සුසිල් සිරිවර්දන, ප්‍රති – විජිතවාදී සංස්කෘතික දේශපාලනයේ පුරෝගාමියෙක්

පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය

නොබෝදා අභාවප්‍රාප්ත වූ සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය සංස්කෘතික ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ දැක්ම ‘මාවත’ සඟරාවේ මුල් කලාප හතක ඔහු විසින් ලියන ලද කතු වැකි තුළ ඉදිරිපත් කෙරේ. එම කතුවැකිත්, ‘මාවත’ ප්‍රකාශනයේ සුසිල් සිරිවර්දන සංස්කාරකත්වය දැරූ සමය තුළ එහි පළ කළ වෙනත් වැදගත් ලිපිත් ඉදිරියේදී ‘කතිකා’ වෙබ් අඩවියේ වෙනම පිටුවකින් ඉදිරිපත් කරන්නට අදහස් කරමු.

1976 අගෝස්තු මස පළමු කලාපය පළ කෙරුණු ‘මාවත’ ආරම්භක සංස්කාරක මංඩලයේ සෙසු සාමාජිකයන් වූයේ එස්.විජේසූරිය, ගාමිණී දිසානායක, පියල් සෝමරත්න, සිරිල් අභයගුණවර්ධන සහ කුමුදු කුසුම් කුමාර යි. ‘මාවත’ ආරම්භයේ සිට එය සමග සමීපව ඇසුරු කළ ලේඛකයන් අතර සේනක බණ්ඩාරනායක, පරාක්‍රම කොඩිතුවක්කු, එන්.ෂන්මුගරත්නම් ආදීන්ද වූහ. ‘මාවත’ ප්‍රගතිශීලී සහ ජනතාවදී දෘෂ්ටියක් කැටි කරගත්තේ ය. ලාංකේය සංස්කෘතියේ වැඩවසම්වාදී සහ නව යටත්විජිතවාදී ලක්ෂණ වලට එරෙහිව අරගල කරමින් දේශීය සම්ප්‍රධායන්හි සාධනීය අංග වර්ධනය කිරීම දිරිගන්වමින් හරයෙන් ජාතික සංස්කෘතියක් ගොඩ නැංවීම පිළිබඳ සංකල්පනාව ‘මාවත’ ක්‍රියාකාරිත්වයට පදනම් වීය.

පහත අප පළ කරන්නේ සුසිල් සිරිවර්දන රචනා කළ ‘මාවත’ ප්‍රථම කලාපයෙහි කතු වැකිය යි.


‘කතිකා’ සංස්කාරකවරු