From ගුණදාස අමරසේකර

Featured

සුසිල් සිරිවර්දන – ‘මාවත’ සංස්කාරක වැකි

පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය සුසිල් සිරිවර්දන ගේ අභාවයෙන් 2022 අගෝස්තු 23 වැනිදාට වසරක් පිරෙයි. සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය…

නූතනත්වය සහ ප්‍රගතිය/ පරිහානිය සහ ජාතික චින්තනය – කුමුදු කුසුම් කුමාර

ගුණදාස අමරසේකර ශූරීන් සහ ආචාර්ය නලින් ද සිල්වා යන දෙදෙනා ගේ සියලු අදහස් අප ඒ ආකාරයෙන්ම අනුමත නොකළද, ඔවුන්ගෙන් ලාංකේය සමාජයේ බුද්ධිමය සංවාදය පෝෂණය කිරීමට ලැබුණු මහඟු දායකත්වය කිසිසේත් අ‍ඩුවෙන් තක්සේරු කළ නොහැකි ය. ගුණදාස අමරසේකරයන් 1976 දී ‘අබුද්දස්ස යුගයක්’ ලියා පළ කරමින් ඇරඹි සමාජ-දේශපාලන සංවාදය පසුව ‘ජාතික චින්තනය’ නමින් වර්ධනය කෙරුණේ ආචාර්ය නලින් ද…

සාහිත්‍යයේ ඉතිහාසය: අමරසේකර හා ප්‍රේමයේ ජාතිකකරණය

සාහිත්‍යයේ ඉතිහාසය: අමරසේකර හා ප්‍රේමයේ ජාතිකකරණය ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය සංවිධානය කළ සාහිත්‍යවේදි ගුණදාස අමරසේකරගේ ගමනක මුල කෘතියෙන් ඇරුඹි නවකතා මාලාව පිළිබඳ සංවාද සභාවේදී ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන් දැක්වූ අදහස් මෙලෙස පළ කරන්නෙමු. මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස දැක්වූ අදහස් පෙර පළ කලෙමු. ‘සාහිත්‍ය හා ඉතිහාසය’යන සාකච්ඡාවේ මාතෘකාව ‘සාහිත්‍යයේ ඉතිහාසය’යනුවෙන් මම මදක් වෙනස් කරමි. එය දේශකයාට නොඅදාළ කටයුත්තක් විය හැකියි. නමුත් අවසානයේ ඔබට පෙනේවී එය අදාළ කටයුත්තක් කියලා.මහා ගංගාවක් සේ ගලන අමරසේකරයන්ගේ කෘතී සමූහය ගැන බැරෑරුම් විචාර කතිකාවට කුඩා විකල්පයක් සටහන් කරන්න මා මෙසේ උත්සාහයක් දරනවා.අමරසේකරගේ නිර්මාණ විචාරයට ලක් කරන විචාරකයන් මතු කරන පිළිගත් සත්‍යයක් නම්,ඔහුගේ නවකතා පන්ති විග්‍රහයකින් පිරී…

‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ – නිවැරැදි කිරීමක්‌

‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ – නිවැරැදි කිරීමක්‌  කුමුදු කුසුම් කුමාර ‘සාහිත්‍ය, ඉතිහාසය, අමරසේකර සහ අපි’ යන මැයෙන් නාමල් උඩලමත්ත ‘දිවයින-වටමඬල’ අතිරේකයට (2013 මැයි 16) ලියූ ලිපිය පිළිබඳ ලියමි. එම ලිපියට මාතෘකා වන කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශය මගින් මැයි 2 දා සංවිධානය කළ ‘සාහිත්‍ය සහ ඉතිහාසය’ නමැති සංවාදයේදී මා කීවේ යෑයි කියන අදහසක්‌ නාමල් උඩලමත්ත මෙසේ සඳහන් කරයි. ‘අමරසේකර සිය කෘති ඔස්‌සේ සිංහල බෞද්ධ ජාතිකත්වය පදනම් කරගත් සමාජ ක්‍රමයක්‌ ඉල්ලා සිටින අතර ආදරය, ලිංගිකත්වය, වියෝව වැනි නූතනවාදී දෑ සිය නිර්මාණවලට පසුබිම්කර ගැනීම පරස්‌පර බව ආචාර්ය කුමුදු කුසුම් ප්‍රකාශ කළේය’ නාමල් උඩලමත්ත එසේ කියා ඒ පිළිබඳ විවේචනයක්‌ කරයි. මා මේ…

