතිවාදී ආණඩුවක් පිහිටුවීමේ අනතුරත් රනිල් වික්‍රමසිංහගේ නව ලිබරල්වාදී න්‍යාය පත්‍රය ක්‍රියාවට නැංවීමේ අනතුරත් පිළිබඳ අප ජනවාරි 8 ට පෙර සිටම කල්තබාම ප්‍රසිද්ධියේ අපගේ අදහස් දක්වා තිබුනද, ජනවාරි 8 මෛත්‍රීට ඡන්දය දී අපි ඔහු කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් පෙනී සිටිමින් ඒ අනුව ක්‍රියාකිරීමට ජනපති මෛත්‍රී අසමත් වී තිබෙනවා.
ඒ ඔහු විධායක ජනාධිපති ක්‍රමය සහමුලින් අහෝසි කරන්නට ඉදිරිපත් ෙනාවීම නිසා ෙනාෙවයි. එකල මමත් විධායක ජනාධිපති ක්‍රමය මුළුමනින්ම අහෝසි කළ යුතු යැයි විශ්වාස කළත් අද මම එෙහම සිතන්නේ නැහැ. අද රටේ පවතින ෙද්ශපාලන තත්වය යටතේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි ෙකාට එතැනට විධායක අගමැතිවරයෙක් පත් වෙනවා දකින්නට මම කැමති නැහැ. අපේ මන්ත්‍රීවරු පමණක් නොව ඇමතිවරුත් ස්වාධීන මතධාරීන් ෙලස ප්‍රතිපත්තිගරුකව පොදු යහපත තකා කටයුතු කිරීමට අසමත් පිරිසක් බව ඔප්පු කර තිබීම ඊට ප්‍රධාන හේතුවක්. ෙම් තත්වය තුළ ෙද්ශපාලන බලය වැරුම් සහ තුලන (checks and balances) සඳහා බලකේන්ද්‍ර කිහිපයක් තිබීම වැදගත්.
නව ව්‍යවස්ථාවක් අවශ්‍ය යැයි කියන පිරිස් ඒ සඳහා ඉදිරිපත් කරන අනෙක් ප්‍රධාන හේතුව වන්නේ ජනවාර්ගික ගැටළුවට විසඳුමක් සඳහා බලය ෙබදීම සඳහා එය අවශ්‍ය වීමයි.
ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සදහා සිංහල බෞද්ධ ජනයාගේ කැමැත්ත ඒ සඳහා දිනා ගැනීමට බලය බෙදීම පිළිබඳ ඔවුන් තුළ ඇති අනිසි බිය දුරු කිරිමට කළ යුතුව තිබුනේ ජනාධිපති අගමැති ඇතුළු සමස්ත ආණ්ඩුව එය වෙනුවෙන් පෙනී සිටිමින් සියලු ජනවර්ග වලට අයත් ජනයා ඒ සඳහා පෙළ ගැස්වීමයි.
ඒ වෙනුවට අගමැති අපේක්ෂා කළ බව පෙනෙන්නට තිබුණේ ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ පිළිබද මහජන අදහස් විමසීමේ කමිටු වාර්තාව ආණ්ඩුවට අවශ්‍ය ආකාරයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා ඉදිරිපත් ඉදිරිපත් කරනු ඇත යන්නයි; ඒ මත පදනම්ව පාර්ලිමේන්තු අනු කමිටු වාර්තා සකස් කළ හැකි වනු ඇත යන්නයි. එම අපේක්ෂාවේ පදනම කුමක් වුවත් එය ඉටු නොවීය. ජනතාව තම ස්වාධීන අදහස් ඉදිරිපත් කළ අතර කමිටුවේ නිර්දේශ ජනතා අදහස් අපක්ෂපාතීව නියෝජනය කළේය. අමාත්‍ය මණ්ඩලයට අගමැති කළ යෝජනාව මත ඔහු විසින් පත්කරනු ලැබූ එම කමිටුවේ වාර්තාව නිල වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණේ නැත. එය සභාගත නොකරන ලදී. එය පාර්ලිමේන්තුවේ සාකච්ඡා නොකරන ලදී.
එතැන් පටන් අගමැති පාර්ශ්වය කරමින් සිට ඇත්තේ ද්‍රඩිඩ ජාතික සංධානය සමග කරන දේශපාලන ගණුදෙණුවක් ලෙස ඒ සඳහා තමන් අපේක්ෂා කරන ව්‍යවස්ථාව සම්පාදනයට විශේෂඥ සේවය ලබා ගනිමින් කටයුතු යෙදීම යි. ඒ සඳහා ජනමතය සකස් කිරීමටද විශේෂඥ සේවය යොදවා ගනිමින් සිට ඇත.
