From කලාව

Featured

හනා ආරන්ඩ්ට් ලිපි සරණිය – ‘සාමාන්‍ය මිනිසුන් ඒකාධිපතිවාදයේ අතකොළු වන්නේ මන්ද?’

හනා ආරන්ඩ්ට් විසිවැනි සියවසේ ලොව ප්‍රමුඛ පෙළෙහි දේශපාලන න්‍යායධාරිණියක ලෙස පිළිගැනී ඇත.  ඇය, පළමුව මාර්ටින් හෛඩැගර් යටතේත් දෙවනුව කාර්ල් ජැස්පර්ස් යටතේත් දර්ශනය හැදෑරීමට යොමු වූවා ය. තමා දර්ශනවාදිණියක ලෙස හැඳින්වීම ප්‍රතික්ෂේප කළ ඇය කියා සිටියේ තමා හඳුන්වාගැනීමට කැමැත්තේ දේශපාලන විද්‍යාඥවරියක නොව දේශපාලන න්‍යායධාරිණියක ලෙස බවයි.  හනා ආරන්ඩ්ට් තම ජීවිතය කැප කළේ නූතනත්වය යටතේ මානව කර්තෘකභාවයත් දේශපාලන…

Featured

අපි වෙමු ලෝකය, අපි වෙමු දරුවෝ

ධනවත් සමාජයන්හි නිදහසේ ආශාවන්හි ගැලෙන්නට ඉඩ සළස්වනු ලැබූ දරුවෝ, බටහිර විවේචනයට ලක්කරන්නන් හා එකට එකතුවී මෙසේ ප්‍රකාශ කර සිටිති. “සියලුම සංස්කෘතීන් එකහා සමානව සුජාතය; හැම දෙයම සංස්කෘතික වන්නේය.” නමුත් ඔවුන්ගේ තනි හඬ ඔවුන් බොහෝ වෙනස් ආස්ථාන දරන බව වසන් කරයි. දහනවවන සියවසේදී රුසියානු ජනතාවාදීන් විසින් ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද කලාවට හා චින්තනයට එරෙහි කෑ මොර ගැසීම නිර්-යටත් විජිතකරණයේ දර්ශනය විසින් භාරගෙන ඇත:”බූට්ස් සපත්තු කූට්ටමක් ශේක්ස්පියර්ගේ නාට්‍යයකට වඩා වටියි.” මෙම බූට් සපත්තු අවාසනාවන්තයන්  සීතලෙන් ආරක්ෂා කිරීමෙහි ලා  එලිසබෙතියානු නාට්‍ය වලට වඩා හොඳ පමණක් නොව, ඒවා සදාචාරාත්මකව ද උසස් ය: ඒවා බොරු නොකියයි. බූට්ස් සපත්තු තමන් කුමක්ද ඒ දෙය වෙයි: විශේෂිත සංස්කෘතියක නවීන නිෂ්පාදන. ඒවා තම සම්භවය භක්තිමත් ලෙස සඟවමින්, සෑම කෙනෙකුටම ඒවාට ගරු කිරීමට බල කරමින්, නිල කලා කෘති ලෙස ව්‍යාජව පෙනී නොසිටියි.ඉතින් ඔවුන්ගේ නිහතමානිකම පිළිබඳ හැඟීම ආදර්ශයක් ලෙස සේවය කළ යුතුය: කලාවට ප්‍රයෝගකරුවෙකු ලෙස ඉතිහාසගත වීමට අවශ්‍ය නැතිනම්, එය ෂේක්ස්පියර්ට පිටුපා බූට් සපත්තු ජෝඩුවට හැකි තරම් සමීප විය යුතුය.

Featured

සුසිල් සිරිවර්දන – ‘මාවත’ සංස්කාරක වැකි

පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය සුසිල් සිරිවර්දන ගේ අභාවයෙන් 2022 අගෝස්තු 23 වැනිදාට වසරක් පිරෙයි. සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය…

ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’: නූතනත්වය යටතේ අවශ්‍යතාවට බැඳුණු, නිදහස අහිමි මිනිසාගේ පැවැත්ම විකාරරූපී ද? -කුමුදු කුසුම් කුමාර

හැඳින්වීම ධර්මසේන පතිරාජ ගේ ‘ස්වරූප’ මානව පැවැත්මේ පැතිකඩ ගණනාවක් අපගේ අවලෝකනයට විවෘත කරන කලාත්මක ලෙස නිමැවුණු චිත්‍රපටියකි. එය මූලිකවම නූතන ධනවාදය යටතේ මිනිසාට උදාකර ඇති පීඩාකාරිත්වය සහ ඉන් ඇතිකරන විගලිතභාවය (alienation) පිළිබඳ ය. නූතනත්වය යටතේ මානව පැවැත්මේ කොන්දේසිය අභූත ය, විකාරරූපී ය, යන්න මෙයින් යෝජනා කෙරෙයි. මා දකින පරිදි අවසාන විග්‍රහයේදී ‘ස්වරූප’ නාභිගත වන්නේ සතෙකු…

ප්‍රේමය නම්, රාගයෙන් තොර සඳ එළිය සේ? – කුමුදු කුසුම් කුමාර

චිත්‍රපටියක් වියමනක් ලෙස කියවිය හැකිද? “ආදරය පිළිබඳ කෙටි චිත්‍රපටයක්” A Short Film About Love කිස්ලොව්ස්කි අතිශූර කතා කියන්නෙකු බව මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙයි. චිත්‍රපටිය අපේ සිත් ඇද ගන්නේ ප්‍රධාන කොටම ඉන් කියවෙන කථාව නිසා මිසක, සිනමා කෘතියක් වශයෙන් එහි ඇති සුවිශේෂ ලක්ෂණයක් නිසා නොවුණද, අප හද – මනස අවදි කරවන කථාවක් ලෙසින් මේ චිත්‍රපටය ඉමහත්…