From අධ්‍යාපනය

‘වර්තමාන බුද්ධි පරිහානිය’ ගැන ආචාර්ය මයිකල් ප්‍රනාන්දු ගේ අදහස් කිහිපයක්

චන්දන ජයවීර “….. භාෂාවේ පරිහානියක් තිබෙනවා, අධ්‍යාපනයේ පරිහානියක් තිබෙනවා, විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ගේ පරිහානියක් තිබෙනවා. මේක මුළු සමාජ දේහයේම තියෙන පරිහානියක්. ඉහළ සිට පහළටම අධ්‍යාපන ක්ෂේත්‍රයේ සුදුස්සන් නැහැ. මේක නිවැරැදි වෙන්න නම් නිදහස්, ස්වාධීන අධ්‍යාපන ක්‍රමයක් ඇතිවිය යුතුයි. විශ්වවිද්‍යාලවල සිටින ආචාර්යවරුන් ටියුෂන්කරනවා. ඔවුන් පර්යේෂණ කරන්නෙ නැහැ. ආචාර්ය උපාධි කරන්නෙ නැහැ.” පසුගිය සෙනසුරාදා (2013 මාර්තු 02දා)ට කුමාරතුංග මුනිදාසයන්ගේ 69වෙනි ගුණ සමරුව යෙදී තිබුණා. අහම්බෙන් හෝ භාෂා හා සාහිත්‍ය අධ්‍යාපන වැඩසටහනක සමාරම්භක මොහොත ද එදිනටම නියමිතව තිබුණා. වැඩමුළුව පැවැතියේ, කොළඹ විශ්විවිද්‍යාලය ආසන්නයේ පිහිටි බස්නාහිර පළාත් සංස්කෘතික මධ්‍යස්ථානයේදී. දිවයිනේ සතර දෙසින් පැමිණි භාෂාසේවීන් හයසියයකට ආසන්න පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුවා. වැඩසටහන ගැන ඉදිරියේදී ලියන්නට…

සම්ප්‍රදාය නොහදාරා නූතන වෙන්න බැහැ

රත්න ශ්‍රී විඡේසිංහ සංවාදය සඳුන් ප්‍රියංකර විතානගේ රත්න ශ්‍රී විඡේසිංහ වත්මන් ලාංකික සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ, විශේෂයෙන් ම කවිය සහ ගීතය යන කලා මාධ්‍ය දෙකේ, ප්‍රමුඛයෙකි. කලාවේ වත්මන් තත්ත්වය, එය මුහුණ දෙන අභියෝග හා කලාකරුවන් ඒ අභියෝග ජය ගැනීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ආදී මාතෘකා ඔස්‌සේ ඔහු හා යෙදුණු සංවාදයක සංක්‍ෂිප්ත සටහන පහතින දිගහැරේ. කාව්‍යකරණයේදී ඔබ ලබා ඇති සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන හේතු මොනවාද? මම කෙතරම් සාර්ථක දැයි කියන්න මම දන්නේ නෑ. නමුත් කලාකරුවෙක්‌ විදියට මම කුමක්‌ හරි සාර්ථකත්වයක්‌ අත්කරගෙන තිබෙනව නම්, එයට ප්‍රධාන හේතුව සාහිත්‍යය, විශේෂයෙන් ම සම්භාව්‍ය සාහිත්‍යය, සමඟ පවතින මගේ ළඟ ඇසුර. සම්භාව්‍ය සාහිත්‍යය ඇසුරෙන් මා ලැබූ ආභාසය මේ…

ලොව ‍රැකගැනීමෙහිදී අධ්‍යාපනයේ භූමිකාව: ලිබරල් කලාවන්ගේ සහ මානව ශාස්ත්‍රයන්ගේ වැදගත්කම – කුමුදු කුසුම් කුමාර

සදාචාරත්මක මිනිසා, පරිපූර්ණ මිනිසා, නොදැනුවත්ව මෙන් වාණිජමය මිනිසාට, සීමිත පරමාර්ථ සහිත මිනිසාට වඩ වඩාත් ඉඩ දෙමින් ඉවත් වන අවධියකට ඉතිහාසය අවතීර්ණ වී ඇත. විද්‍යාවේ පුදුම සහගත ප්‍රගතියත් සමඟ, මෙම ක්‍රියාවලිය විශාල සහ බලවත් ස්වරූපයක් ගනිමින් පවතින අතර, මෙය මිනිසාගේ සදාචාරමය තුලනය අවුල් වීමටත්, ඔහුගේ මිනිසත් බව ආත්මයක් නැති සංවිධානයක සෙවණැල්ල පි‍ටුපස සැඟවීයාමටත් හේතු වේ.- රබින්ද්‍රනාත්…

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැකසීමට යෝජනා – ‘කතිකා‘ අධ්‍යයන කවය

පාසලේ කෘත්‍යය ලෝකය කෙබඳු ද යන්න දරුවන්ට ඉගැන්වීමයි, නොඑසේව ජීවත්වීමේ කලාව පිළිබඳ ඔවුනට උපදෙස්දීම නොවේ. හනා ආරන්ඩ්ට් නූතන අධ්‍යාපනය සැලසුම් කොට ඇත්තේ ගණකාධිකරණ කාර්යාලයේ සහ කර්මාන්තශාලාවේ අපේ තැන ගන්නට අප ගළප්පන පරිද්දෙනි; සැබෑ සංස්කෘතියක් ‘කරන්නට තරම් වටින්නේ කුමන ආකාරයේ වැඩද? ‘ (යනුවෙන්) අසන්නට සමත් මිනිසුන් වර්ගයක් බෝ කරයි. ආනන්ද කුමාරස්වාමි (පණ්ඩුක කරුණානායක ලියූ “The University…

නිදහස සහ අවශ්‍යතාව: අධ්‍යාපනය සහ සංවර්ධනය – ‘කතිකා‘ අධ්‍යයන කවය

2005 ජනාධිපතිවරණය නව-ලිබරල්වාදය සහ ජාතික චින්තන මතවාදය අතර අධිපතිභාවය සඳහා කෙරෙන තීරණාත්මක සටනක් ලෙස හැඳින්වූ අප කියා සිටියේ මෙම ගැටුමේ දෙපාර්ශ්වයට හවුල් වන ජනතාව නියෝජනය කරන අපේක්ෂාවන් වන පිළිවෙලින් පුද්ගලවාදයත්, ප්‍රජාවත් අතර ගැටුම අප සමාජයේ අධිකාරවාදී ප්‍රවණතාවන් ශක්තිමත් කරන්නට තර්ජනය කරන බවත්, මෙම ගැටුම සංහිඳියාවට ගෙන ඒමේ මඟක් ලෙස සක්‍රීය පුරවැසි ප්‍රජාතන්ත්‍රවාදයක් පිළිබඳ අදහස පරිකල්පනය…

Featured

සොක‍්‍රටික ශික්ෂණ විද්‍යාව: තර්ක කිරීමේ වැදගත්කම – මාර්තා නස්බෝම්

කතිකා. ලංකා වෙබ් අඩවියේ පළ වූවකි පරිවර්තනය: ලියනගේ අමරකීර්ති මම ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයෙකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ. – සොක‍්‍රටීස්. ප්ලේටෝගේ ඇපොලොජි. දැනුම සඳහා අමුද්‍රව්‍ය අත්පත් කර ගැනීමෙන් හෝ අනෙක් අයගේ අදහස් අයිති කර ගැනීමෙන්…