හනා ආරන්ඩ්ට් ලිපි සරණිය – ‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’

හනා ආරන්ඩ්ට් විසිවැනි සියවසේ ලොව ප්‍රමුඛ පෙළෙහි දේශපාලන න්‍යායධාරිණියක ලෙස පිළිගැනී ඇත.  ඇය, පළමුව මාර්ටින් හෛඩැගර් යටතේත් දෙවනුව කාර්ල් ජැස්පර්ස් යටතේත් දර්ශනය හැදෑරීමට යොමු වූවා ය. තමා දර්ශනවාදිණියක ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කළ ඇය කියා සිටියේ තමා හඳුන්වාගැනීමට කැමැත්තේ දේශපාලන විද්‍යාඥවරියක නොව දේශපාලන න්‍යායධාරිණියක ලෙස බවයි. 

හනා ආරන්ඩ්ට් තම ජීවිතය කැප කළේ නූතනත්වය යටතේ මානව කර්තෘකභාවයත් දේශපාලන නිදහසත් අහිමිවීම පිළිබඳ ගැටලුව විග්‍රහ කරන්නටය. මේ වනවිට දේශපාලන සහ සමාජීය න්‍යායේ සම්භාව්‍ය කෘතියක් ලෙස සැළකෙන 1958 දී පළමු වරට පළ කළ The Human Condition කෘතිය  ආරන්ඩ්ට් ගේ ප්‍රධාන න්‍යායික කෘතිය ලෙස සැලකෙයි. බොහෝ දෙනාගේ එකඟත්වයට යටත් විය යුතු ප්‍රායෝගික දේශපාලන කටයුතු කවරදාකවත් තනි පුද්ගලයෙකුගේ න්‍යායාත්මක සළකාබැලීම්වල හෝ මතයෙහි හෝ නිශ්චය විය නොහැකිබව ඇය කියා සිටියාය. නූතනත්වය යටතේ මානවයාට අහිමිව ගිය දේශපාලන ක්‍රියාවේ යෙදීමේ හැකියාව යලි ස්ථාපිත කරනු වස් ඉපැරණි ග්‍රීකයන්ගෙන් ඊට ආභාෂය ලබාගැනීමට ඇතන්ස් නුවර පැවති පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදය වෙත හැරුණු ඇය ඒ ඇසුරෙන් න්‍යාය ගැන්වූ මහජන පරිමණ්ඩලය සහ පෞද්ගලික පරිමණ්ඩලය අතර ග්‍රීකයන් දුටු වෙනස පිළිබඳ ඉදිරිපත් කරන විග්‍රහය The Human Condition කෘතියේ  ඇතුළත් ය.

අප පහත යළි උපුටා දක්වන්නේ අප පෙර පරිවර්පථනය කොට පල කළ හනා ආරන්ඩ්ට් ගේ ලිපි සහ ඇයගේ ජීවන චරිතය සහ ක්‍රියාකාරකම් අළලා කළ චිත්‍රපටිය පිළිබඳ අප පැවැත්වූ සාකච්ඡා වලට අදාළ තොරතුරු ය.

‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’

‘නපුරෙහි නිස්සාරත්වය’ : හනා ආරන්ඩ්ට් ගේ ජීවිතය පදනම් කරගත් ජාත්‍යන්තර අවධානයට පාත‍්‍ර වූ ‘හනා ආරන්ඩ්ට්’ නමැති කලාත්මක චිත‍්‍රපටිය.

හිට්ලර් ගේ් නාසි පාලනය යටතේ 1931 දී අත්අඩංගුවට පත්ව රටින් පලායාමට බලකෙරුණු සහ පසුව රඳවා තබා ගැනීමේ කඳවුරක සිරකාරියක්ව සිටි ආරන්ඩ්ට් 1941 දී ඇමෙරිකාවට පළා ගියාය. නාසිවාදී ප‍්‍රධානියෙකු වූ ඇඩොල්ෆ් අයික්මාන් 1961 පැවැති නඩු විභාගය පිළිබඳ ‘ද නිව් යෝර්කර්’ සඟරාව වෙනුවෙන් හනා ආරන්ඞ්ට් ඉදිරිපත් කළ වාර්තාව ඉමහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය. එහිදී ඇය දැන් සුපතලව ඇති ‘නපුරෙහි නිස්සාරත්වය’ නැමැති සංකල්පය හඳුන්වා දුන්නේ දරුණු නපුරු ක‍්‍රියාවල යෙදෙන බොහෝ දෙනෙකු සාමාන්‍ය මිනිසුන් ය යන්න පැහැදිළි කරන්නටය. අයික්මාන් බියකරු නමුත් අතිශය දරුණු ලෙස සහ බිය ගෙන දෙන සුළු ලෙසින් සාමාන්‍ය තැනැත්තෙකු බව ඇය නිිරීක්‍ෂණය කළාය. චිත‍්‍රපටියට පසුබිම් වන මෙම නඩු විභාගය, ‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’ සහ ‘මිනිසුන් තම දේශපාලන නිදහස එක් තනි නායකයෙකු වෙත පවරා ඔහු වෙනුවෙන් සියල්ල කැප කරන්නට පෙළඹෙන්නේ මන්ද?’ වැනි අදහස් සාකච්ඡා කිරීමට අවකාශය සපයයි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s