අමරසේකරගේ ‘ගමනක මුල’ඈඳුණේ කොහාටද?

අමරසේකරගේ ‘ගමනක මුල’ඈඳුණේ කොහාටද? සේවා සම්මත මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස සාහිත්‍යවේදි ගුණදාස අමරසේකරගේ ගමනක මුල කෘතියෙන් ඇරුඹි නවකතා මාලාව පිළිබඳ විචාර සම්මන්ත්‍රණයක් පසුගිය දෙවැනිදා කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැතිණි. ඉතිහාස අධ්‍යයන අංශය සංවිධානය කළ මෙම සංවාද සභාවේදී පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සේවා සම්මත මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාස, ආචාර්ය ප්‍රදීප් ජෙගනාදන්, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි හා ගෙවිඳු කුමාරතුංග අදහස් දක්වන ලදී.එහිදී ඔවුන් දැක්වූ අදහස් වඩා පුළුල් පාඨක ප්‍රජාවක් වෙත ගෙන යාමේ අරමුණින් මහාචාර්ය කේ.එන්.ඕ.ධර්මදාසගේ අදහස් දැක්වීමෙන් ආරම්භ කොට අප මෙලෙස පළ කරන්නෙමු.  ජීවන සුවඳ,රතු රෝස මල,භාව ගීත යන ගුණදාස අමරසේකරගේ මුල් කාලීන සාහිත්‍ය කෘති රසවිඳින විට මා සරසවි ප්‍රවේශයට සූදානම් වන සිසුවෙකි. තරුණ අප සිත්තුළ ඔහු කෙරෙහි…

අද ඇති අභියෝගය: “මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම” ගුණදාස අමරසේකර

අද ඇති අභියෝගය: “මහින්ද රාජපක්‍ෂ රජය ධනවාදී සංවර්ධන මාර්ගය ගැනීම” ගුණදාස අමරසේකර වසර තිහක්‌ තිස්‌සේ පැවැති ත්‍රස්‌තවාදය මුලිනුපුටා දමා රට ජාතිය බේරාගත් මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා මේ රට සංවර්ධනය කිරීමේ මාවත වෙත දැන් එළඹ ඇති බව පෙනේ. ත්‍රස්‌තවාදයට හේතුව දුගී දුප්පත්කම බව වටහා ගැනීම මෙවන් සංවර්ධනයක්‌ දියත් කිරීමට මුල්වන්නට ඇත. මෙහිදී අප විසින් ඇසිය යුතු ප්‍රශ්නයක්‌ ඇතැයි මම සිතමි. ධනවාදී මාර්ගය ගෙන කරන සංවර්ධනයෙන් දුප්පත්කම නැතිවේද? ධනවාදය මගින් කරන සංවර්ධනයේ ප්‍රතිලාභ දුප්පතුන් වෙත ලැබෙන්නේ “අතපල්ලෙන් හැලෙන” න්‍යායට අනුව බව අපි ඉහතින් දැක්‌වීමු. මහින්ද රාජපක්‍ෂ රජය සිය සංවර්ධන මාර්ගය ලෙස තෝරා ගෙන ඇත්තේ මේ අත පල්ලෙන් හැලෙන න්‍යාය උඩ ක්‍රියාත්මක වන ධනවාදී…