“දීර්ඝකාලීනව රට ණය උගුලේ හිරකරන සංවර්ධන මොඩලයන් සැබෑ ජාතික සංවර්ධන ක්‍රියාවලිය යටපත් කරනවා” – ගුණදාස අමරසේකර “ත්‍රස්තවාදය අවසන් වී වසර එකහමාරක් ගෙවී අවසන්. රජය පැහැදිලි දර්ශනයක් නැතිව අයාලේ යන බව පෙනෙනවා. දීර්ඝකාලීනව රට ණය උගුලේ හිරකරන නාගරික ඉදිකිරීම් මුල්කර ගත් සංවර්ධන මොඩලයන් දිරිගැන්වීම මඟින් සැබෑ ජාතික සංවර්ධන ක්‍රියාවලිය යටපත් වී රට ණය උගුලේ හිරවෙනවා. ඛනිජසෙම්පත් ජෛව සම්පත් සහ ජන සම්පත ඇතුළු සියලු ස්වාභාවික සම්පත් කොල්ලකෑමට තැත් කරන බටහිර සමාගම්වලට ඇති ඉඩකඩ අහුරා දැමිය යුතුයි. දේශීය කාෂිකර්මාන්තය බිඳ හෙළීම සහ රටේ ආහාර සුරක්ෂිතතාව අනතුරේ හෙලන රජයේ ප්‍රතිපත්ති හකුලා ගැනීමට රජය වහා පියවර ගතයුතුයි. ටයිටේනියම් ඇතුළුව රටවටා ඇති ඛනිජ සම්පත් රැක ගැනීමට…