අගමැති රනිල් වික්‍රමසිංහ තම නව ලිබරල් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නෛතික රාමුව සම්පාදනය කිරීම සඳහා නව ව්‍යවස්ථාව යොදා ගැනීම අරමුණු කරයි. ද්‍රවිඩ ජාතික සන්ධානයත් නව ලිබරල්වාදයට පක්ෂ පාතීය. අගමැති සමග එක්වී සිටින පැරණි වමත් ඔහු සමග එක්වී තනතුරු බෙදා හදා ගනිමින් සිටින ප්‍රභූ සිවිල් සමාජයත් නව ලිබරල්වාදයට පක්ෂය.මේ හේතුවෙන් ජනතාවගෙන් වියෝවී සිටින යහපාලන ආණ්ඩුවට නව ව්‍යවස්ථාවක් සඳහා ජන සහයෝගය දිනා ගත නොහැකි ය. රාජපක්ෂ පිළ අවුස්සන ජාතිවාදයත් එයට එකතු වූ කළ නව ව්‍යවස්ථාව මහජනයාගෙන් ප්‍රතික්ෂේප වීමට අවශ්‍ය කරන තත්වය සම්පාදනය වී ඇත.
ඉතින් හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැකගනිමු යැයි කියන්නේ කුමක් වෙනුවෙන් ද?
ජනපති මෛත්‍රී ජනතාවට කළ ලොකුම වරද නව ලිබරල් න්‍යාය පත්‍රයට අනුව මෙරට ආර්ථිකය හැසිරවීමේ තනි අයිතිය අගැමති රනිල් ට පැවරීමයි. එයට හවුල් වීම සම්බන්ධයෙන් ප්‍රභූ සිවිල් සමාජයත් අගමැති රනිල් හා එකතු වු පැරණි වමත් වග කිව යුතුයි. එවැන්නක් කිරීමට හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය ජනපති මෛත්‍රී ට වරමක් දුන්නේ නැහැ.
එමෙන්ම අගෝස්තු 17 ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහට නව ලිබරල් න්‍යාය පත්‍රයට අනුව මෙරට ආර්ථිකය හැසිරවීමට ජනවරමක් මෙරට ජනතාව දුන්නේ නැහැ. අගෝස්තු 17 ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ බලයට එන්නේ මහින්ද රාජපක්ෂ රෙජිමය යළි බලය අල්ලා ගැනීමේ උත්සාහය වැළැක්වීමට ඡන්දය දුන් එක්සත් ජාතික පාක්ෂිකයන් නොවන ජනයාගේ ඡන්ද විශාල ප්‍රමාණයක පිහිටෙන්. ජනවාරි 8 ඡන්දය දුන් ලක්ෂ හැට දෙකෙන් අගෝස්තු 17 ජනතා විමුක්ති පෙරමුණ ගත් ඡන්ද සංඛ්‍යාව හැරුණු කොට ඉතිරි ඡන්ද සමස්තයම නව ලිබරල්වාදයට පක්ෂ එජාප ඡන්ද පමණක් නොවෙයි. නව ලිබරල්වාදයට එරෙහි විශාල ඡන්ද සංඛ්‍යාවක් එහි තිබුනා.
ජනාධිපති මෛත්‍රී ත් අගමැති රනිල් වික්‍රමසිංහත් ජනවාරි 8 දා ඔවුන් බලයට ගෙන එන්නට ඡන්දය දුන් හැට දෙලක්ෂයේ ජනතාව රැවැට්ටුවා. ජනපති මෛත්‍රී තමන් ගේ නිදහසට කියන්නේ ප්‍රායෝගික දේශපාලනය කරන විට දුන් පොරොන්දු ඒ ලෙසම ඉටු කළ නොහැකි බවයි. අගමැති රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වුනේ තම නව ලිබරල් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට කෙසේ හෝ බලය ලබා ගැනීමයි. එසේ නොමැතිව ඔහු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ හෝ ජනතාව පිළිබඳ හෝ අවංකව විශ්වාස කරන්නේ නැහැ. ජනාධිපති මෛත්‍රී එම බලය ඔහුට ලබා දුන්නා.
මේ වනවිට ජනපති මෛත්‍රී සහ අගමැති රනිල් ඔවුන් ජනතාවගේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහ සමාජ සාධාරණය කෙරෙහි අවංක කැපවීමක් ඇති දේශපාලන නායකයන් නොවන බව ක්‍රියාවෙන් පෙන්වා දී තිබෙනවා.
ඉතින් මේ තත්වය යටතේ හැට දෙලක්ෂයේ ජනතා සම්මුතිය රැක ගැනීම යනු යළිත් ප්‍රභූ සිවිල් සමාජය පසු පස යාම නොවන බව ජනතාව වටහා ගෙන ඇතැයි අප සිතනවා.
– කුමුදු