අපරාධකාර දේශපාලනඥයා අපේම නිර්මාණයකි මානව ලෝකයේ අපරාධ සහ ප්‍රචණ්ඩත්වය තේරුම් ගැනීමට සමාජීය විද්‍යාවන් දරා ඇති උත්සාහයන් විවිධ කතිකාවන් බිහිකොට ඇත. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන හොබ්සියානු කතිකාව මෙන්ම ‘මානවයා ස්වභාවයෙන්ම අහිංසකය’ යන රූසෝවියානු කතිකාවද මානවයා පිළිබඳ පරම සත්‍යයන්ට වඩා සංස්කෘතික නිර්මිතයන් බව ‘ස්වභාවය සහ සංස්කෘතිය පිළිබඳ’ න්‍යායාත්මක විවාදය පිරික්සන්නෙකු නිගමනය කරන්නට ඉඩ තිබේ. මේ සමඟ සංසන්දනය කළ හැකි තවත් අදහසක් නම් ‘මානවයා යනු දේශපාලන සත්ත්වයෙකි’ යන ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණයයි. ‘මානවයා ස්වභාවයෙන්ම ප්‍රචණ්ඩය’ යන මතය අප පිළිගතහොත් එම ප්‍රචණ්ඩත්වයට එරෙහිව ඉහලින් පාලනය පැණවිය යුතුය යන අදහසට එළඹෙන්නට අපට සිදුවෙයි. මීට වෙනස්ව, ඇරිස්ටෝටල්ගේ සංකල්පීකරණය හා සම්බන්ධ අදහසක් නම් මානවයා යනු තමන්ට තමන් හසුරුවා ගත…
'kathika' social, cultural and political review
From කුමුදුගේ තීරුව
මෙරට දේශපාලනයට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි
එජාප නායකත්ව සටන: මෙරට දේශපාලනයට ප්‍රබල විපක්ෂයක් අවශ්‍යයි එජාප නායකත්ව සටන මූලිකවම පෙන්නුම් කළේ දිගින් දිගටම විපක්ෂයේ සිටීම පිළිබඳ එජාපයේ කොටස් තුළ ඇති බලවත් අප්‍රසාදය යැයි සිතමි. එජාපයේ වත්මන් නායකත්වය වෙනස් වී නම් එජාපයට තමන්ටම හිමි අනන්‍යතාවක් ඇති පක්ෂයක් වශයෙන් තවදුරටත් පැවැතීමට ඇති හැකියාව නැතිවන්නට ඉඩ තිබුණු බව මගේ අදහසයි. මන්ද යත්, එබඳු වෙනසක් ඇති වීම මෙතෙක් කල් එජාප නායකත්වයෙන් නියෝජනය කළ සමාජ ස්ථරයට තම පාරම්පරික දේශපාලන සංවිධානය අහිමි කරනු ඇතිව තිබුණු හෙයිනි. යටත් විජිත සමයේ ලංකාවේ බිහිවූ බටහිරට විවෘත වූ මනසක් සහිත ධනහිමි ගතානුගතික සමාජ පංතියේ නායකත්වය ලද එජාපයේ පහළ සාමාජිකත්වය සැදුනේ නාගරික මැද පංතියෙන් සහ මැද පංතික ගොවි…
“නාගරික නවීකරණය,“ සිහින පුරවර ගොඩ නැංවීම සහ පුරවැසියන්ට පොඩි එවුන් ලෙස සැළකීම
‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ “නාගරික නවීකරණය,“ සිහින පුරවර ගොඩ නැංවීම සහ පුරවැසියන්ට පොඩි එවුන් ලෙස සැළකීම: ජේන් ජේකබ්ස් ගේ සැළසුම් දර්ශනයෙන් පාඩම් කුමුදු කුසුම් කුමාර ගොඩනැගිලි පිරුණු පුරවරයක කටයුතු කරන විට මස් කපන පොරොවකින් කොටාගෙන කොටාගෙන යන්න වෙනව. මම දිගටම ඉදිකිරීම් කරගෙන කරගෙන යනව. එය නවත්වන්න කළ හැකි හොඳම දේ නුඹලා කරපල්ලා. රොබට් මෝසස් ගේ කියුමක් සිහින නගරයක් සැළසුම් කිරීම පහසුය; ජීවමාන නගරයක් යළි ඉදිකිරීමට පරිකල්පනාව අවශ්‍ය කෙරෙයි. ජේන් ජේකබ්ස් ජේන් ජේකබ්ස් White Horse තැබෑරුමේදී 1961, මෑන්හැට්න්, නිව්යෝක් පුරය ‘කොළඹ නගර සංවර්ධන විවාදය‘ට මැදිහත් වෙමින්, නගර සංවර්ධනයේදී අඩු ආදායම් ලාභී අසල්වැසි ප්‍රජාවන් සම්බන්ධයෙන් ගත යුතු එළඹුම පැහැදිළි කරගනු වස් සහ…
2010 මහ මැතිවරණයෙන් පසු: ආර්ථික වර්ධන වැඩ පිළිවෙල සහ පොදු යහපත අතර ගැටුමක්?
