From දේශපාලනය

Featured

මූල්‍ය “ජල වධ හිංසා” සමඟ ජාමූඅ සඳහා අයවැය

වඩාත් කප්පාදු පියවර සහිත අයවැය නිවේදනය කරන ලද්දේ හුදෙක් ජාමූඅ දිනාගැනීමට ය. එහි නිලධාරීන් විසින් ප්‍රකාශ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුම බලාපොරොත්තු වූ දේ හරියටම ප්‍රකාශ කළේය; එය හුදු ඩොලර් බිලියන 2.9 ක ඇපදීමක් පමණක් වන අතර එම අරමුදල් පවා ලබා දෙන්නේ ශ්‍රී ලංකාව සිය ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව පමණි. රාජපක්ෂගේ පුනරාගමනය පැහැදිලිවම පෙන්නුම් කළේ ඔහුගේ පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තවමත් රාජ්‍ය බලය තරයේ අල්ලාගෙන සිටින බවයි.

පසුගිය සති කිහිපය තුළ රටේ ආර්ථික හා දේශපාලන ගමන් මගෙහි විශාල විශ්මයන් නොමැති අතර, වැඩ කරන ජනතාවගේ තත්ත්වය ඔවුන් කෙමෙන් ගෙල සිරකර මරා දැමීමකි. හිටපු ග්‍රීක මුදල් අමාත්‍ය යානිස් වරූෆාකිස් 2015 දී ග්‍රීසියේ ඇපදීමේ ගිවිසුම “මූල්‍ය ජල වධ හිංසා” ක්‍රියාවක් ලෙස කළ ලක්ෂණ නිරූපණය ශ්‍රී ලංකාවේ වර්ධනයන් පිළිබඳ උචිත විස්තරයකි.

Featured

සුසිල් සිරිවර්දන – ‘මාවත’ සංස්කාරක වැකි

පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය සුසිල් සිරිවර්දන ගේ අභාවයෙන් 2022 අගෝස්තු 23 වැනිදාට වසරක් පිරෙයි. සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය…

Featured

මූල්‍ය අරමුදලට ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ?

සුමනසිරි ලියනගේ IMF ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ? – News Now මහාචාර්ය සුමනසිරි ලියනගේ මහතා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව වීඩියෝව නැරඹීමට මෙහි යන්න, මූල්‍ය අරමුදලට ගිහින් ආජන්ටීනාවට වුණ දේ වෙන්න ද යන්නේ?

Featured

ශ්‍රී ලංකාව බංකොලොත් බව හෝ ගැළවීම අබියස

අහිලන් කදිර්ගාමර්  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල  (ජා.මූ.අ.) සමග ගිවිසුම  සහ එහි විපාක  ප්‍රභූන් සහ වැඩකරන ජනයා අතර ගැටුමේ  නාභියයි. “….ශ්‍රී ලංකාවේ ප්‍රභූන්ට අවශ්‍ය වූයේ ශ්‍රී ලංකාව සිංගප්පූරුවක් කිරීමට වුවද අද  වන විට ජනයාගේ එදා වේල සපයා ගැනීමට රට සිඟමන් යදින තත්වයකට පත්ව තිබේ. මෙය පාලක ස්ථාපිතය සසල කරන ජාතික නින්දාවකි. එසේ තිබියදී, අසීමිත ආනයන සහ තව තවත් අතමාරු කරගෙන…

සුසිල් සිරිවර්දන, ප්‍රති – විජිතවාදී සංස්කෘතික දේශපාලනයේ පුරෝගාමියෙක්

පුරෝගාමී ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය නොබෝදා අභාවප්‍රාප්ත වූ සුසිල් සිරිවර්දන කලක් ‘සංස්කෘති’ විචාර සංග්‍රහයේ සංස්කාරක මණ්ඩලයේ කටයුතු කළ අතර ‘මාවත’ ප්‍රගතිශීලී කලා, සාහිත්‍ය හා සංස්කෘතික ප්‍රකාශනයේ පුරෝගාමී සමාරම්භක සංස්කාරකවරයා ය. ඔහු මෙරට ප්‍රති-නව විජිතවාදී සහ ප්‍රති-ජාතිවාදී සංස්කෘතික දේශපාලනය පිළිබඳ සංකල්පීයකරණයෙහි පුරෝගාමීයා ලෙස හැඳින්වීම නිවැරදි යැයි සිතමු. ලාංකේය සංස්කෘතික ප්‍රශ්නය පිළිබඳ ඔහුගේ දැක්ම ‘මාවත’ සඟරාවේ…

Featured

නවලිබරල්වාදයට එරෙහිව “සභ්‍යත්ව රාජ්‍යය” ? – කුමුදු කුසුම් කුමාර

– බෞද්ධ හෘදය සාක්ෂිය අහිමි සුළු ධනේශ්වරයේ නැගීම සහ “සංවර්ධනය” නාමයෙන් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය වැනසීම උත්කෘෂ්ඨතම දේශපාලන ගැටළුව සංවිධානමය මිස සදාචාරමය නොවන්නේය,යන්න අද දෙන ලද දෙයක් වශයෙන් භාර ගැනෙන බව පෙනෙයි. කාල් පොපර්ගේ විවේචකයන් නිරීක්ෂණය කොට ඇති පරිදි,පොපර් ගේ ‘සමාජීය ඉංජිනේරුවාට’ සමාජය වැඩි දියුණු කිරීම පැවරී ඇති නමුදු,තමන් ගේ නීති ජනයාගේ හදවත මත ලිවීමේ හැකියාව ඇතැයි කියනු ලැබෙන,ශ්‍රේෂ්ඨ…