2010 මහ මැතිවරණයෙන් පසු: ආර්ථික වර්ධන වැඩ පිළිවෙල සහ පොදු යහපත අතර ගැටුමක්? අප සිටින්නේ මහ මැතිවරණය මුව විටය. බලයේ සිටින ආණ්ඩුව ජනාධිපතිවරණයේදී ඉහළ ජයග්‍රහණයක් ලබා ගැනීමෙන් අනතුරුව මහ මැතිවරණයෙන් පහසු ජයක‍් නොලබනු ඇතැයි සිතීම උගහටය. ජනාධිපතිධුරයේ බලතල සීමා කිරීමට සහ මනාප ඡන්ද ක්‍රමය සංශෝධනය කිරීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් කිරීමටත්, රට සංවර්ධනය කිරීමටත් තමන්ට තුනෙන් දෙකක බලයක් ලබා දෙන ලෙස ආණ්ඩුව ඉල්ලා සිටියි. ප්‍රධාන විපක්ෂය කියා සිටින්නේ ජීවන වියදම අඩු කිරීමට, විරැකියාවට පිළියම් යෙදීමට සහ දිළිඳුකම පිටුදැකීමට තමන් බලයට පත් කරන ලෙසයි. තමන් පත්කරන්නැයි අපේක්ෂකයෝ තම යහ ගුණ – දේශප්‍රේමය, ජනතාවගේ අවශ්‍යතාවන්ට සේවය කිරීම ඉන් ප්‍රධාන ය – ජනතාවට ඉදිරිපත්…
ජාතිකවාදය හුදෙක් සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් ද?
ජාතිකවාදය හුදෙක් සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් ද? “ඔබ සොයන ස්වාමියා ඔබට හමුවීම. (2) දේශපාලනය අන් තැනක” යන මැයෙන් ප‍්‍රභා මනුරත්න සහ බුද්ධික බන්ඩාර “කටු සටහන්’ හි පළ කළ ලිපිය (මුල් ලිපිය මෙහි බලන්න) ලාංකේය සමාජයේ සිංහල ජාතිකවාදය සහ බෞද්ධ ආගමික හැඟීම් වැඩී ඒම පිළිබඳ සාකච්ඡාවට ලක් විය යුතු වැදගත් කරුණු රැසක් ඉදිරිපත් කරයි. එයින් ප්‍රමුඛ ලෙස මා දකින කරුණු දෙකකි. ඉන් පළමුවැන්න, ජාතිකවාදය සමාජ කාංසාවන්ගේ ප‍්‍රකාශමානවීමක් බව ය. දෙවැන්න, “සිංහල ජාතිකවාදී මතවාදය දෙසට සිංහල සමාජය ගමන් කිරීම” සහ “ලාංකීය දේශපාලන සිතියම තුල ප‍්‍රධාන හා විකල්ප දේශපාලන ධාරාවල බෙදුම් රේඛාව මකා දැමීම ද” “ අප ජීවත් වන සමාජයේ ආර්ථික දේශපාලනික හා සමාජ…
මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය: නිදහස, ධනවාදය, සහ පුරාතන ග්‍රීක ජනරජය
මහජන ජීවිතය හා පෞද්ගලික ජීවිතය අතර පරතරය: නිදහස, ධනවාදය, සහ පුරාතන ග්‍රීක ජනරජය ධනවාදී සමාජයේ ඇති නිදහස හැමවිටමත් පුරාතන ග්‍රීක ජනරජයන්හි මෙන් වහල් හිමියන් උදෙසා වන නිදහස හා සමව පවතින්නේය. – ලෙනින් ඉහත ලෙනින් ගේ ප්‍රකාශය ඉංග්‍රීසියෙන් පළව තිබුණේ බූන්දි වෙබ් අඩවියේ ය. “එය ශ්‍රමයේ යදම් වලින් නිදහස් කිරීමට ආසන්න, ශ්‍රමිකයන්ගේ සමාජයකි. මෙම සමාජය, මෙම නිදහස ඒ සඳහා දිනාගනු ලැබීම යෝග්‍ය වන, එම අනෙක් වඩා උසස් සහ වඩා අර්ථවත් ක්‍රියාකාරකම් තවදුරටත් නොදනී. මෙය මිනිසුන්ට එකට ජීවත් විමට සැළැස්වීම ශ්‍රමය විසින් කරනු ලැබෙන ආකාරය වන නිසා සමානාත්මවාදී වන මෙම සමාජය තුළ, එයින් මිනිසාගේ අනෙකුත් හැකියාවන් ප්‍රතිසංස්ථාපනයක් අලුතෙන් පටන් ගත හැකි වනු…